(රේඛා තරංගනී ෆොන්සේකා)
ඔබේසේකරපුර දින 14 කට හෝ හුදෙකලා ප්‍රදේශයක් බවට පත් නොකළහොත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ ද කොවිඩ් පැතිරීමේ අවදානම වැඩිවිය හැකි බව කෝට්ටේ නගර සභා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා අද (11) පැවසීය.
ඔබේසේකරපුර නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් රතු කලාපයක් ලෙස නම් කර ඇති බවත් එම කලාපය හුදකලා කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවත් පසුගිය මහ සභා වාරයක දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව වෛද්‍යවරයාගෙන් අප කළ විමසීමේදී ඔහු මෙසේ කීය.
ඔබේසේකරපුර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සේවයට විවිධ වෘත්තීකයන් පැමිණෙන බව සඳහන් කළ වෛද්‍යවරයා යම් පුද්ගලයකු කොවිඩ් ආසාදිත හෝ ආශ්‍රිත තත්ත්වයට පත්වන තුරු ඔවුන්ට රැකියාවට වාර්තා නොකරන්නට යැයි දැනුම් දීමට නොහැකි බව පැවසීය.
එහෙයින් කොවිඩ් කලාපයක් සේ වන ඔබේසේකරපුර සිට එම සේවකයින් සේවයට වාර්තා කිරීම තුළින් යම් අවදානමක් සභා කාර්යාල වන ද මතු විය හැකි බව ඒ මහතා පැවැසීය.
මේ වන විට පුරතිවරයාගේ උපදෙස් මත සිදුකළ පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව කාර්යාල වන කොවිඩ් පැතිරීමේ තත්ත්වය පාලනයට සියලු පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
මේ පිළිබඳව පසුගිය මහ නගර සභා සභාවාරයේ ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අදහස් පළ කරනු ලැබීය. ඒ අතරේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු වන ප්‍රභාත් විද්‍යාපති මහතාද අදහස් පළකරමින් ඔබේසේකරපුර නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල රතු කලාපයක් ලෙස නම් කර ඇති බවත් ගෝතමීපුරට ආසන්න ම පිහිටි ඔබේසේකරපුර යම් අවදානමක් ඇති බවත් පැවසීය.
ඒ අනුව මේ වන විට කොවිඩ් ආසාදිතයකු බවට පත්ව සිට සුවය ලබා ඇති නාගරික මන්ත්‍රි චන්දිම නයනජිත් මහතාද එම සභා වාරයේදී ඔබේසේකරපුර දින දාහතරකට හුදෙකලා කර ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ අවශ්‍යතාවය පිළිබඳව මත පළ කරනු ලැබීය.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔබේසේකරපුර හුදෙකලා කරන්නැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඉල්ලයි