IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එළුවන්ට රක්ෂණයක්

(අංජුල මහික වීරරත්න)

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් . එම්. එම්. බී. වීරසේකර මහතා පැවසීය.

දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල අංශ ගණනාවක් සඳහා නව රක්ෂණාවරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද  සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධව අමාත්‍යවරයා කරුණු විමසීය.

පශු සම්පත් පාලනයේ දී රජය විසින් ඉදිරි වසර පහ ඇතුලත එළුවන් 70,000ක් ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීම සඳහා කටයුතු යොදා ඇතැයි වීරසේකර මහතා පැවසීය.

සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දීමටත්, එළුවන් සොරකම් කිරීමක දී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමත් දීමටත් කටයුතු යොදා තිබේ. මෙම එළුවන් නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා රජය මෙම වසරට රුපියල් මිලියන 150ක මුදලක් ලබා දී ඇත.



අදහස් (1)

එළුවන්ට රක්ෂණයක්

fairoos Wednesday, 31 May 2023 04:32 PM

ඔක්කොටම ඉස්සෙල්ල ජනතාවට සැහැල්ලුවෙන් ජීවත්වෙන්ඩ පුලුවන් රටක් හදල හිටියොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 779 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site