(අංජුල මහික වීරරත්න)
එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සිරිකොත දීපවාලී සැමරුම් උත්සවයේදී පැවසීය.
රටේ නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයට"එක රටක් එක නීතියක්" සඳහා ද අදාළ නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ යුතුකමක් බව කී රුවන් විජයවර්ධන මහතා ජනාධිපතිතුමාගේ නොදැනුවත්කම නැති කිරීමට දීපවාලී මංගල්‍යයේ ආලෝකය ඉවහල් වේවායි ප්‍රාර්ථනා කරන බවද පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන නීති වලට අනුකූලව පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම උත්සවය පැවැත්විණි.
(ඡායාරූප: ඩික්සන් වසන්ත)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“එක රටක් එක නීතියක්’’ හදන්න බලය ඇත්තේ පාර්ලිමේන්තුවට
fairoos Wednesday, 03 November 2021 12:45 PM
එජාපය ඉවරයි... නැගිටීමක් නැහැ...
sisira hettige Wednesday, 03 November 2021 01:26 PM
මහත්තයෝ පිස්සන් රජකරන තාක්කල් ඔය මොනවා කිව්වත් වැඩක් නැහැ.. 69 ලක්ෂයට සැපද?
BamunuarachchiThursday, 04 November 2021 07:47 PM
ඔබේ කතාව හරියට හරි... පිස්සෙක් රජකරන කාලේ තමයි බෝම්බ පුපුරවලා ශරියා නීතිය ඉල්ලුවේ. ඒ කාලේ ඔහේ ඉපදිලා හිටියේ නැද්ද?
Raveendra Wednesday, 03 November 2021 02:11 PM
දියවන්නාව මීහරක් පට්ටියේ තමන්ට බලය තිබෙන කොට එකඳු මීහරකෙක් තමන්ගේ රටට වියයුතු වැඩ කොටස, වගකීම් නොකර දැන් බලය නැතිව හිඟාකන කොට තමයි රෙද්ද කරට අරගෙන රට වෙනුවෙන් දිවිහිමියෙන් වැඩ කරන්න කෑමොර දෙන්නේ... නොදකින් මේ වගේ මීහරකුන් රැලක්...
මොට්ටපාලWednesday, 03 November 2021 05:30 PM
නිල නොලත් රාජ්‍ය ඇමති රවීන්ද්‍ර දන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ නීති හදනවා අධිකරණය නීති ක්‍රියාත්මක කරනවා කියලා... ඒකාධිපති හෝ හමුදා පාලනයක් නැති රටක ජනාධිපතිවරයාට නීති සැකසීමේ අයිතියක් නැහැ.. එහෙම තියෙද්දී පොහොට්ටුව කර තියාගෙන හිටියත් ආණ්ඩුව කරන හැම වැරැද්දම හරි කියන්න එපා...
RaveendraThursday, 04 November 2021 06:38 AM
අපගේ අදහස් වල කිසිදු තැනක මෙම රජය ගන්නා සෑම තීරණයක්ම නිවැරදි හෝ වැරදියි කියා තිබේදැයි ඔබගෙන් විමසීමට කැමැත්තෙමු. ඔබගේ නමින්ම කිසිවෙකුට තේරුම් යන්නේ ඔබට සිංහල බාෂාව තේරුම් ගැනුමට නොහැකි බුද්දීමතෙක් ලෙස නොවේද ?
RaveendraThursday, 04 November 2021 06:56 AM
මළපොතේ අකුරක්වත් නොදත් අප වැන්නන්ට...... උගත් බුද්ධිමත් "මොට්ටපාල" දුන් තනතුරට.... ස්තුති කරමින් පතනවා මේ මොට්ටපාලට..... පතනවා පට්ටියේ ලොක්කා වෙන්නට ඉක්මනට......
Hafeel Wednesday, 03 November 2021 02:14 PM
එහෙම නම් අද එක රටත් නැහැ, එක නීතියත් නැහැ කියලද කියන්නේ... දැනට තියන නීතිය ඕනෑතරම් ඇති කාටත් එක හා සමාන විදියට ක්‍රියාත්මක වෙනවා නම්... ඔයගොල්ලොත් බලයේ ඉන්නකොට අපි දැක්කා නීතිය නවපු හැටි, නඩු කල් දාපු හැටි. ඔය දෙගොල්ලන්ම රට විනාශ කළා.
සුද්දාWednesday, 03 November 2021 04:29 PM
මෙයාලගේ ජනාධිපති මාමා ඉස්සර නඩු කාරයෙක්ගේ ගෙදරට ගල් ගහන්න ඇරියා... තමුන්ගේ පිලට වාසිදායක තීන්දුවක් නොදුන්නාට. ඊට පස්සේ කිව්වා මිනිස්සුන්ට අයිතියක් තියනවා කියලා එහෙම කරන්න. ඒ වගේම ඡන්දෙ දිනුවාම පොලිසියට සුමානයක් නිවාඩු දෙනවත් කිව්වා. ඒ කාලේ මේ ළමයා පොඩි එකා නිසා දන්නේ නැතිව ඇති තිස්ස බණ්ඩාරනායක විනිසුරුතුමා ලංකාව අතහැරලා ගියේ ඒ ගල් ගස්සපු නිසා කියලා. ඔය රනිල් අයියාගෙන් ඇහුවා නම් හරි වීදුරු ගෙවල් ඇතුලේ ඉඳන් ගල් ගහන්න කලින්...
Alfread de CostaWednesday, 03 November 2021 10:00 PM
එක රටක්, එක නීතියක් කියන්නේ ඔබ කියන කතාව නෙමෙයි. ආගම් අනුව ලංකාවේ නීතිය වෙනස්... ප්‍රදේශ අනුව වෙනස්. මුස්ලිම් නීතියෙන් මුස්ලිම් අයට කාන්තාවන් 4ක් බඳින්න පුලුවන්. වෙන කිසිවෙක්ට එහෙම එකක් නෑ. මේක චාරිත්‍ර නීති ඝනයට දමා කල කපටි වැඩක්... දැන්වත් ඕවා නිවැරදි වෙන්න ඕන ලොකු ප්‍රශ්ණ ඇති වෙන්න කලින්...
විපරමා Wednesday, 03 November 2021 05:35 PM
එක රටක කොහෙද එක නීතියක් තියෙන්නේ..., දේශපාලුවන්ට එක නීතියක්, සාමාන්‍ය ජනතාවට වෙනම නීතියක්... කැකිල්ලේ නීතිය කිව්වා නම් තමා වැඩිය හොඳ.
ගමේ එකාලා Wednesday, 03 November 2021 06:13 PM
"එක රටක එක නීතියක්" හදන්න බලය ඇත්තේ පවුල් පාලනේ උදවියට මිස වෙන කාටවත් නොවේ...
Raveendra Thursday, 04 November 2021 06:43 AM
පට්ටියේ බලය තිබෙනාවිට රාගමින් හිටියාට....... ජනතාව දුන්නේ හොම්බෙන් යන්නම නොවේද.... දැන් මේ හුටු පෙරන්නේ මව්බිම හදන්නද........ ඒ බවත් නොතේරුනේ ඇයි....