කොවිඩ් 19 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.
''අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි'' යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 'ඇස්ටාසෙනකා' යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි.
'කොවිඩ් 19' සඳහා 'ඇස්ටාසෙනකා' සමාගම නිපදවූ 'ඔක්ස්ෆර්ඩ්-ඇස්ටාසෙනකා' ප්‍රතිශක්තිකරණ එන්නත, ලොව වැඩි දෙනකුට ලැබුණු එන්නතකි. රුධිර කැටි ඇතිවීමේ අවධානමක් පෙන්නුම් කර ඇත්තේ ද මෙම එන්නතය.
මහා බ්‍රිතාන්‍යයේ වැඩි පිරිසකට ලබා දී ඇත්තේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සහ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත, ඉන්දියාවේ 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම හරහා නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' යන වෙළෙඳ නාමය යටතේය.
''ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කරගෙනයි අප අලුත් එන්නතක් නිපදවීම ආරම්භ කළේ. කෙසේ නමුත් මෙම අලුත් එන්නත ඔමික්‍රෝන්වලට පමණක් සීමා කරන්න අප බලාපොරොත්තු වන්නේ නැහැ. ඉදිරියේ දී බිහිවන සියලු කොවිඩ් 19 විකෘති ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයටයි අප මෙය නිපදවන්නේ'' යැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය සැන්ඩි ඩග්ලස් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක්
Norman de silva Thursday, 23 December 2021 07:10 AM
තවත් විහිළුවක්...අපිට මේක එපා වෙලා...