රටවල් 8ක් පුරා, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික මෙහෙයුම් පද්ධතියකින් සමන්විත, එයිට්කන් ස්පෙන්ස් සමාගම, පසුගිය ජුනි 30 වැනි දිනෙන් අවසන් වූ පළමු වැනි කාර්තුව තුළ අතිවිශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කර තිබේ. එයිට්කන් ස්පෙන්ස් සමාගම, එම කාලය තුළ සිය බදුපෙර ලාබයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ රුපියල් බිලියන 7.2 ක ලාභයක් පෙන්නුම් කරමිනි.
මෙම රුපියල් බිලියන 7.2 ක ලාභය, ඊට පෙර වසරේ පැවැති රුපියල් මිලියන 467 ක අලාභයට සාපේක්‍ෂව කැපී පෙනෙන වර්ධනයකි. එමෙන්ම වසර 150 ක් පුරා විහිදුණු අනභිබවනීය උරුමයක් හිමි එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය, සිය කීර්තිමත් ඉතිහාසයේ පළමුවැනි කාර්තුව වෙනුවෙන් වාර්තා කළ ඉහළම සාර්ථකත්වය ද මෙය වේ.
වත්මන් ආර්ථික අර්බුදයෙන් පැන නගින බහුවිධ බාධක මධ්‍යයේ වුවද මෙවන් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම සමාගමේ සේවකයන්ගේත් පරිපාලන නිලධාරීන්ගේත් අද්වීතීය කැපවීම මෙන්ම ඉහළ කාර්ය සාධනය සහතික කිරීමකි.
ඉපැයීම්-කොටස්, ගිණුම්ගත ආයෝජකයන් ඇතුළුව පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්‍රමාණුකූල ක්ෂයවීම් හරහා ශුන්‍යයට ළඟාවීම් යන සියල්ල ගණනය කිරීමෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය පෙර වසරේ වාර්තා කළ ලාභය රුපියල් බිලියන 1.7 කි. එහෙත් මෙවර පළමු කාර්තුවේ දී ලබාගත් රුපියල් බිලියන 10.9 පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 553 ක වර්ධනයකි.
එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 6.3 ක් හෙවත් මිලියන 6300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේදී විඳගැනීමට සිදුවූ රුපියල් මිලියන 683 ක අලාභයට සාපේක්‍ෂව අතිවිශාල වර්ධනයකි.
එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් සමුද්‍රීය හා භාණ්ඩ ප්‍රවාහන අංශයෙන් වාර්තා වූ බදු පෙර ලාභය රුපියල් බිලියන 2.7 කි. එය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 221.9 වර්ධනයකි. එය විදේශීය මෙහෙයුම්, ලයිනර් නැව් අංශ සහ සමුද්‍රීය උසස් අධ්‍යාපන අංශයෙන් වැඩිදියුණු වූ කාර්ය සාධනයක් මගින් අත්කරගන්නා ලද ලාභයකි.
උපාය මාර්ගික ආයෝජන අංශයේ පෙරබදු ලාභය රුපියල් බිලියන 4.5 කි. එය ඇඟලුම්, වැවිලි කර්මාන්ත, මුද්‍රිත නිෂ්පාදන සහ ඇසුරුම් අංශයේ දායකත්වය මත හිමිකාර සමාගමෙහි වාර්තා වූ සැලකිය යුතු විනිමය ලාභයකි. එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සේවා අංශයේ කාර්ය සාධනය ද ප්‍රශංසනීය මට්ටමක වාර්තා විය. එහි බදු පෙර ලාභය රුපියල් මිලියන 307 ක් එනම් සියයට 162.8 වර්ධනයකි. එ් අතුරින් ශක්තිමත් දායකත්වයක් දැක්වූයේ මුදල් හුවමාරු අංශයයි.
සමූහයේ සංචාරක අංශය ද ප්‍රබල පෙරළියක් කරමින් සියයට 205.9 ක දියුණුවක් පෙන්වීය. එහි ආදායම රුපියල් බිලියන 10.1 කි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකයක් වන පවතින ඉන්ධන හිඟය තිබියදීත්, පාඩුව අවප්‍රමාණවීම සියයට 80.2 කින් නවතා ගැනීමට සමාගම සමත්ව තිබේ.
මෙම අභියෝග මධ්‍යයේ වූවත්, සමූහයේ සංචාරක අංශය විදේශයන්හි ඔවුන්ගේ සමහර හෝටල්වලින් සහ ගමනාන්ත කළමනාකරණ මෙහෙයුම්වලින් ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ. රුපියල අවප්‍රමාණයවීම ද මෙම අංශයේ ආදායම වැඩිවීමට සහ පාඩු අඩුවීමට තවදුරටත් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අතිශය ප්‍රසාදයට පත්ව සිටින එයිට්කන් ස්පෙන්ස් සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේක තවත් අතිශය අභියෝගාත්මක කාර්තුවක්. ඒත් අපගේ වෙහෙස මහන්සි වී වැඩ කරන කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන ලද, ඕනෑම තත්ත්වයක් යටතේ පවත්වාගෙන යා හැකි පරිවර්තනීය සහ ඔරොත්තු දෙන උපාය මාර්ග අපගේ ඉහළ මෙන්ම පහළ මට්ටමේ ක්‍රියාකාරිත්වයට දායක වී තිබෙනවා”
“අපි මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න ඕනා. අපි අපේ ක්‍රියාමාර්ග දිගටම කරගෙන ඉදිරියට යනවා. එහෙම ඉදිරියට යද්දී, සමූහයේ සහ විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ප්‍රකෘති තත්ත්වයට ගත හැකි බවට අපට විශ්වාසයක් තිබෙනවා,”
ඉතාම මෑතකදී, එනම් ජූලි මාසයේදී, එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් දේශීය හා ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක කරා යමින් සූර්ය බලාගාරයක් අත්පත් කරගත්තේය. එහි වටිනාකම රුපියල් බිලියන 1.4 ක් හෙවත් මිලියන 1400 කි. මෙම ආයෝජනය පුනර්ජනනීය බලශක්තිය මගින්, ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීමට මෙන්ම පිරිසුදු බලශක්තියට ප්‍රවේශවීම සහ ඉහළ යන බලශක්ති ඉල්ලුමට ධනාත්මක ලෙස දායකවීමටය. මේ සඳහා එයිට්කන් ස්පෙන්ස් සමූහයේ කැපවීම අතිමහත්ය.
එයිට්කන් ස්පෙන්ස් සමාගම යනු ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පැතිරී ඇති දැවැන්ත ව්‍යාපාර සමූහයකි. එම රටවල කර්මාන්ත 16 ක් පුරා සේවකයෝ 12,500 කට අධික සංඛ්‍යාවක් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසීමෙන් කටයුතු කරති.
595
සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096
බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එයිට්කන් ස්පෙන්ස් පළමු කාර්තුවේ බිලියන 7.2ක ඓතිහාසික ලාභයක