IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඔන්ලයින් පනත ගැන ජුලි චංග් කනස්සල්ලෙන්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි.

ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ඔන්ලයින් පනත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඇති බාධාවක් බවය.

ඊට අමතරව, මෙම නව පනත මගින් නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට බාධාවක් වී ඇතැයි ඇමෙරිකන් තානාපතිනිය පෙන්වා දුන්නාය.

විනිවිදභාවයකින් තොරව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, පනත් කෙටුම්පත සකස් කිරීමේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් සිදු වී නැති බවත් ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත.

"මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමක් සිදුවී ඇතැයි මට පෙනී යනවා. මෙම පනත හරහා අනවශ්‍ය ලෙස සීමා පැනැවීම ආයෝජන කටයුතුවලට පමණක් නොවෙයි, ඩිජිටල් ආර්ථික සංවර්ධනයට බාධා විය හැකියි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකට බලපෑමක් විය හැකියි. නීති සම්පාදනය කළ යුත්තේ විනිවිදභාවයකින්. එසේ කටයුතු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් සහ ශ්‍රී ලාංකික වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(ඩේලි මිරර් ඇසුරිනි)



අදහස් (9)

ඔන්ලයින් පනත ගැන ජුලි චංග් කනස්සල්ලෙන්

චන්දන Wednesday, 31 January 2024 09:34 PM

ආ...මෙයාගෙන් අහල නෙමෙයිද ඕක ගෙනාවෙ..මළ කෙළියයි..එහෙනං ඕක සංශෝධනය කරන්නම වෙනව..

:       11       6

LALITH KANNANGARA Wednesday, 31 January 2024 09:35 PM

මේ රටේ පොදු ජනතාවට කළ හැකි දෙයක් නැහැ. මේ රටේ නීති සම්පාදනයේ සම්පූර්ණ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට.

:       0       6

[email protected] Wednesday, 31 January 2024 10:55 PM

සටහන් කර ඇත. ස්තුතියි

:       0       2

uncle sam Wednesday, 31 January 2024 11:20 PM

අපිටත් ලොකු කනස්සල්ලක් තියෙනවා ඇමරිකාවේ 2001 ඔක්තෝබර් මාසයේ සම්මත කරලා අදටත් බලපවත්වන පේට්‍රියොට් ඇක්ට් 2001 (Patriot Act 2001) කියලා හඳුන්වන පනත ගැන​. ඒකෙන් ලොව පුරා විසිරී සිටින ඇමරිකන් සන්නිවේදන සමාගම් බැඳිලා ඉන්නවා ඒ අනික් රටවල අයගේත් ඔවුන් ලඟ තිබෙන සියලුම දත්ත ඇමරිකානු රජයට අවශ්‍ය විට ලබා දෙන්න​. එතකොට ඒ ගැන ජූලී නෝනාට කනස්සලු නැද්ද​.

:       2       6

Bamunuarachchi Thursday, 01 February 2024 03:44 AM

නෝනා ඔබේ කනස්සල්ල අපිට අදාළ නැත. පාදඩයින් සමාජමාද්‍ය පාවිච්චි කරන ආකාරය දන්නේ අපියි එමනිසා ඔන්ලයින් පනත ක්‍රීයාත්මක වාන්නේ කෙසේදවත් නොදැක වෙන ඔබේ කනස්සල්ල දැක අපි කනස්සල්ලට පත් උනා. ඔබ දන්නවා ඇති මෝදී බංගලාදේශයට ඒම ගැන බංගලාදේශීන් විරුද්ද උනා. මෝදී බංගලාදේශයට සුමානයකට පෙර සියලු සමාජ්‍ය මාධ්‍ය අවහිර කලා. මෝදී ආපසු ගියාට පසුයි නැවත සමාජ්‍මාධ්‍ය ක්‍රීයාත්මක උනේ.

:       11       5

අනුර පැස්කුවල් Thursday, 01 February 2024 02:59 PM

අපේ මිනිස්සු හරි ආසයි පොර ටෝක් දෙන්න. ඒත් ඔයයි මමයි දෙන්නාම ජීවත් වෙන්නේ ලෝකේ වටේම හිඟාකාලා ගේන සල්ලිවලින් බව අමතක කරන්න එපා. පශ්චාත් භාගේ කසාගන්න නියපොත්ත නැති ජාතියක් පොර ටෝක් දෙනවා දැක්කාම ලෝකයා හිනාවෙනවා සහෝ. ඔන්න ඕකයි ඇත්ත...!

:       0       0

Sam Thursday, 01 February 2024 10:08 AM

ඔබ වෙනත් රටවල් පරීක්ෂා කිරීමට පෙර ඔබේම තානාපති කාර්යාලය මිනිසුන්ට සලකන ආකාරය පරීක්ෂා කරන්න. මම දැන් මාස 4කට වඩා වැඩි කාලයක් මගේ විදේශ ගමන් බලපත්‍රය සහිත සංක්‍රමණ වීසා අයදුම් කළා. විද්‍යුත් තැපෑලට පිළිතුරු නොදීම, කිසිවිටෙක ඇමතුමකට පිළිතුරු නොදීම, අතින් භාරදෙන තැපෑලට පිළිතුරු නොදීම. ඔබේ ආයතනය ගැන ලැජ්ජයි.

:       4       12

ukran Thursday, 01 February 2024 11:10 AM

මෙයා හිතන් ඉන්නේ මෙයා ලංකාවේ රජා කියලා.එයාට තියන වැඩේ කරගෙන ඉන්නේ නැතුව රටේ දේවල් වලට හොට දානවා .දැන් මෙයා ලංකාවට චුයින්ගම් එකක් වෙලා

:       10       8

pj Thursday, 01 February 2024 03:48 PM

ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි.මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 712 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 535 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1616 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 499 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1365 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site