(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාව අතර කොල්කටාහිදී දැන් පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 49.4 කදී ලකුණු 212 කට සීමාවිය.
ඕස්ට්‍රේලියාවට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඕවරයකට ලකුණු 4.26 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 213 ක් රැස්කළ යුතුය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුලු හතර ලකුණු 24 කට බිඳ වැටුණි. ඉන් පසුව හෙන්රිච් ක්ලාසීන් (47) සහ ඩේවිඩ් මිලර් (101) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 95 ක සම්බන්ධතාව තරමක හිස එසවීය.
ඩේවිඩ් මිලර් අන්තයක් ආරක්‍ෂා කරමින් පන්දුවට පහර දෙමින් පන්දු 116 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.
දකුණු අප්‍රිකානු ඉනිමේ 14 වැනි ඕවරයේදී වර්ෂාව ඇදහැලීමෙන් තරගය පැයක් පමණ අත්හිටුවීමට සිදුවිය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 212
(හෙන්රිච් ක්ලාසීන් 47, ඩේවිඩ් මිලර් 101, ජෙරල්ඩ් කොයිට්ෂි 19, මිචෙල් ස්ටාක් 34/3, ජෝෂ් හෂල්වුඩ් 12/2, ටේරවිස් හෙඩ් 21/2, පැට් කමින්ස් 51/3)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඔස්ට්‍රේලියාවට ලකුණු 213 ක ඉලක්කයක්