(සුජිත් හේවාජුලිගේ)
රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
මේ අතර මෙරට ඔක්සිජන් සමාගම් කර්මාන්ත සඳහා සපයන ඔක්සිජන්වලින් කොටසක් රෝහල්වල ප්‍රයෝජනය සඳහා ලබාගැනීමටද එම සමාගම් සමග සාකච්ඡා කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
එසේම එම සමාගම්වල ගබඩාවල ඔක්සිජන්වලින් ප්‍රමාණයක් ගැනීමටද කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
එසේම ඔක්සිජන් ටැංකි 12 ක් ඉන්දියාවෙන් හා සිංගප්පුරුවෙන් මිලදී ගැනීමටද ඇනවුම් කර ඇති බව පැවසූ චන්න ජයසුමන මහතා රෝහල්වල ඔක්සිජන්වලින් සියයට 25ක් පමණ අපතේ යන බව සොයා ගෙන ඇතැයිද පැවසුවේය.
එලෙස ඔක්සිජන් අපතේ යෑම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රෝහල් ප්‍රධානීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගෙන ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට ඇවිත්
ranjith Thursday, 12 August 2021 07:47 PM
හැම පහසුකමක්ම උපරිම ධාරිතාවට එනකම් ඉන්නේ මොකද .ඊළඟට විකල්පයක් නෑ නේද .අනේ මන්දා රටට වෙලා තියෙන කරුමයක්
siri Thursday, 12 August 2021 07:57 PM
ඔක්සිජන් නෑ, පොහොර නෑ, කිරිපිටි නෑ, ගෑස් නෑ, සීනි නෑ. ඒඋනාට පම්පෝරිය නම් තියෙනවා ඇති වෙන්න.
pakeer Friday, 13 August 2021 12:13 AM
නහය ලඟට එරී ඇත .දුර්ජන පාලකයින් තාමත් නිහඬය .ඔවුන් මේ බලා සිටින්නේ ණය පියවා ගැනීමට අපිට පිට රට වලින් ආධාර දෙනකම්ද ?
Perera Friday, 13 August 2021 07:25 AM
ඔක්සිජන් කන්නද කියලා අහපු අර පාර්ලිමේන්තු මන්ත්‍රී පස් නිශාන්තයා කොහෙද ?