(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ සිරංගිකා ලොකුකරවිට)
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යබෙර්ට්‍රම් ද සිල්වා මහතා පැවසීය.
මෙම දෙදෙනා අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.
මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ සංචාරක හෝටලයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද හෝටල් පාර්ශවයෙන් සාර්ථක ප්‍රතිචාර නොදැක්විණි.
ආසාදිත සේවකයින් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම සේවකයන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.
හෝටල් පරිපාලනය සඳහන් කරන්නේ මෙලෙස වයිරසය ආසාදනය වී ඇති සේවකයන් දෙදෙනා කිසිම අවස්ථාවක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ බවයි.
එංගලන්ත ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා හේතුවෙන් ක්‍රීඩා පිටියේ සේවය සඳහා දෛනිකව පිටත්ව යන හෝටල් සේවකයන් 10 දෙනකුට තරග ආරම්භයට පෙර පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර ඔවුන්ට කොරෝනා ආසාදනය වී තිබුණේ නැති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලීට ආසාදනය වී තිබුණේ කොරෝනා වයිරසයේ වඩාත් වේගයෙන් පැතිරෙන බවට හඳුනාගත් එංගලන්ත නව ප්‍රබේදය බව පසුගිය 13 වැනි දා සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබිණි.
කෙසේ වුවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පසුව ප්‍රකාශ කළේ එංගලන්ත ක්‍රීඩකයාගෙන් මෙරට කිසිවකුට නව ප්‍රබේධය වැළඳී නොමැති බවයි.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එංගලන්ත ක්‍රීඩකයන් සිටින හෝටලේ දෙදෙනකුට කොරෝනා
Susanyhi Friday, 15 January 2021 07:33 AM
මේ කොරෝනා අස්සේ මොන ක්‍රිකට්ද? එංගලන්තයේ හැමතැනම කොරෝනා.
අතුල සෞදි Friday, 15 January 2021 10:11 AM
මේ අර එංගලන්ත ප්‍රේක්ෂකයාට මැච් එක බලන්න දුන්නෑ කියලා වැලපුණු අය නේද? හොඳයි සංචාරකයෝ ප්‍රවර්ධනය කරන විදිය...
Nimal priyantha Friday, 15 January 2021 04:03 PM
ඉතාම දුර්වල භාෂා හැසිරවීමක්. නවීන ලෝකයේ රැකියාවල ස්වභාවය නොදන්නෙක්...