IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට

(ඩයනා උදයංගනී)

කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13කදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොණරාගල, නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.

මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලට එන්නත් මාත්‍රා 25,000 බැගිනුත්  නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 50,000 බැගින් ලබා දීමට තීරණය කර ඇතැයි කී අමාත්‍යවරිය කීවාය.  

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ කොවිඩ් 19 උවදුර මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් සමඟ සුම්තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවකට අද (7) එක්වෙමිනි.

බස්නාහිර පළාත, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ යාපනය යන  දිස්ත්‍රික්කවල ජනතාවට සිනොෆාම් එන්නත ලබාදීම මේ දිනවල සිදුවන අතර එය ලබාගත් සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව සති හතරකට පසු නියමිත දිනවලදී ලබාදෙන බව ද අමාත්‍යවරිය කීවාය.

සිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්‍ෂ 10ක් අනිද්දා (09) දිනයේදී මෙරටට ලැබෙන බව කී අමාත්‍යවරිය මේ ඒවා ලබාදීමේදී ප්‍රමුඛතාව දිය යුතු කණ්ඩායම් ආදිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති කොවිඩ් කාර්ය සාධන බලකායේ දී තීන්දු කර ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කර ඇතැයි ද සඳහන් කළාය.

 එහිදී වයස අවුරුදු 60ට වැඩි අයට, ඇගලුම් ඇතුළු කර්මාන්ත ශාලා වල සේවය කරන අයට, ක්‍ෂේත්‍ර රාජකාරීවල නිරත රජයේ නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දිය දෙන බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

 

 

 



අදහස් (1)

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට

පුබුදු Monday, 07 June 2021 05:30 PM

පානදුර ප්‍රදේශයේ කෝවිඩ් හැමතැනම පොඩ්ඩ පොඩ්ඩ තැනින්තැන එන්නත් දෙනවා. ඔන්න දැන් ආයේ නවත්වලා.. පානදුර ඉක්මණින් ආවරණය කරන්නේ නැත්තේ ඇයි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 5 0

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 15 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 87 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


තවත් නඩුවකින් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 103 0

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 140 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 266 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site