(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉකුත් මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කළ කිරීම නිසා සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 38ක් ගොනු කල පෙත්සම්වලට සම්බන්ධ වගඋත්තර කරුවනට නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.
එම පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගෙන මෙම පෙත්සම් ඉවත දමා ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් මෙම නියෝගය ප්‍රකාශ කළහ .
ගම්පොළ නගර සභාවේ මන්ත්‍රී අනුර ශාන්ත කුමාර, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු පලාත් පාලන නියෝජිතයන් තිස් අටදෙනෙකු විසින් මේ පෙත්සම ගොනු කර තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.
ඉකුත් මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සමගි ජන බලවේගයට තමන් සහාය පළ කළ අතර ඒ හේතුවෙන් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටියහ.
කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව තමන් පක්ෂයෙන් නෙරපීම නීතිවිරෝධී බව පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.
එබැවින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කර මෙම පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබුණි.
එසේම සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස සහ සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම වලක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මගින් ඉල්ලා තිබුණි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාප පළාත් පාලන නියෝජිතයින් ගොනු කළ පෙත්සම ඉවතට