(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට වෙරළේ දී මුහුදුබත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් , පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජෙරාන් ජෙගතිෂන් යන මහත්ම මහත්මීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගෝස්තු 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) දින නියම කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට නියම කෙරිණි.පෙත්සම කැදවූ අවස්ථාවේදී මෙම නඩුවේ නීතිපතිවරයා හැර සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර නොමැති බව අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට පෙන්වා දුන්නේය.
එහිදි ඊට පිළිතුරු දුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ පසුගිය දිනවල පැවති සංචාරණ සීමා හේතුවෙන් වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසි යැවීමට නොහැකි වූ බවය.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම අගෝස්තු 03 වැනිදාට දින නියම කළේය.
මෙම සිද්ධිය නිසා මෙරටට ලැබෙන වන්දි වලින් සියයට 70කට නොඅඩු මුදලක් සමුද්‍රීය පරිසර හානිය වැළැක්වීම සදහා පරිසර සංරක්ෂණ අරමුදලක් පිහිටුවීමට බලධාරීන්ට නියෝග කරන ලෙසද මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ එහි සභාපති දර්ශනි ලහදපුර, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.
ඉකුත් මෙරට වෙරළේදී ගිනිගැනීමෙන් පසුව මුහුදුබත් වූ ඒක්සප්රස් පර්ල් නෞකාවේ බහාලුම් 1486 ක් තිබී ඇත.ඒම බහාලුම් විවිධ වර්ගයේ රසායනියකයන් අඩංගු වී තිබිණි.ඒ අතර නයිට්‍රික් අසිඩ් , ලිහිසි තෙල් ආදියද තිබූ බවත් හෙළි වීණී.ඊට අමතරව ලැබී ඇති තොරතුරු අනුව මෙම යාත්‍රාව අවසාන මෙහෙයුමේදී රැගෙන ගිය බහාලුම් අඩකටම ලිතියම්-යකඩ බැටරි, ඊයම් ඉන්ගෝට්, තඹ, නයිට්‍රික් අම්ලය, ලිහිසි තෙල්, යූරියා, සෝඩියම් මෙතොක්සයිඩ්, ඇලුමිනියම් සැකසුම් අතුරු නිෂ්පාදන, සල්ෆර් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය 42 ක් අඩංගු විය. සමහර නොදන්නා අකාබනික ද්‍රව්‍ය මෙන්ම බහාලුම් 439 ක් (බෑග් 46,960 ක්) එල්ඩීපීඊ සහ එච්ඩීපීඊ ප්ලාස්ටික් නූඩ්ල්ස් (ප්ලේට්ස්) සහ තවද, අවශ්‍ය ඉන්ධන සහ වෙනත් තෙල් වර්ග සාමාන්‍යයෙන් නෞකාවක ගෙන යන අතර තවත් මෙට්‍රික් ටොන් 300 බන්කර් තෙල් ද මෙම බහාලුම් වල තිබිණි.
මෙම සියලු විෂ රසායනික ද්‍රව්‍ය මේවන විට මෙරට මුහුදට එක්වී ඇත.මේ හේතුවෙන් සමුර්දීය පරිසර පද්ධතියත් , කොරල් පර පද්ධතියත් විනාශයට ලක් වෙමින් පවතී.ඊට අමතරව බිලියන 70 -75ත් අතර ප්‍රමාණයක් ප්ලාස්ටික අපද්‍රව්‍යයද මුහුදට එක්වී ඇත.මෙම සියලුම අපද්‍රව්‍ය සාගර ජීවීන් ගේ ජීවිත වලට විශාල තර්ජනයක් වී ඇත.
එබැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , මෙම සිද්ධියෙන් සිදුවූ සමුද්‍රීය පරිසර හානිය වැළැක්වීම සදහා සංරක්ෂණ අරමුදලක් පිහිටුවීමට නියෝග කරන ලෙසද , එම අරමුදල සමුද්‍රීය පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවනට ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද , මෙම සිද්ධියට වගකිව යුත්තන්ට නඩු පැවරීමට නියෝග කරන ලෙසද , පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘එක්ස්ප්‍රස් පර්ල්‘ වගකිව යුක්තන්ට එරෙහි පෙත්සම සලකා බැලීමට නියම කරයි