IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඔන්ලයින් දුම්රිය ආසන ‘මාෆියාවක්’

(යොහාන් භාසුර)

දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කිරීමෙන් සාමාන්‍ය ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් සැළසුම්සහගත පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කරගෙන ඒවා වැඩි මිලට අළෙවි කරන බවත් ජනතාව චෝදනා කරති.

ආසන වෙන්කිරීම විවෘත වී විනාඩි දෙකක් තුළ සියලුම ප්‍රවේශපත් වෙන්කර අවසන් වන බවත් ඒ අනුව ජනතාවට ආසන වෙන්කිරීමට අවස්ථාවක් නොමැති බවත් වැඩි චෝදනා එල්ල කරති.

කොළඹ සිට බදුල්ල දුම්රිය ආසන වෙන්කිරීමේදී මෙම තත්වය වඩාත් දැඩි වී ඇති බවත් උඩරට මාර්ගයේ ආසන වෙන්කරගැනීමේදී සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් ජනතාව පවසති.

අන්තර්ජාලය හරහා ආසන වෙන්කිරීම විවෘත කළ වාහාම එම පිරිස සම්පූර්ණ ප්‍රවේශපත් තොගය වෙන්කරන බව කියන ජනතාව ජනතාවට ඉන් පසුව ප්‍රවේශපත් වැඩි මිලට ගැනීමට සිදුවන බව ද එම අත්දැකීමට පත්වූ ජනතව පවසති.

රුපියල් 2,500 ක් වන එසේ වෙන්කරන්නා ප්‍රවේශපත් රුපියල් 5,00 සිට 10,000 දක්වා මුදලට පිරිසක් අළෙවි කරන බව ද ජනතාව පවසති.

මෙම තත්වය පිළිබඳව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ජනතාවගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ද මේ පිළිබඳව පැමිණිලි ලැබෙන බවත් මෙම ආසන වෙන්කිරීම පිළිබඳව තීන්දුව දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් ගත් එකක් නොවන බවයි.

එම තීන්දුව ප්‍රවාහන අමාත්‍යංශය මට්ටමින් ගත් තීන්දුවක් වීම නිසා දුම්රිය නිලධාරීන්ට කළ හැකි දෙයක් නොමැති බවත් දෙපාර්තමේන්තුව මට්ටමින් මේ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කර ඇති බවත් ඉදිපොළගේ මහතා කීය.

 



අදහස් (11)

ඔන්ලයින් දුම්රිය ආසන ‘මාෆියාවක්’

kam Thursday, 12 September 2024 11:03 AM

අනේ මන්දා. දුකයි අපේ ජනතාවගේ පරිගණක සාක්ෂරතාව ගැන. ඔ්කට එක එක මිනිස්සුන්ට සල්ලි දෙන්න අවශ්‍ය නැහැනේ. තමන්ටම කර ගන්න පුලුවනි.

:       6       10

පිටරටවැසියා Thursday, 12 September 2024 11:05 AM

දෙපාර්තමේන්තුවෙන් නොකළ දෙයක් නිසා නිලධාරීන්ට මොකුත් කරගන්ට බැරුව කෙකර ගගා ඉන්නවා...අමාත්‍යංශයෙන් කරලා තියෙන්නෙ ඉතාමත් හොඳ දෙයක්, එහෙම වුණත් මේ තක්කඩි නිලධාරීන්ට ටිකට් වංචාව - මාෆියාව පාලනය කරගන්න බැරි හැටි???

:       0       14

ajith Thursday, 12 September 2024 11:29 AM

සරල පිළිතුරක් ඇත තොග වෙන්කරවා ගැනීම (පුද්ගලයෙකුට ප්‍රවේශපත්‍ර 5 කට වැඩි) පද්ධතිය තුළ ඉඩ නොතැබිය යුතු අතර වෙන්කරවා ගැනීම ජාතික හැඳුනුම්පත සමඟ සම්බන්ධ කර වහාම ගෙවීම කළ යුතුය. එකම පුද්ගලයා හෝ එකම බැංකු ගිණුම් ගෙවීමක් මගින් නිතිපතා දෛනික වෙන් කිරීම් වැනි අසාමාන්‍ය වෙන් කිරීම් අසාදු ලේඛනගත කළ යුතුය.

:       0       38

jaya Thursday, 12 September 2024 11:46 AM

ඔන්න කරනවා නං මගීන්ට වැඩක්. වැඩි ගානට සතියක් දෙකක් ගන්නේ නැතිව හිටියා නං ප්‍රශ්නේ ඉවර වෙනවා. කාටවත් කන් කෙඳිරි ගාන්න ඕන නෑ

:       1       9

sachith Thursday, 12 September 2024 12:21 PM

ඕක ඉතින් ඉස්සර ඉදලා තිබ්බ මාෆියාවනේ... මොකද අලුත් දේ? සංචාරකයින්ට විකුණන්න බලාගෙන මේ දේ කරන්නේ...

:       0       12

ගොබ්බසේන Thursday, 12 September 2024 12:29 PM

සරලවම වෙන්කරගන්නා පුද්ගලයා දුම්රිය ගමන අනිවාර්ය කරන්න.

:       0       19

manjula Thursday, 12 September 2024 01:20 PM

මේ වගේ පොඩි දේවල්වත් අල්ලගන්න බැරිද ?එකෙක් දෙන්නෙක් ඇතුලට දාලා ප්‍රසිද්ධ කෙරුවානම් හරි

:       0       17

LAL Thursday, 12 September 2024 03:29 PM

අනිවාර්ය විදේශ ගමන් බලපත්‍රය / හැඳුනුම්පත විස්තර කරන්න.

:       0       13

saman Thursday, 12 September 2024 05:43 PM

ලංකාවට අනිවාර්යයෙන් ඒ අයිඩෙන්ටිෆිකේෂන් සිස්ටම් එකක් ඕනේ. එතකොට ඔය පාස්පෝට් වලින් වගේ දේවල් වුණත් නවත්තන්න ඕනේ...

:       0       5

මවුබිමේ අනාතයා Thursday, 12 September 2024 11:40 PM

නමට පමණක් නිකුත්කරන්න. පසුව වෙනස්කළ නොහැකි පරිදි...!

:       0       2

කමල් Friday, 13 September 2024 05:03 PM

සියලුම එකි එක් ටිකට් පතක්ම එහි යන මගියාගේ නම දමා ඊටම ආවේණික බාර්කෝඩ් එකක් දැම්මා නම් ටිකට් ගන්නේ යන කෙනා විතරයි. ස්ටේෂන් එකේදී අයිඩින්ටිය චෙක් කළ යුතුයි. ඩිජිටල් කළාට වැඩක් නෑ. ඒවා හරියට නොකළොත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1393 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1765 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5579 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1497 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5893 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5515 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17777 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site