IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


එස්. එම්. රංජිත් බන්ධනාගර මුද්‍රණ අංශයේ සේවයට

(යොහාන් භාසුර)

වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති  එස්. එම්.  රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

රංජිත් මහතා සිරගත කළ චෝදනාවටම සිර දඬුවම් ලැබූ ඒ මහතාගේ ඥාතිවරිය වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා අංශයේ රඳවා සිටින බවත් ඇය මේ දක්වා කිසිදු වැඩකට යොමු කර නොමැති බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සිර දඬුවම් විඳින විදේශිකයන් වැඩි පිරිසක් සේවය කරන බවත් පොත් බැඳීම, ලිපිගොනුු සෑදීම ආදී වැඩ රැසක් කිරීමේ අවස්ථා උදාවන බවත් එස්. එම්. රංජිත් මහතාට මහාධිකරණයෙන් දුන් සිරදඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ පසු ඔහුව මුද්‍රණ අංශයේ රාජකාරවලින් ඉවත් කිරීමට නියමිතය.



අදහස් (20)

එස්. එම්. රංජිත් බන්ධනාගර මුද්‍රණ අංශයේ සේවයට

gunarathna Sunday, 06 April 2025 01:38 PM

පරිස්සමෙන් ඔය යකා ඡන්ද පෝස්ටර් ප්‍රින්ට් කරයිද දන්නේ නැහැ.. හොරෙන්ම...

:       22       97

beau Sunday, 06 April 2025 01:40 PM

අයියෝ, ඕවාද බරපතල වැඩ... යවන්න එපැයි ගල් කඩන කොරියකට...එතකොට ඔය බොරු ඇඟ බැහැලා ස්මාර්ට් වෙන්න මිනිහෙක් වෙන්නත් පුළුවන්. කෙල්ලෝ පස්සෙන් එයි එතකොට...

:       19       95

හසක Sunday, 06 April 2025 02:14 PM

මුද්‍රණ අංශයේ මොන බරපතල වැඩද? පොදු දේපල කෑවා නම් පැය විසිහතරම, අවුරුදු දාසයම ටොයිලට් සුද්ද කරන්න තමයි ගැලපෙන්නේ.

:       13       112

ජිල්බු Sunday, 06 April 2025 06:54 PM

බ්‍රෂ් එකක් දෙනවද, නැත්තම් පොල්මුඩුද?

:       8       24

ලූට මූස් Sunday, 06 April 2025 03:38 PM

ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න එපා කොල්ලනේ, මොකා බලයේ හිටියත්, ආයතන වැඩ කරන්නේ නිලධාරීන්ට ඕනෑ විදියට. ඒ අනුහසින් සහ මෙයාලාගේ සල්ලි වලින්, අපායට ගියත් මෙයාලාට සැප…!

:       15       53

P B Jayasundera Sunday, 06 April 2025 04:52 PM

පරිස්සමෙන්... හොර සල්ලි ප්‍රින්ට් කරයි...!

:       8       35

චතුරි Sunday, 06 April 2025 06:14 PM

කන්න පින කාලා තෙල. දැන් තමයි හොඳම කෑම ඉල්ලන් කන්නේ...! 

:       6       29

ව්‍යවසායක බකල ජයා Sunday, 06 April 2025 06:59 PM

දැන් අර බදුල්ලේ මහත්තයත් එන එකේ, මෙතුමාවත් දාලා රෙස්ලින් තරඟ ආරම්භ කෙරුවොත් ලාබ ලැබෙන ව්‍යාපාරයක් වෙයි. තව අදහසක්, 'බඩ බිල්ඩින්' තරඟ පටන්ගන්නත් පුළුවන්.

:       0       29

ප්‍රියන්ත Sunday, 06 April 2025 07:17 PM

තව ටික දවසකින් ඇපීල්…, ඊට පස්සේ ඇප පිට නිදහස්…, හරියට අර බණ්ඩි රණයා සහ වංස නෝනා වගේ…!

:       6       15

ලයන්Monday, 07 April 2025 08:21 AM

හැබයි ඒත්වැඩි දවසක් ඉන්න බැ , බංඩි රනයට අද හෙට ස්විප් එක ඇදෙයි

:       0       4

පොඩිඑකා Sunday, 06 April 2025 07:18 PM

බැරිවෙලාවත් බේකරිය පැත්තේ නම් යවන්න එපා…!

:       4       19

pakeer Sunday, 06 April 2025 08:24 PM

හිරේ නරක දේවල් වෙනවලු නේද? ඒවත් මෙයාට වෙයිද දන්නේ නැහැ.

:       6       12

ranjith Sunday, 06 April 2025 08:34 PM

ඔය ෆයිල් සිය ගාණක් තියෙනවා කිව්වේ. ඔය ඔක්කොම එළියට ඇදලා අරන් මේ ඔක්කොම හිරේ දාන්න...

:       0       21

බයියා Sunday, 06 April 2025 08:57 PM

මුං අපායට ගියත්, උන්ට සැප .

:       0       7

රුවන් Monday, 07 April 2025 06:25 AM

මම අහලා තියෙන විදියට බ්‍රිතාන්‍යය යුගයේ ලංකාවේ හිටිය බ්‍රිතාන්‍යය සුදු සිරකරුවන් නිසා පවුම් බිලියන ගානක් හම්බකරාලු සිරකරුවන්ට කර්මාන්ත සඳහා යොදවලා. ඇයි අපිට බැරි? දැන් දහස් ගණනක් ඉන්නවා හිරගේ. යන එකා ආයෙත් යන්නේ නෑ මොකද වැඩ කරන්න ඕනේ. දැන් බහුතරයක් හිරේ යන්නේ කම්මැලිකමට.

:       0       9

Reginald Monday, 07 April 2025 06:32 AM

හොරා කාලා අහු වෙන අය ලවා වැසිකිලි බාල්දි අද්දවන්න ඕනේ.... කරත්තයක් දීල කුණු අද්දවා ගන්න... ඒක තමයී කරන්න ඕනේ...

:       0       11

මාම Monday, 07 April 2025 08:19 AM

මුව දාන්න තිබුනෙ වැසිකිලි හෝදන්න

:       0       12

Priyantha Anuruddha ( Saudi Arabia ) Monday, 07 April 2025 09:06 AM

පොඩි මිනිහෙක් වැරද්දක් කරලා ඔය විදිහෙ දඩුවමක් සෙට් වුණානම් ඇට කැඩෙන්න බරපතළ වැඩ.එත් මෙතන, හරිම කනගාටුයි තවමත් වැඩකටයුතු වෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙන විදිහට නොවේ.

:       0       13

Amara Monday, 07 April 2025 10:02 AM

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් හදිසි රෝග තත්වයකින් මිය ගිහින්.එය ලංකාදීපයට වාර්ථා නොවීමට තරම් ප්‍රවෘත්තියක් නොවීම විමතියකි.

:       2       10

කපුරු හාමි Monday, 07 April 2025 12:34 PM

බරපතල වැඩ ඇතිව නේද හිරේට යැව්වේ? හොරාකාලා බඩ වඩා ගත්තු විදියට, දෙන්න තිබුනේ බර වැඩ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගල්පර්වත කඩාවැටී උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 07 19 0

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස් හින්න අතර දුම්රිය මාර්ගයට අද (7) රාත්‍රි විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සි


නාමලුත් කෝසලගේ ගෙදර යයි
2025 අප්‍රේල් මස 07 439 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජාතික ජන බලවේගයේ කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාට අවසන් ගෞරව දැ


පොලිසියට පරිවර්තනයක් අත්‍යවශ්‍යයි
2025 අප්‍රේල් මස 07 284 0

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මෛත්‍රී සී.අයි.ඩීයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 07 306 1

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර


මාතෘ මරණ අනුපාතය ලක්ෂයට විසිපහක් ලෙස අඩුවෙයි
2025 අප්‍රේල් මස 07 193 1

ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට විසිපහක් ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා


අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති
2025 අප්‍රේල් මස 07 273 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන සමාලෝචනයට අදාල සාකච්ඡාවක් අද සාර්ථකව පැවති බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 558 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 522 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 999 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site