IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව පක්ෂයේ සෙසු කණ්ඩායම් සමග මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ හැකි බවට දැනුම් දී ඇතත් එක්සත් ජාතික පක්ෂයෙන් එයට යහපත් ප්‍රතිචාර ලැබී නැතැයිද මහලේකම්වරයා සඳහන් කළේය.

එමෙන්ම දූෂණ චෝදනා ලැබූ පිරිසක් එහි සිටින බැවින් ඔවුන් සමඟ සන්ධාන ගතවීම ගැටලුවක් වී ඇතැයි ද ඔහු කීවේය.

මේ හේතුවෙන් කොන්දේසි සපුරන කරන තෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කරන සාකච්ඡා තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කර ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බවත් ඔහු පැවසීය.



අදහස් (13)

එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ

SARATH Monday, 30 September 2024 02:51 PM

මොකක්ද උන්නැහේ ඔහෙලගේ තියෙන අමුතු ප්‍රතිපත්ති . කොහොම හරි සජිත්ට ජනාධිපති වීමයි ඔහෙට අගමැති විමයිද ප්‍රතිපත්තිය ? ඒවා මේ කපේදී වෙන්නේ නැහැ . ඔය මෝඩ සජියගේ උද්දච්චකම නොතිබුනානම් මිනිහ අපුරුවට ඊළඟ චන්දෙදි අගමැති වෙලා ඉන් පසු අවස්ථාවේදී ජනාධිපති වෙන්න තිබුන . ඊළඟ චන්දෙදි ඔහෙලට විපක්ෂ නායක කැමති නැති වෙනවා . එතකොට ඔහෙලගෙ අමාරුව හොඳ වේවි .

:       21       69

duplicate ralahami Monday, 30 September 2024 02:59 PM

ඉතා හොඳ තීරණයක්...! දූෂිතයින් සමග එකතු වෙන්න නම් එපා. ජනතාව ඉන්නේ ඉතාම වේදනාවකින්.... දූෂිතයන් මේ රටට කරපු විනාශයට...

:       11       29

යෝගා Monday, 30 September 2024 03:00 PM

සජිත්ට තියෙන්නේ එසේ මෙසේ මොලේ අමාරුවක් නෙමෙයි. විපක්ෂ නායකකමට කිසිසේත්ම සුදුසු නෑ.

:       8       38

Surain Monday, 30 September 2024 03:04 PM

මම නම් කියන්නේ දූෂිතයින් එක්ක සකච්ඡා කිරීමත් අනුවණ වැඩකි... ජනතාව ඉන්නේ ඉතාම ලොකු කලකිරිම් වලින් දූෂිතයින් හා තක්කඩියන් මේ රටට කර ඇති විනාෂයන් නිසා...! ඔබලා ජනතාව ගැන විශ්වාසය තියන්නේ දූෂිත දේශපාලන පක්ෂ කෙරෙහි නෙමෙයි...

:       9       18

Lalla Monday, 30 September 2024 03:09 PM

ෂ්‍රයින් න්‍යාය අතහැර පළමුව කොන්දේසි අඩුකර සංධානගත වී රජයක් පිහිටුවීමට උත්සාහ කරන්න. ආත්මාර්ථය පමණක්ම බලාගෙන ජනතාව ඉදිරියට පැමිණ පච වෙන්න එපා.

:       10       17

පොඩි හාමිනේ Monday, 30 September 2024 03:19 PM

ඔයලා විස්වාස කරන්නෙ ඡන්දය දෙන ජනතාවද එහෙමත් නත්නම් වන්චා දුෂණ වලට සම්බන්ධ වුණු පක්ෂවල ඉන්න අයද ? කෙලින් තිරණ ගන්න බැරිනම් ඡන්දෙ ඉල්ලන්න එන්න එපා

:       0       0

Gunendra Monday, 30 September 2024 03:27 PM

මෙයා හිතන් ඉන්නේ සජබෙ ඉන්නේ සුපිරි කට්ටියක් කියලා. කරුණාකරලා නායකයාගේ ඉදලා පහළට එකිනෙකා පිළිබඳව වෙන වෙනම තොරතුරු විමසන්න, එතකොට පෙනේවි පිරිසිදුකම

:       7       39

Prabha Monday, 30 September 2024 04:06 PM

දූෂිතයෝ එක්ක එකතු වෙන්න එපා කියන්නේ සජිතුත් සංස්කෘතික අරමුදල් කොල්ලකාපු දූෂිතයෙක්නේ

:       4       30

විජිත් Monday, 30 September 2024 04:15 PM

මද්දුම බන්ඩෝ , ඔයගොල්ලෝ එකතුවෙලා ආවත් ,බෙදිලා ආවත් ජනතාවට ප්‍රශ්නයක් නැහැ.මේ මහා මැතිවරණයේදී ජනාධිපතිවරනයටත් වඩා අති විශාල ජනතාවක් මාලිමාවට චන්දය දෙනවා. අනිවාර්යයෙන්ම 5/6 ආසන ප්‍රමාණයක් ගන්නවා. මුළු රටම දැන් සුදානම් වෙන්නේ ජේ ආර් ජයවර්ධන කියන මුසල කාලකන්නි මිනීමරුවාගේ වියවස්තාව වෙනස් කිරීමටයි. මේ රටට ශාපය ගෙනාව ජේ ආර්ගේ වියවස්තාව වෙනස්වෙනවා , ජනතා හිතකාමී ,රටට වාසනාව උදාකරන , ජනතාවගේ වියවස්තාවක් ළඟදීම.

:       16       23

විපරමා Monday, 30 September 2024 04:15 PM

නමින් සමගි ජනබලවේගය උනාට නැත්තෙත් ඒකමයි. දූෂිතයෝ කිට්ටු කරගත්තු ,කොන්ද පණ නැති නායකයෙක් ඉන්න පක්ෂෙකට කවුද හේත්තු වෙන්ඩ කැමති ?

:       2       29

ත්‍රස්ත මාෂල් Monday, 30 September 2024 10:42 PM

ඔය කෙනා මුල ඉදලම කකුලෙන් ඇද්දේ එජාපෙ නායකත්වය ගන්න . යහපාලනය කුමන්ත්‍රණය කරලා පැරද්දුවෙත් මේ කෙනාමයි . දැන් මොනවා වුනත් මේ දුශිතයව ලං කරගත්තොත් වෙන්නේ මහා විනාශයක් . රටට කොඩිවිනයක් . දින්නේ නැති වුනත් මේ රෑ ඉස්කෝලේ කාරයාව නම් ලං කරගන්න එපා කව්රුත් , දෙවියන්ගේ නාමෙන් .

:       0       0

සෙනෙවිරත්න Tuesday, 01 October 2024 05:44 AM

රනිල්ගෙන් බාර් පර්මිට් ලබාගෙන සජිත්ට වැඩ කිරීමද ප්‍රතිපත්තිය? රටේ ජනතාව රවටල යටින් ⁣රනිල් සමඟ ඩීල් දමමින් අනුර රනිල් ඩීල් එකක් ගැන කියවනවා. මොනරාගලදී මෙයා අගමැති , මහනුවරදි කිරිඇල්ල අගමැති, එහෙමයි පළාත්වල ඡන්දෙ ගත්තේ. රටේ වාසනාවට මෙයාලා දිනුවේ නැත්තේ.

:       0       0

karu Tuesday, 01 October 2024 08:10 AM

මහින්ද/ ගෝඨාභය/ ෆොන්සේකා/ ෂවේන්ද්‍ර/ කමල්/විමල්/ විජේවීර/ සෝමවංශ වැනි බොහෝ ශ්‍රි ලාංකිකයන්ගේ නායකයන්/ වීරයන් වූ අයට අද ලංකාවේ හෝ ජාත්‍යන්තරයේ විශේෂ පිළිගැනීමක් නැත. එහෙත් රනිල්ට ලාංකිකයන්ගේ කෙසේවෙතත් ජාත්‍යන්තර පිළිගැනීමක් තවමත් තිබේ. සජිත් ඒ පිළිබදව ගැඹුරැවෙන් නොසැළකුවහොත් ඔහුද ඉක්මනින් මැකී යනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2240 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 651 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1111 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 969 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 704 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2149 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site