IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


එකලස් වාහන බදු මගඩියකින් රජයට කෝටි 10ක් අහිමිවෙලා

(ජේ.ඉඳුරුවගේ )

රේගු  ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

බන්ධිත ගුදම් පහසුකම යටතේ   වාහන උපාංග එකලස් කර නිපදවූ මෙම වාහන ගුදමින් මුදාහරින විට ඒවා ආනයන භාණ්ඩ සේ සළකා තීරුබදු ගණන් බැලීම හා ගෙවීම සිදුකළ යුතු වුවත් එසේ නොකර   දේශීයව සියයට 30 කට  නොඅඩු අගයක් එකතුකර නිපදවන වාහන සඳහා ලබාදෙන   සියයට 70 ක බදු සහනය කොටස් එකලස් කර නිපදවා දේශීය වෙළඳපොලට නිකුත් කර තිබූ  එම වාහන 326 නිපදවූ සමාගම් දෙකකට ලබා දීමෙන් රජයට මෙම ආදායම අහිමිවී ඇති බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මෙම වාහන වෙනුවෙන් රුපියල් 350,432,000 ක බදු මුදලක් අයකළ යුතු වුවත් රේගු නීති රීති නොසලකා අමාත්‍යවරයාගේ නිර්දේශ පමණක් සළකා  එම බදු මුදල රුපියල් 246 ,628  800 ක් දක්වා අඩුකිරීමෙන් මෙම පාඩුව රජයට සිදුවී ඇතැයි විගණන කාර්යාලය සඳහන් කරයි.



අදහස් (9)

එකලස් වාහන බදු මගඩියකින් රජයට කෝටි 10ක් අහිමිවෙලා

Nilantha Sunday, 03 November 2024 10:32 AM

ඕකට කරන්න තියෙන හොඳම දේ තමයි ලංකාවට වාහන ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම... ඊළඟට දැනට රටේ තියෙන සියලුම වාහන ප්‍රති අපනයනය කරන්න ඕනෑ... එහෙම කළාම අවුරුදු 76 ක් හිටපු පාලකයෝ කරපු දේ අවසන් කියලා කියන්න පුළුවන් ඒ සමග හිටපු පාලකයෝ හදපු සියලු මංමාවත් කර්මාන්ත ශාලා හා කර්මාන්ත පුර සියල්ලම විනාශ කරන්න ඕනෑ ඒවා හිටපු පාලකයෝ හදපු නැහැ කියන දේවල් නිසා එතකොට 1948 නිදහස ගත් කාලයේ වගේම ඉන්න පුළුවන් වේවි. ඉන් පස්සේ මාලිමාවෝ සංවර්ධනය කලේම නැහැ කියලා කයිවාරු ගැසීම හා ඒවා පිළිගත් මාලුමාමලා ඇත්ත යුක්තිය මොකක්ද කියලා තේරුම් ගනීවි. ඒත් වත්මන් මාලිමා කාරයෝ නම් පිළිගනීද කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ තරම් දුරදිග හිතන්න ඔවුන්ට කල්පනා ශක්තියක් නැහැ...!

:       14       7

බකල ජයාSunday, 03 November 2024 12:36 PM

ලොකු කල්පනා ශක්තියක් තියාගෙන Nilantha ලියලා තියෙන දේ හරිම විශිෂ්ඨ අදහසක්. ඔබ වැනි අය රටට සේවය කිරීමට අපි පාර්ලිමේන්තුව කියලා අඳුනාගෙන ඉන්න එකේ ඉන්න ඕනෑ...

:       0       8

නාමල් රාජපස්සSunday, 03 November 2024 01:16 PM

අන්න එහෙම අපිට දෙන අය ඉන්න එක මට ලොකු සතුටක්...!

:       0       2

mohan Sunday, 03 November 2024 11:59 AM

වරදකරුවන් අල්ලා ගැනීම පහසු වැඩක්, ඇයි ඔවුන්ට දඬුවම් නොදෙන්නේ?

:       0       6

de silva Sunday, 03 November 2024 01:04 PM

ඕවාට එකලස් කරපු වාහන කියන්නේ කොහොමද? ඕවා ගෙඩිය පිටින් කන්ටේනර්වල දමලා අදාල අංශවල නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව ලංකාවට ගෙනාපු වාහන, අංක වෙනස් කරලා බොහෝමයක් ඒවාට පොත් හදලා වසර ගණනාවක සිට ඔරිජිනල් නම්බර්ප්ලේට් සහිතව පාරේ ධාවනය වෙනවා... බොහෝමයක් එවැනි වාහන විකුණලා දැන් පාවිච්චි කරන්නේ 2, 3 වැනි අයිතිකරුවන්, සමහරු දන්නෙත් නැහැ මෙම වාහන හොරාට ගෙනාපු වාහන කියලා, මේවා කලේ දේශපාලකයින් පමණක් නොවේ, රේගුවේ, ආදායම් බදු සහ වෙනත් දෙපාර්තමේන්තුවල උසස් නිලධාරීන්, සමහර ව්‍යාපාරිකයින්, ප්‍රශ්නෙකට තිබෙන්නේ මේවාට සම්බන්ධ නිලධාරීන් තවමත් මේ දෙපාර්තමේන්තු පාලනය කරන නිසා මේ පිළිබඳ පරීක්ෂණ කරන්න අමරුයි...

:       0       6

ගුණරත්න Sunday, 03 November 2024 01:35 PM

හැම වාහනයක්ම සංගණනය කරලා කිව්ආර් එකක් වගේ දුන්නොත් හරි, රට පුරාම තියෙන කාර්මික විද්‍යාල පිළිගත් ගරාජ වලින් පරීක්ෂා කරන්න පුළුවන්, වාහනේ කපලා කොටලා පූට්ටු කරපු එකක්ද, එන්ජින් චැසි අංක ගැලපෙනවාද, එහෙම පරීක්ෂා කළාම නීතියට පිටින් ගෙනාපු වාහන අහු වේවි...

:       0       3

de silva Sunday, 03 November 2024 01:21 PM

මම හොඳ උදාහරණයක් දෙන්නම් 2009 වසරේ පමණ එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විපක්ෂය නියෝජනය කරන මාළු අමුවෙන් වුණත් කණ බවට ප්‍රසිද්ධ මන්ත්‍රී වරයෙකුට ජපානේ සිටින කෙනෙක් 1999 වසරේ පමණ නිෂ්පාධිත ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් එවනවා. හරි නම් පැවති නීතියට අනුව මේ ජීප් එක රාජසන්තක කරන්න ඕනේ. නමුත් මේ දේශපාලුවා විපක්ෂයේ හිටියත් මහින්ද රාජපක්ෂ සමග යටින් ඩීල් තිබෙනවා. ඔහු රාජ අනුග්‍රහය ඇතිව ජීප් එක එළියට අරන් ගරාජ් නම්බර් එකක් ගහලා පාවිච්චි කරනවා..., 2012 වසරේ දිනක මේ වාහනය රාත්‍රී 1 ට පමණ අධික වේගයෙන් තිස්ස පාරේ එනකොට මාරක අනතුරකට ලක්වෙලා පාරේ සිටි මනුස්සයෙක් මැරෙනවා. රියැදුරා ඉඳලා තිබෙන්නේ අධික ලෙස බීමතින්, වාහනය කුඩේ කුඩු, මන්ත්‍රී සහ වාහනේ ආපු පිරිස රෝහලේ, වාහනේ තිබිලා ෂොට් ගන් වර්ගයේ බලපත් නොමැති තුවක්කුවක්, ගංජා හමු වෙනවා...

:       0       5

de silva Sunday, 03 November 2024 01:30 PM

ඔහු මේ අවස්ථාවේ මේ ස්ථානයේ ආරක්ෂාව භාරව සිටින හුංගම එවකට පොලිස් ස්ථානාධිපති ව සිටින තුෂාර නමැති පොලිස් නිලධාරී මහතාගෙන් මේ පිළිබඳව විමසනවා.. මේ තුෂාර නමැති නිලධාරී මහතා යකෙකුටවත් බය නැති අරක්කු සිගරට් පානය නොකරන, පගා ගන්නේ නැති කෙලින් වැඩකරන නිලධාරියෙක්... ඔහුගෙන් මාධ්‍යවේදීන්ට කිසිම බාධාවක් සිදුවෙන්නේ නැහැ. අන්තිමට ලියාපදිංචි නොකළ, රක්ෂණ සහතික නොමැති වාහනයක් බිමත්ව අදි වේගෙන් පාරේ ධාවනය කරලා අනතුරක් කරලා මිනිහෙක් මරපු, මන්ත්‍රීට හෝ රියැදුරාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවංක පොලිස් නිලධාරියා පමණක් ඌරු බොක්ක ප්‍රදේශයට මාරු කරනවා... හොරු ආරක්ෂා නොකිරීමේ වරදට...

:       1       7

de silva Sunday, 03 November 2024 03:10 PM

අන්තිමට මේ පමණ විශාල විනාශයක් කල විපක්ෂ මන්ත්‍රී ඉස්පිරිතාලේ ඉන්න කොට ඔහු බලන්න ඉප්රිතාලේට යන්නේ එවකට කතානායක චමල් රාජපක්ෂ, මේක විශාල ඩිල් දේශපාලනයක් , හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවට කරන ආයාචනය , කරුණාකර 14 වෙනිදා ඡන්දේ දෙන කොට ඔබ මොන පක්ෂෙට කතිරේ ගැහුවත් මෙවැනි 8 සමත් ප්‍රසිද්ධ මැරයින්ට, හොරුන්ට මනාපේ ගහන්න එපා..., ඔබට කොපමණ හිතවත් වුණත්, ඔබගේ මළගෙදර ආවත්, ඔබත් එක්ක එකට කෑවා බීවත් මෙවැනි මිනිස්සු පාර්ලිමේන්තු යවන්න එපා, ඔබගේ දරුවාගේ අනාගතය මේ සියලු දෙයටම වැඩිය ලොකු බව සිතට ගන්න...

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 603 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 262 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 906 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3921 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1938 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1084 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site