(සුමිත් පොතුපිටිය)
එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
එකම අංකයෙන් ධාවනය වන මෝටර් රථ දෙකක් ඇති බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත, අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ සැලසුමකට අනුව මත මෝටර් රථ දෙහිවල මුහුදු මාවතේ සහ කැලණිය දළුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සදහා ජීප් රථ දෙහිවල පොලිසියට භාරදී තිබේ.
මෙම මෝටර් රථ දෙක අතුරින් ව්‍යාජ මෝටර් රථය කුමක්ද යන්න සොයා බැලීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, රජයේ රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිස්පති තුමාගේ උපදෙස් පරිදි මෙසේ නීතිවිරෝධී වාහන අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව සදහන් වේ.
නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන අද (13) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඇල්ල රාවණා ඇල්ල රක්ෂිතයට අද (13) කිසිවෙකු විසින් ගිනි තබා ඇති අතර සවස් වන විටත් ගින්න පැතිර යමින් තිබූ බව ඇල්ල පොලීසිය පැවැසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා විධිවිධාන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව පැහැර ගැනීම, සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරු
ලොකු අම්මා සමග ආරවුලක් ඇතිකරගෙන සාමය කඩවන අයුරින් කටයුතු කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් හා ඔහුගේ මව ඇප මත මුදා හැරීමට කොළඹ අත
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
එකම අංකයේ කාර් දෙකක් අල්ලයි