IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


එතෙර ලොකු ආයෝජකයන්ට ලොකු සහානයක් දෙන්න යයි

ඇමෙරිකානු ඩොලර් මිලියන 50 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16) කට වැඩි ආයෝජන ව්‍යාපෘති ගෙන එන දෙස් විදෙස් ආයෝජකයන්ට අවුරුදු දෙකක බදු විරාමයක් ලබා දීමටත් තීරු බදු රහිතව වාහන ගෙන්වීමටත් අවස්ථාව ලබා දීමටත් රජය සළකා බලමින් සිටි. 

මෙම යෝජනාව 2024 අයවැයටත් ඇතුලත් වනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශාල ආයෝජන ව්‍යාපෘති ගෙන එන දෙස් විදෙස් ආයෝජකයන්ට ඔවුන් කැමති වර්ගයේ මෝටර් රථ තීරු බදු රහිතව ගෙන්වීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එක් ආයෝජන ව්‍යාපෘතියකට තීරු බදු රහිතව ගෙන්වීමට අවසර ලැබෙන්නේ එක් වාහනයක් පමණක් බවත් මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

තවත් 2024 අයවැය යෝජනාවකින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් 100 කට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කරනු ඇති බවත් ඔවුන්ටද තීරු බදු රහිතව වාහන ගෙන් වීමට අවසර ලැබෙනු ඇති බවත් මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇත.නමුත් තොරතුරු තාක්ෂණ සමාගම් වලට තීරු බදු රහිතව ගෙන්විය හැක්කේ විද්‍යුත් මෝටර් රථ පමණක් යැයිද මහා භාණ්ඩාගාරය පවසා තිබේ.

විශාල ආයෝජකයන්ට සහ තොරතුරු තාක්ෂණ සමාගම්වලට තීරු බදු රහිතව වාහන ගෙන්වීමේ අවසර ලබා දීම සහ වසර දෙකක බදු විරාමයක් ලබා දීම පිළිබඳ යෝජනාවන් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා තහවුරු කර තිබේ.එසේම 2024 අයවැය මගින් නව ආයෝජන ප්‍රවර්ධන කාලප ඇතිකිරීමටද රජය බලාපොරොත්තු වන බව එම මහතා පෙන්වා දී ඇත.

මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවත් අමුණුගම මහතා පවසා තිබේ.

 



අදහස් (5)

එතෙර ලොකු ආයෝජකයන්ට ලොකු සහානයක් දෙන්න යයි

chandima Sunday, 24 September 2023 04:37 PM

ඔය කලාප පිහිටුවීමෙන් මුළු රටම දියුණු වෙන්නේ නැහැ. එක් ප්‍රෙද්ශයක පමණක් මාර්ග තදබදය.., ඇතුළු බොහෝ දේවල් ඇති වෙනවා. ඒ වගේම රටේ දුෂ්කර ප්‍රෙද්ශ අත්හැර දමනවා. තොරතුරු තාක්ෂණය රටේ ඉන්නෙම අස්සක්, මුල්ලක් වුණත් ආරම්භ කළ හැකියි. මුළු රටම ආයෝජන කලාපයක් කරන්න. මුළු රටටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදෙන්න.

:       5       4

Bamunuarachchi Sunday, 24 September 2023 10:57 PM

එතර ආයෝජකයින් ජෙප්පෝ සිටිනතුරු ලංකාව ඒවිද? 1989 ජෙප්පෝ කිව්වා අපිට විදෙශික ආයෝජකයෝ, කර්මාන්ත කරුවෝ, ව්‍යාපාරිකයෝ එපා කියලා. මම දන්නා ප්‍රසිද්ද විදෙස් සමාගමක සභාප්තිට ඔලුවට වෙඩිතියල මැරුවේ. එහෙම කාලකන්නි බලය ඉල්ලන රටක ආයෝජනයට විදෙශිකයෝ ඒවිද? අපේ කරුමෙට ජෙප්පෝ බලයට ආවොත් ඔවුනට නැවත අකුලාගෙන යන්න වේවි. අපි ඈත ඉඳන් බලන් ඉන්නේ ජෙප්පෝ දෑකැත්තෙන් මිටියෙන් රට හදන්න යන හැටි. ටින්කරින් අනුර ගෙන් පෙන්ටින් ටිං ටිං ගෙන්.

:       0       1

සල්ලි Monday, 25 September 2023 07:26 AM

ලොරි, බස් ටික සීට් ගාණට මිනිස්සු දාලා හරි වේලාවට දුවන්න.. ඩොලර් මිලියන 2,000කට වඩා ඉතුරු වෙයි.

:       0       0

Lallà Monday, 25 September 2023 07:40 AM

ඇයි මේ සහන දේශීය ආයෝජන වලට නැති...?

:       0       0

de silva Monday, 25 September 2023 03:34 PM

අයොජකයන්ගෙ ප්‍රශ්න වාහනයක් දන්න කියල විසදෙන්නෙ නැහැ , මෙහෙ යම් ව්‍යයාපාරයක් ආරම්භ කරන්න ගොඩනැගිල්ලක් හදන්න සලසුම අනුමත කරගන්න ආයතන 4ට පමන යන්න වෙනව , අමුදුව්‍ය සහ ශ්‍රමය කලාපෙ රටවල් සමග සංසන්දනය කරන කොට ඉතා මිල අදිකයි , පුහුනු ශ්‍රමිකයො නැහැ , අයොජනය කරන්න ලන්කවෙ ඔනෙ තරම් මිනිස්සු ඉන්නව නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නෙ ඉහත සඳහන් කල භාදක , සල්ලි බැංකුවෙ දමල මිනිස්සු පොලියෙන් ජිවත් වෙනව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1433 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 7419 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1353 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 392 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2199 1

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2207 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40066 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25965 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 245 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 407 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1310 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site