(නිමල කොඩිතුවක්කු)
කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් තල්මසුන් 07ක්, ඩොල්ෆින් 36ක් සහ කැස්බෑවන් 369ක් මියගොස් ඇති බව ඒ පිළිබඳ සිදුකළ නවතම වාර්තාවකින් තහවුරු වූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
නෞකාව විනාශවීම හේතුවෙන් එහි සුන්බුන් සහ ප්ලාස්ටික් කැබලි තවදුරටත් වෙරල තීරයට ගසාගෙන එන බවත් ඒවා ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් ඇය ස`දහන් කළාය.
මේ හේතුවෙන් ඉන් සිදුවන හානිය තවදුරටත් වැඩිවිය හැකි බවත් කෙළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පැවසුවාය.
මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සාගර පතුලේ විසිර තිඛෙන කන්ටේනර් පිළිබඳ තොරතුරු සහ විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය පිළිබඳ නැවේ භාරකාර සමාගම දුරස්ථ පාලක යොදාගනිමින් මේ දිනවල සමීක්ෂණය කරමින් තිඛෙන බවත් ඇය සදහන් කළාය.
නැවේ විසිරී ගිය කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා දේශීය සහ විදේශීය ආයතනවලට යොමුකර ඇති බවත් සභාපතිනිය පැවසුවාය.
මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මෙම මස අවසානයේදී හෝ ලබන මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
කොළඹ වරාය ආසන්නයේදී ඉකුත් මැයි 21 වනදා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්වූ අතර ජූනි 02 වනදා නෞකාව මුහුදුබත්වීම ආරම්භවී තිබුණි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ