IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


එන්නත්වලට අභියෝග කරන අලුත් කොරෝනා මාරයක්?

(සුජිත් හේවාජුලිගේ )

ෆයිසර්,ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ලැබෙන ආරක්ෂාව කැඩිය හැකි ඒ.30 නමැති කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය

මෙම වයිරස ප්‍රභේදය ගැන අද මුළු ලෝකයම අවධානයෙන් පසුවන බවද හෙතෙම සඳහන් කළේය .

මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද පෙන්වා දුන්නේය.

මේ අතර විවාහ උත්සව හා අවමංගල්‍ය උත්වලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කළහොත් කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය.

 



අදහස් (8)

එන්නත්වලට අභියෝග කරන අලුත් කොරෝනා මාරයක්?

Narada Saturday, 30 October 2021 10:13 PM

එන්නත යනු මිථ්‍යාවක්... අපි ඔක්කොම ඒ බැව් දන්නවා.

:       0       0

ඉන්දික Sunday, 31 October 2021 12:58 AM

දැන් රට ඇරලා මිනිස්සු ඉන්නේ හරියට කෝරිනා කියලා එකක් තිබුණද කියලා හිතාගන්න බැරි විදිහට..ඒ මදිවට ආණ්ඩුව හොයලා බලන්නේ නෑ කිසි දෙයක්...බස් පොල් පටවලා වගේ යනවා, ඉස්පිරිතාල වල පොලීම්, කඩවල් වල පිරිලා මිනිස්සු.නිකන් නමට විතරයි නීති...ඒ ප්‍රභේදේ ආවොත් ඉතින් ආපහු අර වහපු වාට්ටු අරින්න වෙයි..ළමයිත් අමාරුවේ වැටෙයි..කරන්න තියෙන්නේ රටේ ක්‍රියාත්මක සෞඛ්‍ය නීතිය නමට නැතුව ක්‍රියාවෙන් හරියට කරන එක, කරන පී.සී.ආර් වැඩි කරන එක සහ පිටරට ඉඳන් එන හැම කෙනාම හරි විදිහට පරීක්ෂා කරන එක..

:       0       0

jayath Sunday, 31 October 2021 07:03 AM

ඉතින් ඔයා ඔය "ඊනියා මහාචාර්ය පට්ටම " තියාගෙන බොරුවට ජනප්‍රිය වෙන්න මාධ්‍ය ඉස්සරහ තප්පුලන්නේ නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරවන්න කියලා ඔය සියල්ල දත් මහා උන්දැට කියන්න.. මොකද බයිලා කියලා වැඩක් නැහැ.. පොඩි හරි බුරුලක් දුන්නාම මිනිස්සු දුවන්නේ ගාල කඩාගත්ත හරක් වගේ මල ගෙවල්, මගුල් ගෙවල් හොයාගෙන යන්නේ...!!! පහුගියකාලේ වුනෙත්, දැන් වෙන්නෙත්, ඉස්සරහට වෙන්න තියෙන්නෙත් ඒකම තමයි.. මේක යන්තම් හරි පාලනය කරලා තියෙන්නේ ඒ වගේ නීති වලින් ඒවා කරලා තියෙන්නේ කොන්ද පණතියන, පුරුෂ ශක්තියක් තියන, බුද්ධිමත් නායකයින් ඉන්න රටවල් මිසක් මම ඇවිත් ඉන්නේ අහවල් එක කරන්න මිසක් මේක කොරන්න නෙවෙයි..., මේක යුද්ධයක් නෙවෙයි. යුද්ධයක් තිබුණානම් කරන හැටි මම දන්නවා.. (එ්කත් කරේ කව්ද කියලා ජනතාව දැන් දන්නවා නොවැ) වගේ කතා කියන කට්ටිය ඉන්න රටවල් නෙවෙයි. ප:ලි මොනවා හරි නොදන්නා දෙයක් තියනවා නම් මහාචාර්ය නලින්ද සිල්වා වියතා දැන් ලංකාවේ නෙවෙයි.. අහලා බලන්න නැත්නම් නාථ දෙවියන් ගෙන් අහලා බලන්න)

:       0       0

Darman Sunday, 31 October 2021 09:49 AM

ඇමැති මොනවා කියනවද මන්දා... පෙරේදා වෙඩින් එකටට ගියා. 50 යි කිව්වට 200ක් වගේ හෝල් එකේ. වැඩේ හරියන්නේ නෑ. මේ අය එක්ක සෙට් වුණොත් බඩුම තමයි. ගෙනිච්ච ගිෆ්ට් එක දුන්නා... පොඩි ට්‍රික් එකක් දාලා ඉමර්ජන්සි කෝල් එකක් ගෙන්න ගත්තා. ෂේප්... ආවා.

:       0       0

Gihan Sunday, 31 October 2021 10:51 AM

තේරුමක් නැති එන්නත්...

:       0       0

මහසෙන් Sunday, 31 October 2021 12:42 PM

අවදානය කොච්චරද කියනවා නම් ඔය කියන ප්‍රභේදය ලංකාවට එනකම් දැනගන්න ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවේ ගන්න තීරන ඇමැතිවරුන් නොදන්න රටක රට්ටු ඔය කියන කතා විශ්වාස කරන්න තරම් මොන්ගල් නෑ තාම...

:       0       0

Malika Sunday, 31 October 2021 06:26 PM

අනේ අපේ මහජනතාවට නම් කියලා වැඩක් නෑ.අරන ගෙවල් වලට කොපමන කීවත් සෙනග එන එක නවත්වන්නේ නෑ. අවවාද දෙන අයට කරන බැනුම් ගැන කියලා වැඩක් නෑ. අවසානයේ මරණ ගෙදර මගුල් ගෙයක් වෙලයි ඉවර වෙන්නේ.

:       0       0

sharm warn Monday, 01 November 2021 09:22 AM

අපිනම් දැනගෙන හිටියා. මෙයාලා ඉන්නේ අඩ නින්දේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2030 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 390 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 677 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1012 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 180 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 638 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site