දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට ස්පාඤ්ඤ රජය සැලැසුම් කර ඇති අතර, ඊට අදාල පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් යැයි පැවැසෙයි.
ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරන අන්දමට කාන්තාවන්ට දින 3 ක් නිවාඩු හිමිවෙයි. එම නිවාඩුව දින 5 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව ලැබේ. ඒ, දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය නිර්දේශ අනුවය.
මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය සම්මත වුවහොත්, එවැනි පනතක් හඳුන්වා දෙන පළමු යුරෝපා රට බවට ස්පාඤ්ඤය පත් වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ස්පාඤ්ඤ රජය මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් එරට නව නීතිවලට අනුකූලවය. පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට ද නියමිත බව පැවැසෙයි.
(බීබීසී)
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්
Rohan Friday, 13 May 2022 02:06 PM
එම රටට ගැලපුණත් අපේ රටට මෙය කොතරම් සුදුසුදැයි කිව නොහැකියි. මක් නිසාද ලොව වැඩිම නිවාඩු හිමි රටක් වූ අපට වැඩ කිරීමට කාලය නොමැති වනු ඇත...