IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


’එජාපයේ මීළඟ නායකයා තෝරන්න රහස් ඡන්දයක් ඕනෑ’


(රංජිත් රාජපක්ෂ)                       
 

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා තෝරාගැනීම රහස් ඡන්දයකින් සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවීන් දිසානායක මහතා පැවසීය.
 
නවීන් දිසානායක මහතා ඒ බව කියාසිටියේ අද(22) මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිණි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේ කියාසිටියේය.
 
“පක්ෂ නායකත්වය තෝරන්නේ රහස් ජන්දයකින්, රහස් ඡන්දයක් කියන්නේ පොරයක් තමයි. ප්‍රජාතන්ත්‍රවාදිව සිදු වන දෙයක්. පක්ෂයේ ව්‍යවස්ථාන අනුව පක්ෂය කඩන්නේ නැතුව තමයි එක් සිදුවෙන්නේ.
 
2011 දි සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා  වුණේ රහස් ඡන්දයකින්. බැඳුම්කරය ගැන යළි කරලියට රැගෙන ඒම දේශපාලන මඩ ගැසීමක්, බැඳුම්කරය ගැන වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා, වැරදි කරුවන්ට නිතිමය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය.
 
බුවනෙකබාහු රජු සමයේ ඉදි කළ රාජ සභාව කඩා දැමීම සම්පුර්ණයෙන්ම වැරදි දෙයක් , ඒ ගැන පරීක්ෂණයක් පවත්වලා නගරාධිපතිව අත්අඩංගුවට ගන්න අවශ්‍යයි” යැයිද කීය.



අදහස් (17)

’එජාපයේ මීළඟ නායකයා තෝරන්න රහස් ඡන්දයක් ඕනෑ’

Kolitha Wednesday, 22 July 2020 11:40 AM

මාමයි බෑනයි ගේමට බැහැල වගේ...

:       0       59

BamunuarachchiFriday, 24 July 2020 12:11 AM

මේ මාමාගේ බෑනාගේ වැඩක් නෙමේ. මේක අර එජාප එකේ අනාගත නායක කම ගන්න බැරිවෙන නිසා අගමැති වෙන්න හීන මවන කොළඹ ඡන්දෙට එන හාදයගේ කොන්ත්‍රාත්තුවක් නවීන් කරනවා කියලා පෙනෙන්නේ නැතිද ?

:       0       0

lalantha rathnayaka Wednesday, 22 July 2020 11:40 AM

එජාපයේ මීළඟ නායකයා තෝරන්න මෙච්චර කෙදිරි ගාන්න ඕන නැහැ.

:       1       11

de silva Wednesday, 22 July 2020 11:59 AM

පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දය පක්ෂ නායකයා තෝරා ගත්තනම් හරි නේද.?

:       0       10

kamal Wednesday, 22 July 2020 12:26 PM

කාට රහසින්ද ඡන්දේ තියන්න ඕන.

:       0       5

Dasa P Wednesday, 22 July 2020 01:08 PM

පාස්කු දා ප්‍රහාරයෙන් පස්සේ මෙයාලා පාර්ලිමේන්තුවේ දාපු හිනාව තාම මතකයි.

:       0       21

de silva Wednesday, 22 July 2020 01:27 PM

මොකද රනිල් හොඳ නැද්ද.?

:       0       2

Dhammika perera Wednesday, 22 July 2020 02:41 PM

ඉස්සෙල්ලා ඡන්දෙ කරලා ඉන්න. එකෙන් තමන්ගේ නායකත්වය ගැන හැකියාව පෙන්නලා ඉන්න. නායකයෝ පත්කරන්න බෑ. නායකයෝ බිහිවෙන්නේ ජනතාව අතරින්, අවස්ථාව අනුව. නායකයෝ කියන්නේ අවස්ථාවාදීන්ට නෙමෙයි.

:       0       16

Nimal Wednesday, 22 July 2020 04:10 PM

සීතල යුද්ධය කරලියටම ඇවිත් වගෙයි.

:       0       6

chandima Wednesday, 22 July 2020 05:27 PM

රහස් ඡන්දේ ගන්න යන්නේ දැන් ඉන්න නායකයා විසින් පත් කරපු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ද.?

:       0       7

MD Wednesday, 22 July 2020 06:01 PM

මේ ඇවිල්ලා කථාකරගත් පරිදි කරන රංගනයක්. සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක් කිව්වොත් වඩාත් නිවැරදියි. අහෝ නවීන් නලුකමට හොඳට ගෙවනවා ඇති නේද?

:       0       8

liyanage Wednesday, 22 July 2020 09:20 PM

නවීන් මේ පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා පත් කරන මැතිවරණය නොවේ. මීළඟ නායකයා පත්වන්නේ තව වසර 3 කට පසුවයි. එතෙක් ඔබට පක්ෂයේ කටයුතු කරගෙන යාමට නොහැකි නම් ඔබත් සජිත් සමග එක්වන්න. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට පළමු සුදුසුකම පක්ෂය හැර නොගිය පුද්ගයලකු වීම වේ. එමනිසා මොනම ආකාරයේ ඡන්දයක් පැවැත් වුවද ඔබ එ් සඳහා ඉදිරිපත්වීමට මේ වනවිටත් නුසුදුසු බවට ඔබ පත්ව ඇත. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඔබ හැර ඕනෑතරම් තරුණ නායකයන් සිටියි. මෙවැනි තනතුරු ඉල්ලා නහයෙන් හඬන බේබිලා නායකත්වයට සුදුසු නැත. මැතිවරණ වේදිකාවලදී ඔබ කියා සිටිය යුතුවන්නේ, මාකට් කළයුතු වන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති වුවත් ඔබ පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ නායකත්වයට පොඩි තල්ලුවකි. මේ ආකාරයට ඔබගේ හැසිරීමට පවත්වාගෙන ගියහොත් ඔබට නායකත්වයට තල්ලුවක් කෙසේ වෙතත් පර්ක්ෂිකයා ඔබව පක්ෂයෙන් එලියටම තල්ලු කරනු සිකුරුයි.

:       0       32

Buddika Thursday, 23 July 2020 12:28 AM

ඔබට එරෙහිව විනය ක්‍රියාමාර්ග තියාවි. එකයි යුඑන්පී ක්‍රමය.

:       6       8

Perera Thursday, 23 July 2020 12:28 AM

රහස් ඡන්ද තිබ්බට අන්තිමට වෙන්නේ නායකයාගේ කැමැත්ත අනුව පත්වෙන එක. බලන් ඉඳලා වැඩක් වෙන්නේ නැහැ.

:       0       12

දුටුගැමුණු Thursday, 23 July 2020 03:06 AM

මුදලට විකිනෙන ඡන්දයට කියන තවත් නමකි "රහස් ඡන්දය".

:       1       8

mohomed Thursday, 23 July 2020 03:34 AM

මෙයාට තියෙන අයිතිය මොකක්ද, මෙයා පක්ෂය දාලා ගියපු කෙනෙක්.

:       0       17

de silva Thursday, 23 July 2020 06:17 AM

මොකද රනිල් හොඳ නැද්ද? මහින්ද මහත්මයට කියන්න.. එතුමා හොඳ කෙනෙකු තෝරලා දේවි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 345 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1230 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 906 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1503 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1336 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1618 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 935 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 411 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 561 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site