(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් අතර ඇති වූ බහින් බස්වීමක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (10) පෙරවරුවේ ඇතිවිය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ විවාදයේ යෝජනාව තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඊට අදාලව කතා කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් යම් චෝදනාවක් කළේය. මෙහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ඊට බාධා කරමින් කතා කරන්නටවූ අතර දෙදෙනා අතර මෙම උණුසුම් සංවාදය ඇති වූයේ ඒ අවස්ථාවේදීය.
මෙහිදී තුෂාර ඉඳුනිල් දෙසට හැරුණු අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"මේක පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් නොවෙයි. නීති හදන්න ආවා නම් පොයින්ට් ඔෆ් ඕඩර් ( රීති ප්‍රශ්න) දැනගෙන ඉන්න ඕන. ඔයා පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ ඉගෙන ගන්න."
(විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට බාධා කරමින් දිගින් දිගටම කෑ ගසති)
විජයදාස රාජපක්ෂ මහතා(වේගවත් හඬින්)
බොරුවට සද්දේ දාලා මගේ හඬ නවත්තන්න බැහැ. එක එක අය මෙතන බිරුවට මම මගේ කතාව නවත්වන්නේ නැහැ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
අධිකරණ ඇමතිතුමා රීති ප්‍රශ්නයක් මතු කරලා තමයි කතා කරන්නේ. ඒ රීති ප්‍රශ්නය ඉවර වුණාට පස්සේ ඔයාලගේ රීති ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. එතකම් වාඩිවෙලා ඉන්න
තුෂාර ඉඳුනිල් මහතා:
විජේදාස රාජපක්ෂ මහත්තයා ම තමයි මේ සිද්ධිය ගැන ආන්දෝලනයක් ඇති කළේ. බිලියන ගණනක ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා කියලා ප්‍රකාශ කරමින්. ඒ ප්‍රකාශය නිසා රටට විශාල අපකීර්තියක් ඇති වුණා. නම් ගම් සහිතව ලිපින සහිතව කිව්වේ. එදා එතුමා එහෙම කියනවා. අද කියනවා ඒව කතා කරන්න එපා කියලා. මොකක්ද මේ හතර බීරි කතාව.
විජයදාස රාජපක්ෂ මහතා;
විවාදයට යනවද නැද්ද කියලා ඔබතුමා තීන්දුවක් දෙන්න. ඔය ඩොලර් මිලියන දෙසිය පනහේ කතාව කිව්වේ ඔබතුමාලගේ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම. මමයි සිද්ධිය ගැන සී.අයි.ඩී එකට පැමිණිලි කළේ. ඔබතුමා ඒකද මේ අනිත් පැත්ත හරවන්න හදන්නේ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’එක්ස්ප්‍රස් පර්ල්’’ විවාදයේදී විජයදාස-තුෂාර හැප්පෙති