IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඔසු සැලක් බිඳ මුදල් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැලකින් රුපියල්  ලක්ෂ දා හතක් වටිනා මුදල් හා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයකු කොට්ටාව පොලිසිය මගින් අද (27)  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මොහු  57 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සළකින් සස්ටජන් , අධික මිල ගණන් යටතේ අලෙවි වන විටමින් වර්ග සහ ආලේපන වර්ග තොගයක් මෙසේ සොරා ගෙන තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොට්ටාව නගර මධ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සන්තකයේ තිබී 274000.00 මුදලක් හා ලක්ෂ තුන හමාරක් වටිනා භාණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය කියයි.

මොහු  කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් 36 බිද කෝටි  හතරකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධින් රැසක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 15 බන්ධනාගාරගතව සිට  නිදහස්ව ආ අයෙකු බවත් 2006 වසරේදී වත්තල ප්‍රදේශයේ  දුම්වැටි ඒජන්සියකින් දුම්වැටි සොරා ගැනීමට ගිය අවස්ථාවේදී  එහි ආරක්ෂක නිලධාරියාට  පොල්ලකින් පහර දී  ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හා 2021.දෙසැම්බර් මාසයේදී  සිය අනියම් බිරිඳ තියුණු ආයුධයකින් කපා කොටා  තුවාල  සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ අයකු බවටත් අඹන්පොළ , පින්දෙණිය ,හා මහරගම  යන පොලිස් වසම්වල වූ  සොරකම් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි

සැකකරු වසර 15 ක සිර දඬුවම් විඳ නිදහස්ව පැමිණ ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේදී බවද පොලිසිය කියයි.

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය . කොට්ටාව පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති

 

 

 

 

 

 

 



අදහස් (0)

ඔසු සැලක් බිඳ මුදල් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 139 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 898 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 373 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1301 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4676 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2202 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site