(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ තරුණ දේශපාලඥයින්ගේ කීර්තිනාමයට හානි කරන දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අද (19) පැවසීය.
පක්ෂයක් ලෙස ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීවේය.
‘‘ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍යවල මේ දිනවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්ව තිබෙන්නේ සුජිව සේනසිංහ මහතා සම්බන්ධ ප‍්‍රවෘත්තියයි. අපෙනුත් මේ ගැන යම් යම් අය අහනවා. මම දන්න සුජීව සේනසිංහනම් මේ වගේ මෝඩයෙක් නෙමෙයි කියලා මම නම් ඒ අයට කිව්වා.
මේ වගේ ලොකු ආයෝජනයක් ගේනවිට ඒ ආයෝජකයන් තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්නවා. ඒ නිසා මේ චෝදනා නගපු සමාගම ගැන හොයන්න කියලා අපි ඉතාලි තානාපති කාර්යාලයට ලියනවා.
මේ චෝදනාව නගන සමාගම යූරෝ බිලියන 05ක ආයෝජනයක් ගේනවලූ. එහෙම ආයෝජනයක් ගේන සමාගමේ කාර්යාලයට වඩා මගේ බදුල්ලේ මැතිවරණ කාර්යාලය ලොකුයි. මේක පට්ටපල් බොරුවක් කියලා ඕනම අයෙකුට තේරෙනවා.
මේක එතුමන්ට එරෙහිව හිතා මතා ගහන මඩ ප‍්‍රචාරයක් කියලා පැහැදිලි වෙනවා. මේක කතා කරන්න තරම්වත් දෙයක් නෙමෙයි. නමුත් සේනසිංහ මහතා කිව්වා වගේ මේක මානසික වදයක්. තමනගේ දෙමව්පියන්ට, තමන්ගේ නමට මේකෙන් විශාල කැළලක් වනවා.
ඡායාරූප - ගයාන් අමරසේකර
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘එජාපයේ තරුණ දේශපාලඥයන්ගේ කීර්තිනාමයට හානි කරන හස්තයක් ගෙනයනවා’