IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


එජාප 75 වන සංවත්සරය පස් වැනි දා සිරිකොතදි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය සැප්තැම්බර් 5 වැනිදා සවස 5ට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙයි.

සැප්තැම්බර් 6 වැනිදා පක්ෂයේ 75 වන සංවත්සරය යෙදෙන අතර ඒ නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධාන කරයි.

පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය ෆේස්බුක්,සූම් ,යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

"ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්" යන්න මෙවර එජාප සංවත්සරයේ තේමාවයි.

එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ අාදි නායකයන් වන ඩඩ්ලි සේනානයක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්.ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මහත්වරුන් සිහිපත් කිරීමෙන් අනතුරුව වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරමින් සංවත්සර උත්සවය ඇමතීමට නියමිතව ඇත.

“ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව, දැනුමේ ආරක්ෂාව යන සිව් වැදෑරුම් කරුණු පදනම් කරගෙන රට ගොඩනගන ජාතික සැලැස්ම රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එළිදක්වන බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සඳහන් කරයි.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන ,උපනායක අකිල විරාජ් කාරියවසම්,මහත්වරු ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මෙම අවස්ථාවට සහභාගී වෙති.

 



අදහස් (3)

එජාප 75 වන සංවත්සරය පස් වැනි දා සිරිකොතදි

chandima Wednesday, 01 September 2021 11:27 PM

බුරියානි දුන්නත් මොකද මහ වියදමක් යන වැඩක් නෙවෙයිනේ.?

:       5       9

NM Thursday, 02 September 2021 06:46 AM

මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මුලිකත්වයෙන් සියලු ජාතින් එක්ව බිහිකළ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමු

:       3       2

ජනශ්‍රී Thursday, 02 September 2021 11:57 AM

දැන් ඉතින් තනි අලියා ගාණයි. මොනවා කරන්නද? එක්කෙනෙක්ගේ බල ලෝභකමට...

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග
2024 නොවැම්බර් මස 08 97 0

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල


අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 344 0

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 174 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 110 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 845 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 549 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 87 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 462 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1437 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site