IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


’’ඕනෑම විවාදයකට මම සූදානම්’’

(නිමල කොඩිතුවක්කු සහ ආරියරත්න  රණබාහු)

රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ඕනෑම වාද විවාදයකට තමා සූදානම් සේම තමා සමඟ තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ  මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු වම් ඉවුර  පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.



අදහස් (14)

’’ඕනෑම විවාදයකට මම සූදානම්’’

Buddika Wednesday, 03 April 2024 05:28 PM

විවාදය අනුර කුමාර එක්ක නේද? මෙහෙමයි. අනුරකුමාර කතාවට විවාදයට වගේම තර්කකරන්න දක්ශයෙක්. සජිත් කතාවට, විවාදයට වගේම වැඩකරන්න ඉතාම දක්ශයෙක්. අනුරට ජනතාව ඉස්සරහා කතාකරලා පුරුද්දක් තිබ්බාට වැඩකරලා නම් පුරුද්දක් ඇත්තේම නෑ. වැඩකරන්නෙත් නෑ. සජිත් ආණ්ඩුවෙන් සල්ලි දෙනතෙක් ඉන්නේ නැතිව කොහෙන් හෝ හොයාගෙන වැඩ කරනවා. ඒ කරන ජනතා සේවයේ 5% ක්වත් අනුර කුමාර කරලා නැහැ. කරන්නත් බෑ...

:       51       22

NissankaWednesday, 03 April 2024 06:23 PM

සුනාමිය ආව වෙලාවේ අනාත වුණු මිනිස්සුන්ට කඳවුරු හදලා උයලා කන්න බොන්න දීලා උදව් උපකාර කරේ ජවිපෙ. මිනිස්සුන්ගේ ගෙවල් සුද්ද පවිත්‍ර කරලා නැවත පදිංචි වෙන්න උදව් කරේ ජවිපය. ගාල්ල බස් නැවතුම් පොල අළුත්වැඩියා කරේ ජවිපෙ. දවස් 52 කින් මුහුඳුබඩ දුම්රිය මාර්ගය අළුත්වැඩියා කරේ ජවිපෙ වෘත්තීය සමිති...

:       18       29

ChandraWednesday, 03 April 2024 06:26 PM

ජාවාරම් කාරයින්ගෙන් සල්ලි අරන් ඉස්කෝලවලට කොම්පියුටර් බෙදලා ආණ්ඩුවක් ගත්තාම ඒ ජාවරම් කාරයින්ට අතයටින් කොන්ත්‍රාත් දීලා ඒ සල්ලි ආපහු හම්බ කරගන්න උදව් කරන්න වෙනවා...

:       16       38

ChandraWednesday, 03 April 2024 07:35 PM

මේ මහත්තයාට බලය ලැබුණොත් තමන්ට බස් හා සල්ලි දෙන මුදලාලිලාට සළකන්න ගියාම රටේ දුප්පත් අහින්සකයින්ට සලකන්නේ, සහන දෙන්නේ මොන ආර්ථික ප්‍රතිපත්තියෙන්ද? මේ මජර දේශපාලනයට කවදා තිත තැබෙයිද?

:       1       0

NimalThursday, 04 April 2024 08:14 AM

ඒක තමයි ,කොහොම කොහොම හරි උදව් කරන්නේ ,තමන් මහන්සියෙන් හරි හම්බ කරපු දෙයින් කොටසකින් නේ .අනේ පව්

:       1       3

Sunil Wednesday, 03 April 2024 05:46 PM

දැන් මොකද අනුර මහත්තයා කියන්නේ...?

:       10       21

Sanath Wednesday, 03 April 2024 06:14 PM

පුතානෝගේ රෙදි ගැලවෙන වැඩක්....!

:       16       29

Kumara Wednesday, 03 April 2024 06:16 PM

සජියාගේ තියෙන ඡන්ද ටිකටත් කෙළවෙනවා... අනුර එක්ක විවාද කරන්න ගියොත්...!

:       18       31

Vajira Wednesday, 03 April 2024 06:29 PM

උස නම් සිකුරිටි මිටි නම් කම්කරු ප්‍රතිපත්තියෙන් රට හදන හැටි මම පහදා දෙන්නම් මිත්‍රවරුනි...!

:       12       32

ThiliNa Wednesday, 03 April 2024 06:31 PM

ඇමතිකම් කරපු කාලේ සංස්කෘතික අරමුදලට කෙලවපු හැටිත් කියනවා නම් හොඳයි.

:       11       28

Bandara Wednesday, 03 April 2024 06:33 PM

රටපුරා කුකුල් කූඩු වගේ පෙට්ටි ගෙවල් හදලා රට ගොඩදාන්න පුළුවන් කියලා හිතන කෙ‍නෙක් එක්ක මොන විවාදද​?

:       13       30

ගමේ එකාලා Wednesday, 03 April 2024 08:18 PM

නිධන් හාරපු හැටිත් දැනගන්ඩ කැමැත්තෙන් ඉන්නේ?

:       1       0

සිල්වා Wednesday, 03 April 2024 10:56 PM

වාද විවාද, තර්ක වලින් රටක් ගොඩනගන්න පුළුවන් කියල හිතන ජනතාවක් ඉන්න රටක් ගැන තවත් මොනවා බලාපොරොත්තු වෙන්න ද, ගොටා දෙවන ජවනිකාව මිසක්.

:       0       1

අරවින්ද මොනරවිල Thursday, 04 April 2024 09:58 AM

සජිත් අනුරගේ නම නොකියා අභියෝග කෙරුවේ තියෙන බයට, ඒ නිසා ඔය විවාදය තියෙන තුරු විශ්වාස කරන්න බැහැ. මොකද අනුර දන්නවා සජිත්ගේ පැටිකිරිය. ඒ නිසා එයාගේ බස් බෙදිල්ල හා ස්මාර්ට් බෝඩ් බෙදිල්ලෙන් ගොඩ යන්න සජිත්ට බැරිවෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 311 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 307 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 326 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 431 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 714 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 894 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38331 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25256 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 857 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site