IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඔි.අයි.සී.ට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පැමිණිල්ලක් තමන්ට වාසි සහගත වන ලෙස ඉල්ලා ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාට   රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දීමට උත්සාහ කළේ යැයි කියන පුද්ගලයකුපොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය විසින් ඒ මොහොතේම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් ස්ථානාධිපතිවරයා කළ  දැනුම්දීමක් අනුව මෙම පුද්ගලයා  රුපියල්  5000 මුදල් නෝට්ටුව ද සමඟ  සැකපිට පොලිස්බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම  සැකකරු ගේ පුතෙක්  සිදු කරගත් විවාහයක් පවුලට ගැලපෙන්නෙ නොමැති බව පවසා මේ සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කරතමාට වාසි සහගත අයුරින්කටයුතු කර පුතා නිවසට රැගෙන යෑමට අවස්ථාව සලසා දෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මෙම සැකකරු ඉල්ලීමක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකරු පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදල ලබා දීමට උත්සාහ කර ඇතැයි කියන්නේ එම ඉල්ලීම ඉදිරිපත් කරමින් යැයි ද  පොලිසිය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගලේවෙල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත  මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

 සැකකරු සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 



අදහස් (1)

ඔි.අයි.සී.ට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

Bamunuarachchi Monday, 24 July 2023 07:08 PM

මිනිසුන්ගේ අවංකකම මුදලින් තක්සේරු කරන්න පුළුවන්. 5000 වෙනුවට 50000 දුන්නා නම් ඔය සිද්ධිය ඔහොම කෙලවර වෙන්නේ නැතිවෙන්න පුළුවන්. 50000 නොවුණොත් 500000 වෙනවා ෂුවර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 88 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 210 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 24 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 432 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 549 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 883 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1465 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site