(ඉන්දිකා රාමනායක)
මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු සිදු නොකරන ලෙසට කිසිවකූ හෝ තර්ජනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) වෙත පැමිණිලි කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්තුදූව මහතා ඉල්ලා සිටී .
මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ( විශ්‍රාමික ) මහතා පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
රජයේ නිලධාරීන්ගේ රාජකාරියට නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම , තර්ජනය කිරීම වරදක් වන හෙයින් එවැනි තර්ජනයන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පොලිසිය විශේෂ අවධානය යොමුකර යොමු කර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔන්ලයින් ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම්
Kumara Friday, 17 September 2021 12:46 PM
ස්ටාලින්ව අතුලට දාන්න.
Ruwan R Friday, 17 September 2021 12:46 PM
මේ කියන්නේ ටියුෂන් කඩ ගැනද.? වෙන ගුරුවරයෙක් නම් තවම අපේ ළමයින්ට උගන්වන්නේ නැහැ.
චන්දන Friday, 17 September 2021 02:08 PM
සමහර පාසල්වල ගුරුවරු වෙතත් ලින්ක් හදාගෙන වැඩ කරනවා. එයාලාට තමයි තර්ජනයක් තියෙන්නේ...
chandanaFriday, 17 September 2021 03:46 PM
වෘත්තීය ගුරුවරුන් නොවන ඒහෙත් අතිදක්ෂ තරුණ පිරිසක් නොමිලේ ඔන්ලයින් පන්ති උගන්වනවා. අවර ගනයේ සුළු පිරිසක් සිටියත් බහුතරයක් වර්ථමාන පරපුර දක්ෂයි, රට ගැන, දරු පරපුර ගැන සහ තාක්ෂණය ගැනත් ධනාත්මකව හිතන තරුණ පිරිසක් රටට ඉන්නවා.
යෝගා Friday, 17 September 2021 01:01 PM
ස්ටාලින් විතරක් ඇතුලට දාලා මදි. NGO සල්ලිවලට නටන හැමෝම දාන්න ඕන
විපුල Friday, 17 September 2021 03:47 PM
ඔව්, දැන් සටන්කාමී ගුරු නායකයින්ට එරෙහිව බොරු චෝදනා ගෙනැල්ලා ඒ අය අත් අඩංගුවට අරන් හදිසි නීතිය යටතේ හරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්නත් පුළුවන්...
swene Friday, 17 September 2021 06:54 PM
අනුරාධපුර සිරකරුවන්ට තර්ජනය කල අයටත් ඔය වගේම තදින් ඉන්නකෝ...!