(ඉන්දික අරුණ කුමාර)
ඓතිහාසික නාලන්දා ගෙඩි ගෙයි ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක් හටගෙන තිබේ.
කලක් තිස්සේ පවතින වැසි සහිත කාලගුණය හමුවේ ප්‍රතිමා ගෘහය ඉදිකර ඇති ගල් කුට්ටි අතරින් මේ දිනවල ජලය අභ්‍යන්තරයට කාන්දු වෙමින් පවතියි.
පල්ලව රජ සම්ප්‍රදායට අයත් ලංකාවේ එකම පුරාවිද්‍යාත්මක ස්ථානය වන නාලන්දා ගෙඩි ගෙය බෝවතැන්න ජලාශය හේතුවෙන් පැවැති ස්ථානයේම යළි ගොඩනගන ලද්දකි. අටවන සියවසේ දී ඉදිකරන ලද නාලන්දා ගෙඩිගෙය 1985 වසරේ එවකට කතානායක ඊ.ඇල්. සේනානායක මහතා විසින් විවෘත කර තිබේ.
ඉතිහාස ගත කරුණු වලට අනුව බෝවතැන්න ජලාශය ඉදිවීමත් සමග නාලන්දා ගෙඩි ගෙය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ගෙඩිගෙය පවතින ස්ථානයේම එහි පාදම උස්කර ඒ මත ගෙඩිගෙය යළි ඉදිකර ඇත.
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජයතිස්ස බණ්ඩාර දිසානායක මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ජල කාන්දුව සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවයි.ප්‍රතිමා ගෘහය ඉදිකිරිමේ දී ගල් සම්බන්ධ කිරීම සදහා යොදාගෙන ඇති බදාම විශේෂයේ දුර්වලතාවක් හේතුවෙන් මෙම ජල කාන්දුව ඇති වී ඇති බවත් පවත්නා වර්ෂා තත්ත්වය හමුවේ අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
වර්ෂා තත්ත්වය හමුවේ උවද නාලන්දා ගෙඩිගේ අලුත්වැඩියා කටයුතු ක්‍රමානුකුළව මේ වන විට සිදුකිරීම ආරම්භ කර ඇති බව කියා සිටි දිසානායක මහතා අවධාරණය කර සිටියේ ඉතා කඩිනමින් ජල කාන්දුවට විසදුම් ලබාදෙන බවයි.
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ
මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඓතිහාසික නාලන්දා ගෙඩිගේ ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක්
Rata Perata Tuesday, 12 January 2021 07:28 AM
මේවා ගැන දාන්න එපා. රජය දැනගත්තොත් ඩෝසර් කරලා දායි.