IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


’ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක්’

(ගයාන් සූරියආරච්චි) 

ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන මූල්‍ය වංචා පරිගණක අපරාධ ගණයට වැටෙන අතර එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද නිහාල් තල්දුව මහතා පැවසීය.

මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී  නිවාස වල රැඳී සිටිමින්  අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩා සිදුකරමින් මූල්‍ය වංචා කළ ඉන්දියානු ජාතිකයන් 137 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම ඉන්දියානු ජාතිකයන් සංචාරක වීසා මගින් මෙරට රැඳී සිටි ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉන්දියාවේ තහනම් කරන ලද සූදු වෙබ් පිටුවක් මෙරට සිට ක්‍රියාත්මක කර ඒ ඔස්සේ ඉන්දියානු ජාතිකයන් සම්බන්ධ කර ගනිමින් කෝටි ගණනින් සූදු ක්‍රීඩා කර ඇති බව අනාවරණය වී ඇත.

මෙම ඉන්දියානු ජාතිකයන් මාස කීපයක සිට මෙම ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ වන විට අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා සිදුකරන  ජාවාරම්කරුවන් ජාලයක් සිටින බවට අනාවරණය වී ඇති අතර එම ජාවාරම්කරුවන් හෙළිදරව් කර ගැනීමට විමර්ශන සිදුකරන බවද නිහාල් තල්දුව මහතා පැවසීය.

යම් පුද්ගලයෙක් සතු නිවසක් කුලියට දුන්නද එම නිවස කුලියට ගත් පිරිස කුමන කාර් යයක  නියැලෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට අයිතිකරුට වගකීමක් ඇති බව පැවසූ තල්දුව මහතා එම කුලියට ගත් නිවස කිසියම් අපරාධයක් සඳහා භාවිතා කර ඇති බවට අනාවරණය වුවහොත්  රාජසන්තක කිරීමට පවා හැකියාව ඇති බව පැවසුවේය.

අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නඩු පැවරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය.



අදහස් (4)

’ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක්’

නිහාල් Friday, 28 June 2024 10:56 PM

මහබැංකු වංචාවෙන් එහෙම බලපෑමක් නෑ...

:       40       10

රංබොඩ Saturday, 29 June 2024 02:42 AM

ඉන්දියානුවන් එහෙමයි. අධික ජනගහනයක් ඇති රටක් නිසා ලෝකෙ පුරාම ඔවුන් දැඩි සේ ව්‍යාප්තව ඒ ඒ රටවලට බලපෑම් ඇති කරනවා. රනිල් ලොක්කා ගොඩබිමිනුත් පාරක් හදන්න හදනවා. එහෙම ස්වයං වින්දනයක් යෙදුනට ඒවා සමස්ථ ජාතියටම අනාගත ගැටලු .

:       0       2

Vithana Saturday, 29 June 2024 05:29 AM

ඔන්ලයින් සහ උන්ඩියල් ජාවාරම් වල නිරතවෙන බොහෝමයක් අර පක්ෂේ උදවිය තමයි. ඒ සල්ලි තමයි පක්ෂේ වියදමට එවන්නේ. ඒ නිසයි ඒ පක්ෂයේ නායකයෝ පක්ෂ අරමුදල විගණනය කරනවට විරුද්ධ

:       0       2

End Game Saturday, 29 June 2024 08:51 AM

මහබැංකු හොරු, සුනාමි හොරු ආදී නොයෙක් හොරුත් තාම ලංකාවේ ඉන්නවනේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2522 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1678 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2420 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3327 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site