IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


එජාප නායකත්වයට ගම්පහින් රුවන් ඉල්ලයි


(තිලකරත්න දිසානායක)

එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කර, 2025දී රාජ්‍ය බලය ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව බියගම ප්‍රාදේශීය මභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය අද(2) ගම්පහදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී   ප්‍රසන්න සම්පත් මහතා මේ බව සඳහන් කළේය.

"එක්සත් ජාතික පක්ෂයට මෙය ඉතාම වැදගත් මොහොතක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ 1946 වර්ෂයේදී අරඹන ලද පක්ෂයක්. මේ පක්ෂය 74 වන සංවත්සරය සමරන මොහොත වන විට පසුගිය මැතිවරණයේදී විශාල අර්බුදයක්ට මුහුණ දුන්නා. මේ අර්බුද අවස්ථාවේ පක්ෂය ආරක්ෂා කරන්න, ප්‍රාදේශීය වශයෙන් ජනතාව ඇවිල්ලා ගම් මට්ටමින් ඉල්ලීමක් කරනවා පක්ෂය ගොඩනැගීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි කියලා.  අපේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදය වශයෙන් අපට තරුණ නායකයෙක් අවශ්‍ය වන බව.

මේ පක්ෂයට ගරුත්වයක් ලබා දෙන, තරුණයන්ගේ හඬට සවන් දෙන, අපේ පක්ෂයට විශාල කාර්යභාරයක් කරපු දක්ෂ නායකයත්වයක් තමයි මේ රටේ තරුණ පරපුර ඉල්ලා සිටින්නේ. එවන් චරිතයක් තමා රුවන් විජයවර්ධන මහතා කියන්නේ. රුවන් විජයවර්ධන මහතා දේශපාලන ක්ෂේත්‍රයේ, අපේ එක්සත් ජාතික පක්ෂයට විශාල කාර්යභාරයක් කරන ඉතා දක්ෂ මෙන්ම කිසිවෙකුටත් එපා නොවූ චරිතයක්. 

අපි තීන්දුවක් ගත්තා ගම්පහ දිස්ත්‍රික්කය වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය වශයෙන් සාකච්ඡා පවත්වලා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සැමගෙන් මේ පක්ෂයේ නායකත්වය තෝරන මේ අවස්ථාවේ තාවකාලික පැලැස්තර විසඳුමක් නොමැතිව ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස. නැතිනම් වසර දෙක තුනකදී යළිත් ප්‍රශ්න ගැටලු ඇති විය හැකියි.

අපි කියා සිටින්නේ මීළඟ දශකය තුළ මේ පක්ෂයට තරුණ නායකත්වයක් අවශ්‍ය බවයි. දැනට අප පක්ෂය තුළ ප්‍රබලම තරුණ පිරිස අතර සිටින ප්‍රබලම චරිතය තමයි රුවන් විජයවර්ධන කියන්නේ.  අපේ රටේ තරුණයින් ඒ මහතාව ඉල්ලා සිටිනවා. මල්වතු අස්ගිරි මහ නායකවහන්සේලා මෙතුමා ගැන කතා කරනවා. මෙතුමා අපේ රටේ හොඳ බෞද්ධ නායකයෙක්. කැලණි විහාරස්ථානයට විශාල කාර්යභාරයක් කළ පරම්පරාවක තරුණ නායකයෙක්. අපි විශේයෙන්ම රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා, ඔබතුමන්ලා මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ. පක්ෂයට විශාල කාර්යභාරයක් කරපු නායකයෝ. මේ වගේ පරිණත නායකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ තවත් කල් නොයවා පක්ෂයේ නායකත්වය රුවන් විජයවර්ධන මහතාට ලබා දෙන ලෙසයි. රුවන් විජයවර්ධන මහතා පත් කොට 2025දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි" යැයිද බියගම ප්‍රාදේශීය මභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා පැවසීය.



අදහස් (7)

එජාප නායකත්වයට ගම්පහින් රුවන් ඉල්ලයි

Saththaya Wednesday, 02 September 2020 01:22 PM

දැන් හොඳම වෙලාව, වැදගත් මහත්තයෙක්, හොඳ සමාජ සේවකයෙක්... මේ පැරණි පක්ෂයට නායකත්වය දෙන්න තෝරා ගැනීම... සියලු ක්‍රියාකාරීන් වැදගත්, උගත් අය වුණොත් අනාගතය සුබ වෙයි.. රටට යහපතක් වෙයි.

:       20       2

Bandara Wednesday, 02 September 2020 02:09 PM

ගතයුතු සුදුසුම තීරණය මෙයයි. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය ආරක්ෂා කළ හැකි, දක්ෂ, වැදගත්, උගත්, නිහතමානී හා ඉවසිලිවන්ත පුද්ගලයෙක් නායකත්වය ගතයුතුයි.

:       6       1

Lelwala Wednesday, 02 September 2020 03:12 PM

විශිෂ්ඨ තේරීමක්.. සුබපැතුම්..!!!

:       5       0

kapila Wednesday, 02 September 2020 04:13 PM

ඔය දැන් තියෙන එක ආසනෙත් නැතිවෙන වැඩක් ඕක...

:       0       0

Kamal Koyrala Wednesday, 02 September 2020 04:47 PM

එකම සුදුස්සා කරු ජයසූරිය.. මේ නඩයම තමයි ගම්පහින් නිළියක් වත් යැව්වේ.. දැන් ආයෙමත් කල්ලිවාදය පටන් අරන්..

:       0       0

Bamunuarachchi Thursday, 03 September 2020 02:43 AM

හා හා ගම්පහින් ඉල්ලන්නේ හරිම ෂෝක්...

:       0       0

BamunuarachchiSaturday, 05 September 2020 07:25 AM

ගම්පහින් පබා ආවා.. චතුර සේනාරත්න ආවා. රංජන් ආවා. ගම්පහ තේරීම විශිෂ්ඨයි. අනර්ඝයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1089 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1935 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 655 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1800 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 937 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4024 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site