IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


’’එන්නත් සිද්ධියට මම වැරදි නෑ’’

(යොහාන් භාසුර)

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (22) එසේ පැවසීය.

සත්‍ය සම්පූර්ණයෙන්ම විකෘති කර කරන ප්‍රකාශවලට පිළිතුරු නොදී සිටිය හොත් පුවත්පත්වල පළකරන කටුන් ද සත්‍ය වන බවත් අගෝස්තු මස 2 වැනිදා මෙම සිද්ධියේ පැමිණිළි කළේ ද තමන් බවත් අමාත්‍යවරයා කීය.

වර්තමානයේ ප්‍රශ්න මතුවී තිබෙන නිෂ්පාදකවරයා 2013 වසරේ සිට ඔහුට නිෂ්පාදනාගාරයක් ඇතැයි පවසමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සහ කර ඇතැයි කී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව ද ඔහුගේ ඉල්ලීම් නැවත නැවත අලුත්වෙමින් පැමිණි බව ද සඳහන් කළේය.

එම ඉල්ලීම් ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීම ඇමතිවරයා හැටියට කළ බවත් ඒ අනුව අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීතුමා සති කීපයකට පසුව එම ඉල්ලීම්වල එකඟ නොවන්නේ යැයි දැනුම්දීමෙන් පසුව ඇමතිවරයාට ලෙස ඉන් එහාට ක්‍රියා කළ නොහැකි බවත් ඒ මහතා කීය.

එය කළ නොහැකි නිසා ඉන් පසුව කථාව නොමැති බව කී රඹුක්වැල්ල මහතා පැවසුවේ ඉන් පසුව ප්‍රසංපාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමතිවරයාට සම්බන්ධයෙක් නොමැති බවත්ය.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුම්කරුට හදිසියේ මුදල් ගෙවීම්වල තමන්ගේ කිසිඳු සම්බන්ධයෙක් නොමැති බවත් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ජාලය එය ක්‍රියාත්මක කර ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩි දුරටත් සඳන් කළේය.   



අදහස් (23)

’’එන්නත් සිද්ධියට මම වැරදි නෑ’’

Dinesh Friday, 22 December 2023 09:57 PM

මම බබා...!

:       0       15

saman Saturday, 23 December 2023 05:53 PM

එන්නත් සිද්ධියට මම වැරැදි නැතිනම් ඒ බව අධිකරණයේදී ඔප්පුකර පෙන්වන්න...!

:       0       13

බණ්ඩා Friday, 22 December 2023 10:47 PM

වැරැදි නැත්නම් ඇයි ඔය තරම් බය​? ඒක නීතිය සහ අධිකරණය විසින් තීරණය කරයි. සමහර විට පොලීසියත්, අදාල අංශ විසින් යට ගහලා නිකම් ඉඳියි. හැබැයි පුතෝ ඔයාට මීළඟ ආණ්ඩුවෙන් නම් හිරේ යන්න වෙන බව සත්තයි. මාව විශ්වාස කරන්න...

:       0       13

Nimal Saturday, 23 December 2023 01:31 AM

පුහුල් හොරා කරෙන් දැනේ...! 

:       0       17

ranjith Saturday, 23 December 2023 06:18 AM

මෙයා බබෙක් වගේ...! 

:       0       15

Perera Saturday, 23 December 2023 08:34 AM

අනේ ඔව්... මෙයා අවංක, අහිසක රට ගැන හිතලා වැඩකරන පුතෙක් නේ...

:       0       16

හේරත් බණ්ඩා Saturday, 23 December 2023 08:42 AM

පොඩි ළමයි කක්ක බරයි කියනවා වගේ කථා කියන්න එපා මැතිතුමෝ. 2013 ඉඳලා.. 2013 වසරේ සිට ඔහුට නිෂ්පාදනාගාරයක් ඇතැයි පවසමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සාහ කර ඇතැයි කී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා... 2013 ඉඳලා කරන ඉල්ලීම්වලට හිටපු රජයවල් නොසලකා හැරියේ ඇයි කියලා බැලුවාද...? නිෂ්පාදනාගාරයක් ඇතැයි කියමින්... ඇත්තටම එහෙම එකක් තියෙනවාද, ලියාපදිංචි කරලද, බෙහෙත් ප්‍රමිතියට අනුකූලද ඒවා බලන්නේ නැතිවද මේවා අරගන මුදලුත් ගෙව්වේ... මේවා මිනිස් ජීවිතත් එක්ක කරන ගණුදෙනු කියලා අමතක වුණාද...? ඒවා දීලා මිනිස්සු මැරෙනකොට කියනවා" ඕක සාමාන්‍ය දෙයක්, මල්ශාලා තියෙන්නේ ඉස්පිරිතාල ඉස්සරහා... ඕකනිසා තමයි කීවා නේද? බලයේ ඉන්නකම් අසරණ මිනිස්සු ඔබතුමාලාට සෙල්ලමක්... එක ඇමැතිවරයෙක් කීවේ රු:2500න් ජීවත් වෙන්න පුළුවන් කියලා. බදූ ගෙවන අසරණ මිනිස්සුන්ගේ මුදලින් සුර සැප විඳිමින් ඒ බදුගෙවන මිනිස්සුන්ට කියනවා හිඟකන්න කියලා.... ස්භාවධර්මයෙන් හෝ ඕවාට විපාක ලැබෙනවා. එදාට අදට වඩා භයන්කරයි. කව්රුවත්ම නෑ බේරගන්න...

:       0       23

ගුණසේකර Saturday, 23 December 2023 08:48 AM

මොකෝ මේ අපේ හිටපු ඇමතිතුමා කලබල වෙලා... ඇයි ඔබතුමාත් මේකට සම්බන්දයි කියලා කව්රුහරි නොසණ්ඩලයෙක් කීවාද?. ඔබතුමා බයවෙන්න කාරී නෑ. මේවාට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ ඒ කාලේ ලෙඩවුණු අසරණ මිනිස්සු. ඒ මිනිස්සුනේ මේ කලබලේ බෙහෙත් මුදල් දීලා අරගෙන පාවිච්චි කරලා මැරුනේ. ඒකට ඔබතුමා මොනවා කරන්නද?. ඔබතුමා කොච්චර කීවද ඕවා හොර බෙහෙත් ගන්න එපා කියලා. කෝ ඇහුවාද?

:       0       15

nihal Saturday, 23 December 2023 09:42 AM

තමුන් බබාද?

:       0       14

Asanga Saturday, 23 December 2023 09:56 AM

ගහට නැග්ග මිනිහාටත් කියන්න දෙයක් තිබ්බාලු...!

:       0       16

සමන් Saturday, 23 December 2023 09:57 AM

ආයෙ නම් මෙයාට ඡන්දෙ දෙන්න එපා!

:       0       19

Amal Saturday, 23 December 2023 10:27 AM

ඩිමොන්ෂියාව වගේ... චෝදනාවලට නිදොස් කොට කරන නිදහස් ලදි.... හැබැයි අපි චන්දෙදී බලාගමු !!!

:       0       14

Keheliya Saturday, 23 December 2023 10:58 AM

එන්නත තමයි වැරැදි...!

:       0       16

Sachith Saturday, 23 December 2023 11:09 AM

ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එක්ක බාල් නටන්න ගිහින් බැල්කනියෙන් වැටිලා කකුල කැඩුණු වෙලාවේ ඔයා දන්නේ නැතිව මේ ගෙන්නපු එන්නත් වලින් එකක් විදින්න තිබ්බේ...

:       0       19

මරිසිපාල Saturday, 23 December 2023 02:27 PM

එන්නත් සිද්ධියට ඔහේ වැරැදි නැත්නම් යන්නත් සූදානම් වෙන්න...

:       0       11

Kazi Shajahan Saturday, 23 December 2023 04:25 PM

කෙහෙලිය තමන්ට දීපු රාජකාරිය හරියට ඉටුකරලා නැහැ. මම පින්පඩි අරන් තියෙන්නේ ජනතාවගේ බදු සල්ලිවලින්... ඒක නිසා දඬුවමක් දිය යුතුයි. ඒකනේ අපි නිතරම කියන්නේ... අපේ රටේ ඇමැතිවරු ඕනෑ නැහැ... ඒ වෙනුවට මොන්ටිසෝරි ළමයි ටිකක් දාමු කියලා..

:       0       8

Chamila Fernando Saturday, 23 December 2023 05:00 PM

රටේ අහිංසක ලෙඩ්ඩුන්ටත් බාල බෙහෙත් ගෙන්නපු සහ සම්බන්ධ වුණු හැම කෙනෙක්ටම හෙණ ගහනවා. මොනවා නැති වුණත් ස්වභාව ධර්මය විසින් ඔය හැමෝටම උත්තර දෙයි.

:       0       10

සමන් Saturday, 23 December 2023 10:09 PM

වැරැදි නැතත් නිලධාරින් හොරා කනකම් මොනවා කරන්නද? යාන වාහන කෝටිගණන් වියදම් කරලා පත්කරලා තියෙන්නේ... මොකක්ද එයාගේ ⁣සේවය..?යමු හිරේට..!

:       0       0

nanda Sunday, 24 December 2023 06:04 AM

තක්කඩියන්ට මොකට දෙනවාද ඇමැතිකම්?

:       0       0

Gamini Wickramasinghe Sunday, 24 December 2023 07:34 AM

මහජනයාට බරපතල වැඩ ඇතිව දඬුවම් ලැබී ඇති බවත්, ඇමැතිතුමා නිදොස් කොට නිදහස් කිරීමටත් මැතිවරණයෙන් බලාපොරොත්තු වෙමු.

:       0       0

TRUTH Sunday, 24 December 2023 09:18 AM

අපේ කරුමෙට මෙහෙම අය මේ රටේ ඉපදිලා ඇමැතිකමක් අරගෙන... කටේ වාචාලකම තාම අඩු නෑ...

:       0       0

NAMAL Sunday, 24 December 2023 09:22 AM

ඔබලාව විශ්වාස කළාට ඔයාලගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍ය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කල කල දේ... පල පල දේ...

:       0       0

NAMAL Sunday, 24 December 2023 09:24 AM

බාල ඖෂධ ගෙන්වපු අයටයි, පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඒ අයගේ පවුලේ අයටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 88 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1342 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 953 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 540 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 359 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1316 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1097 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site