(ඩයනා උදයංගනී)
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විපක්ෂනායිකාව කටයුතු කරද්දී පාර්ලිමේන්තු නවක මන්ත්‍රීවරයකු වූ ඇගේ පුත් අනුර බණ්ඩාරනායක මහතා, එවකට අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා අතර පාර්ලිමේන්තුවේ සිදුවූ වචන හුවමාරුවක් සම්බන්ධයෙන් කෝපයට පත් මැතිනිය තම පුත්‍රයාට කම්මුල් පහරක් එල්ල කළේ නවකයකු වූ පුතාට පාඩමක් කියා දෙන්නට යැයි හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර මහතා පැවැසීය.
දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණ සැමරුම නිමින්තේන් ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඒ බව සිහිතපත් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වැනි නායකයන්ගෙන් වර්තමානයට ලබාගත හැකි ආදර්ශ රැසක් පවතින බව සිහිපත් කරමින් ගුණසේකර මහතා අතීතයෝ සිද්ධීන් උදාහරණ ද දක්වමින් ඒ බව කියා සිටියේය.
“සිරිමාවෝ මැතිනිය විපක්ෂනායක ලෙස සිටියදී අගමැති ප්‍රේමදාස මහතා සහ අනුර බණ්ඩාරනායක මහතා අතර පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමක් දුර ගියා. අනුර ඒ අවස්ථාවේ අගමැතිවරයාට අසභ්‍ය ආකාරයෙන් කතා කළා. මැතිනිය රූපවාහිනී තිරයෙන් එය බලා සිටය. අනුරට එන්න කියන්නැයි වේත්‍රධාරීවරයාට පැවසුවා. අනුර බණ්ඩාරනායක මහතා ආ සැණින් ඇය ඔහුගේ කම්මුලට පාරක් ගසා ‘අගමැතිට කතා කරන්නේ එහෙමද?’ කියා ඇහුවා. එය අම්මා කෙනෙක් වගේම දේශපාලන නායිකාවක් ලෙස කියාදුන් පාඩමක්. ඊට පසු ඔහු අගමැතිවරයා මොනවා කීවත් සිනා මුහුණින් ඒවාට සවන් දුන්නා.”
මැතිනියට පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම අපහාස කළේ ප්‍රේමදාස මහතායි. ඒත් මැතිනිය ඒවා හිතේ තියාගෙන හිටියේ නැහැ. මොනවා වුණත් ප්‍රේමදාස මහතා අගමැති කියන තැන සිට කටයුතු කළා. ඇය රාජ්‍ය නායිකාවක් ලෙස හැසිරුණු ආකාරය ඉතා ආදර්ශමත්. ඒ කාලේ පාර්ලිමේන්තුවේ මොන තරම් ගැටුම් වුණත් ඇය, ඩඩ්ලි සේනානායක වැනි නායකයන් පිටුපස හැරී බැලූ සැනින් සභාව නිහඬ වෙනවා. අද ජනාධිපතිතුමා, අගමැතිතුමා හැරිලා බැලුවට කවුරුත් තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ.” යැයි ද ඩිව් ගුණසේකර මහතා කීවේය.
“නිදහසින් පසු අපේ රට පාලනය කළ නායක නායිකාවන් අතරින් ප්රමුඛ වන්නේ කවුදැයි කිසිවෙක් ඇසුවොත් මම තෝරාගන්නේ බණ්ඩාරනායක මැතිණියයි. අපේ රට පාලනය කළ ඩී.එස් සේනානායක මහතාගේ සිට වත්මන් ජනාධිපතිතුමා දක්වා සියලු නායකයන්ට වඩා ඇය අභියෝගවලට මුහුණ දුන්නා. කුස්සියෙන් ආ අගමැතිනියක් වුණාට චීනය හා ඉන්දියාව අතර යුද්ධයක් ඇතිවූ වෙලාවේ ලෝකෙම බලා සිටියදී එයට මැදිහත් වුණේ අපේ පුංචි රටේ අගමැතිනියයි. දෙරටේ අගමැතිවරු සමඟ කතා කර ඇය ඒ යුද්ධය නැවැත්වූවා. චීනය හා ඉන්දියාව තවමත් ඇයට ගරු කරන්නේ ඒ නිසයි.” යැයි ද ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘එදා විපක්ෂ නායක අම්මාගෙන් මන්ත්‍රී පුතාට කම්මුල් පහරක්‘‘
Lelwala Tuesday, 12 October 2021 01:30 PM
මේකට මම හේතු දකින්නේ. පාර්ලිමේන්තවට යන්න ඕන අයයි ඕනැ නැති අයයි දෙගොල්ලෝම යවනව. වැඩවසම් ක්‍රමය.
Royfedricks Tuesday, 12 October 2021 04:26 PM
අනේ මේ ලොකු උන්නැහේ, එතුමියගේ විතරක් ගුණ ගායනා කරන්න එපා. ඔය විදිහට ඔබේ ස්වාමිවරු ඉක්මණින්ම අමතක කරන්න එපා. අර මහා භාණ්ඩාගාරයෙන් රත්තරන් හොරකම් කළ එක්කෙනා ගැනත් ටිකක් වර්ණනා කරන්නකෝ... එයාට කියන්නෙ ජාතියේ මව නේද?
Vithana Thursday, 14 October 2021 08:19 AM
මට මතක හැටියට නම් අනුර බන්ඩාරනායක විපක්ෂ නායක වෙලා ඉන්න කාලේ මැතිණිය පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා මන්ත්‍රීකම නැති වෙලයි තිබුනේ. විපක්ෂ නායකකමට යෝජනා වෙලා තිබුනෙත් දිවුලපිටිය මන්ත්‍රී ලක්ෂ්මන් ජයකොඩි මහතාව. ඒත් ජේ.ආර්. ජයවර්ධන මහතා අනුර බන්ඩාරනායකව විපක්ෂ නායක කලා යූ.එන්.පී. ඡන්ද වලින් මොකද අනුර ජේ.ආර්. ගේ යාළුවා නිසා. මැතිණිය පාර්ලිමේන්තුවේ හිටියා නම් විපක්ෂ නායකකම අනුරට දෙන්න හේතුවක් නෑ. මෙතුමාගේ වයස නිසා දැන් ඔක්කෝම පැටලිලා වගේ. මෙතුමාට මතකද දන්නෑ මුල් වතාවට මෙතුමා පාර්ලිමේන්තු ගිය හැටිවත් අඩු ගානේ.