IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවේ බහලුම්වලින් සියයට 80 ගින්නට බිලි

(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි තත්වය පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

නෞකාව බේරාගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව ඇතුළු පාර්ශව අඛණ්ඩ නියැලි සිටින බවත් පවතින කාලගුණ තත්වය හමුවේ නැව බේරාගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියයි.

නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බහලුම්වලින් සියයට 80 ක් පමණ ඊයේ රාත්‍රී වන විට ගින්නෙන් විනාශ වී තිබූ බවත් නෞකාව බේරා ගැනීම අවසන් උත්සාහය බවත් නාවික හමුදාව පවසයි.

 



අදහස් (15)

‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාවේ බහලුම්වලින් සියයට 80 ගින්නට බිලි

Bandara Thursday, 27 May 2021 02:03 AM

අපගේ අධිතක්සේරුව අපව අසාර්ථකවය කරා ගෙනයමින් පවතී.

:       3       18

Kooralage Thursday, 27 May 2021 02:19 AM

ඕක සම්පුර්ණයෙන්ම ගිනි ගන්නකන් රජය මොනවද කරේ.?

:       3       15

ජේ පී ආර් කරූ Thursday, 27 May 2021 03:19 AM

දැන් මේකත් නාට්‍යයක් වෙලා තියෙන්නේ. නැව් ගිනි ගන්නවා. ඒක තමයි අවදානම කියල කියන්නේ. හැබැයි අපි ගාව අවශ්‍ය සම්පත් සහ අත්දැකීම් තියෙන්න ඕන එහෙම වුනාම මැඩපවත්වල හානිය අවම කරන්න. ගියපාර ගින්න නිව්වා ඉන්දියාවේ සහය ඇතුව. ඊට පස්සේ කතා කලේ අපි තනියම කලේ වගේ.

:       1       14

කුවෛට් පොඩි එකාFriday, 28 May 2021 02:11 AM

1. වෛද්‍ය සුදර්ශනී කියනවා එන්නත ගන්න ආදාර කරන්න කියල 2. ජොන්ස්ටනුයි, අගමැතිගෙ පුතායි කියනවා ආන්ඩුවට ඇති තරම් සල්ලි තියනවා කියලා 3. පෝට් සිටී පනත සම්මත වෙනවා 4. ඊලඟට අගමැතිතුමා කියනවා මැති ඇමති වරුන්ට වාහන ඕනෙ ..වාහන ගේනවා කියලා 5. දේශපාලන නායකයන්ගෙන් සහ රටෙ මහජනතාවගෙන් විරෝදය එනවා 6. පාර්ලිමේන්තුවේ ඉන්න ටික කියනවා උන්ට වාහන ඕනෙමයි කියල 7. මහජන විරෝදය නිසා අගමැති කියනවා රටෙ ආර්තිකේ අවුල් වාහන ගේන්නෙ නෑ කියල 8. 69 ලක්ශේ හුරේ දානවා, විපක්ශෙ උන් බොරුවට කෑගහනවා අගමැතිතුමා වාහන ගේන එක නැවැත්තුවා කියලා.

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 27 May 2021 03:27 AM

මේ නැවේ නයිට්‍රික් ඇසිඩ් තිබුණා කියා පෙරදී පුවතක සඳහන් වුණා. නයිට්‍රික් ඇසිඩ් කියන්නේ අතිශයින්ම සැර අධික අම්ලයක්. සැර අධික අම්ල දෙකක් වන සල්ෆියුරික් හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිශ්‍රකොට තමයි නයිට්‍රික් අම්ලය නිපදවන්නේ. මෙසේ පැහැදිලි කලේ මේ අම්ලයේ තියෙන සැබෑ තතු පෙන්වන්නයි. මීට අමතරව තවත් විෂ රසායන මේ නැවේ තිබුණා. මේ ගින්නේ තරමට දැන් නැව බේරා ගැනීමට සිතීම බොළඳ කතාවක් නොවේද ? මේ විසිරී පැතිරී ගිය සැර රසායන විසිරුණු නැවේ දැවීගිය අට්ටාලය බේරාගත්තද, ඉන් පලක් වේද ?

:       8       10

දසුනි කුමාරසිංහThursday, 27 May 2021 07:30 AM

විද්‍යාව නොදත් අනුවණයෙකු ලෙස මේ වගේ වැරදි තොරතුරු සමාජගත කිරීම ඔබගේ නූගත් බව පුචාරය කරන්නක්, කරුණාකර නයිට්‍රික් අම්ලය පිලිබඳව ඔබ කර ඇති සාවද්‍ය ප්‍රකාශය නිවැරදි කරන්න.

:       6       6

බමුණු.Thursday, 27 May 2021 08:23 AM

කුමක් හෝ අඩුපාඩුවක් උනොත්,මිනිහෙකු කරපු ඔක්කොම හොඳ ඉවරයි.ඔබතුමිය ඒ දේ කියා දුන්නා නම්,ප්‍රශ්නේ ඉවරයිනේ.සියල්ල දන්නා අය නැහැ.නිහඬව ඉඳලා අඩුපාඩු පමණක් හොයන්න එපා.තමන් දන්නා දේ කියා දෙන්න.එතකොට තමයි අන් අය දැනුවත් වෙන්නේ.ඒ දේ කරන්න.

:       0       8

කල්පනාThursday, 27 May 2021 11:27 AM

කවුරු කියනදෙය හරිවුනත් වැරදිවුනත් නැවගිනි ගැනීමේදී වායුගොලයට එක්වූ අධික කළු දුම සමග කොතරමි විෂ කාරක ප්‍රමාණයක් අපේ වායුගෝලයට එක්වුනාද දන්නේ නැහැනේ.වත්මනේ ලෝකයම වසාගෙන නොරෝනා රෝගය පැතිරයන්නේද යම් විෂක් නිසා වියහැකිය.මෙයින්ද එවැනි තත්වයක් ඇති නොවේයැයි කිව හැක්කේ කාටද.ඒ අතරම කියන්න කැමතියි මේවනවිට අභ්‍යවකාසයේද අත්හැර දැමූ චන්ද්‍රිකාවල කොටස් මෙන්ම ඒවායේ බැටරිවැනිදේද ටොන් ගණනක් ඇතිබව මෑතකදී වාර්ථාවුනා.මේවා සියල්ලම අනාගතයේ කොරෝනා වලටත් වඩා දරුණු රෝගයක් ඇතිවෙන්න පුළුවනි කියල පාසැලකට නොගියත් මටනම් හිතෙනවා.

:       1       6

දසුනි කුමාරසිංහThursday, 27 May 2021 08:09 PM

වැරැද්ද වැරැද්දක් ලෙස දකින්න, දේශපාලකයින්ගේ වැරදිත් මෙවැනි ලෙසම සාධාරණීකරණය නොකරන්න. සියල්ල දන්නා අයුරින් සමාජය නොමග යැවීම සියලු කල්හි නොකල යුත්තකි. සිදුවූ වැරැද්ද තමාම නිවැරදි කිරීමයි වඩාත් කාලෝචිත.

:       2       0

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 27 May 2021 03:26 PM

කාර්ය බහුලත්වය හා සෑම අංශයෙන්ම පවතින පීඩනය අස්සේ පොඩි වැරදීමක් උනා. මං එය කල්පනා කළේ පසුවයි. මෙවන් වැරදි අඩුපාඩු අප විසින් මේ තීරයේ හදා ගන්නවා. ඒ වැනි උගතෙකු තමයි ඇමරිකාවේ සිටින මා මිත්‍ර විජිත්. ඒත්, දසුනි වැරැද්ද කියාදීම නෙමෙයි කළේ මට අපහාස කිරීම. දසුනි නොකළ දේ මමම නිවැරදි කරනවා. " එක්තරා අනුපාතයකට ඇමෝනියා වායුව හා වායුගෝලීය ඔක්ෂිජන් මිශ්‍රකොට, නයිට්‍රජන් මොනොක්සයිඩ් නිපදවා ගනු ලබනවා. මේ සඳහා උත්ප්‍රේරකයක් ද, භාවිතා කෙරෙනවා. මේ නයිට්‍රජන් මොනොක්සයිඩ් තව දුරටත් ඔක්ෂිජන් සමග ප්‍රතික්‍රියා කොට, නයිට්‍රජන් ඩයොක්සයිඩ් නිපදවෙනවා. එම නයිට්‍රජන් ඩයොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කොට, ‍නයිට්රික් අම්ලය නිපදවෙනවා." ස්තුතියි.

:       0       4

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 29 May 2021 01:06 AM

දසුනි කියන්නේ දේශපාලන අවතාරයක් වගෙයි පේන්නේ. ඇය නොකිව්වත්,එය නිවැරදි කරන්නයි මං හිතන් හිටියේ. ඒ අසංවර භාෂා ශෛලිය මට හොඳට හුරුයි.ඒ නිසා ඒ ගැන මට යම් වැටහීමක් ඇතිවුණා.ඇත්තටම සමාජයට ආදරේ නම්,ඒ ගැන. පහදාදෙන්න දෙන්න තිබුණා කාරුණිකව.ඒ දේ හෝ හරිහැටි නොහැකි සුළු දැනීමක් තියෙන නිසා තමයි ඉල්ලීමක් තිබියදීත්,එසේ නොකළේ.ඒ කතාවේ අරමුණ සමාජයට කරුණු කියාදීම නොවෙයි. මට පෞද්ගලිකව පහර ගැසීම.

:       0       1

appuva Thursday, 27 May 2021 03:37 AM

ඔකේ තවත් බේරන්න දෙයක් නැහැ.

:       0       8

ගගන Thursday, 27 May 2021 05:24 AM

ඉන්දියානු නැව් භාරකරුවන්ට අවම වශයෙන් 70% ක් වත් පිලිස්සෙන්නට මත්තෙන් කන්ටේනර් බහාලුම් වෙනත් නැවකට මාරු කිරීමට කටයුතු කිරීමට නොහැකි වීම පුදුම සහගතය. ශ්‍රී ලංකාවේ සාගරයට සිදු වූ විනාශය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් වන්දි ලබාගත යුතුය. ඒ මදිවට කොරෝනා ආසාදිතයින්.

:       1       8

saman Thursday, 27 May 2021 11:20 AM

සල්ෆියුරික් හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිශ්‍රකොට නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කිරීම ලොවට හදුන්වා දුන්නේ ඔබද?

:       1       6

වීරසිංහ.Thursday, 27 May 2021 02:03 PM

ලෝකයේ කෙරෙන නිෂ්පාදන ක්‍රමයක් ගැන එහි සඳහන් නැහැ නේද ? මේ පවසා ඇත්තේ රසායනාගාරයක කෙරෙනා දෙයක් විය හැකියි නේද ? අනික දසුනිට අම්ල නිෂ්පාදන වැඩක් ගැන වාද කරන්නට මෙය අවස්ථාවක් නොවේ. ඊට වඩා පරිසර විනාශයක් මේ නැව හා රසායන සිදුකලා නේද ? ඇයි ඒ ගැන යමක් ඇය නොකියන්නේ. තමන් ගැති දේශපාලන මතයට වදින නිසා නේද ? මේ අම්ල කතාව පිටින් යන්නේ ඇයගේ කෝපය නේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 1 0

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 247 0

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 381 0

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 29 485 0

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්



වැවිලි විෂයට නව නීති නවයක්
2025 අප්‍රේල් මස 29 197 0

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 11 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 11 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1048 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site