(ෂේන් සෙනෙවිරත්න)
මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමා රටින් පිටව යාමට සූදානම්ව සිටී කටාන හල්පේ අල් ඔබේදාන් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු එය නැවතත් පවත්වාගෙන යාමට එකඟ වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බලධාරීන් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කළමනාකාරිත්වය සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු එය වසා නොදැමීමට එකඟ වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .
අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (09) පෙරවරුවේ මහනුවර දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය .
ඇඟලුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයට පොලිස් හා විශේෂ කාර්යය බලකා ආරක්ෂාව යෙදවීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය .
පසුගිය මාර්තු මස 30 වැනි දින එම කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කීප දෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව එහි හිමිකරු එම ආයෝජනය හමාර කොට රටින් පිටව යාමට තීරණය කොට තිබුණි .
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමා මැදිහත්ව එම කර්මාන්තශාලාවට පොලිස් මුරපොළක් හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට එකග වු බවයි . එහෙත් තවදුරටත් එම ඇඟලුම් ආයතනය කටාන ප්‍රදේශයේ පවත්වාගෙන යාමෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් ඒ සඳහා සුදුසු වෙනත් ස්ථානයක් ලබා දෙන ලෙස එහි හිමිකරු ඉල්ලීමක් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ඕනෑම කර්මාන්ත කලාපයක හෝ ආයෝජන කලාපයක කර්මාන්ත ශාලාව ඉදි කර ගැනීම සඳහා නොමිලයේ ඉඩමක් ලබා දීමට සූදානම් බවට කර්මාන්තශාලාවේ හිමිකරුට දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය .
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඕමාන් ආයෝජකයා තීරණය වෙනස්කරයි
kapila Tuesday, 09 May 2023 02:30 PM
මැරයෝ පාලනය කරන රටකට ආයෝජකයෝ එයිද?
JasaTuesday, 09 May 2023 09:37 PM
ආයෝජකයාට ඉඩ්මක් දීමට වඩා වටින්නෙ ඕක කරපු මැරයන්ට උන්හිටි තැන් නැත්කිරීම
sukitha Tuesday, 09 May 2023 02:39 PM
අවුරුදු 2500 පීරමින් අපේ ජාතිය මෙතරම් දුර්වල වූයේ කවදාද, කුමන හේතුවකටද යන්න සොයා බැලිය යුතුය. ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්න.
sujeewarTuesday, 09 May 2023 04:50 PM
ඓතිහාසික බෞද්ධ දර්ශණයෙන් පෝෂණය වූ සහ බෞද්ධ සංස්කෘතියකින් අලංකාරවත් වූ මේ බෞද්ධ රටේ නිදහස, ස්වෛරීත්වය බිඳ හෙලීම සඳහා බලෙන් පටවන ලද බහු ජාතික හා බහු ආගමික මිථ්‍යාවෙන් ක්‍රමානුකූලව එසේ සිදුවී ඇත. කුමන ආකාරයක හෝ ත්‍රස්තවාදය රජ වන්නේද, එයින් පාඩම් ඉගෙනගෙන තිබියදීත් ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධ වන්නේද, මෙරට සංස්කෘතියට පයින් ගසමින් වෙනත් නොගැලපෙන සංස්කෘතීන් මුල්බැස ගන්නේද, මානව හිමිකම් මුවාවෙන් බහුතරයකගේ අයිතිවාසිකම්වලට පයින් ගසමින් සුළුතර විනාශකාරීන් රජ කරවන්නේද මෙම තත්වය නිසාවෙනි. මේ කිසිවකුත් ශක්තිමත් නීතියක් පැනවීමටත්, එවැනි ශක්තිමත් නීතියක් ක්රියාවේ යෙදවීමටත් විරුද්ධ වෙති.
පැරකුම්Wednesday, 10 May 2023 02:56 AM
අපට වැරදුනේ මෑතක පටන් අපි දේශපාලුවන්ට අනිසි බලයක් ලබාදීමයි. වරදකරුවෝ අපිම වෙමු…!
swene Tuesday, 09 May 2023 03:19 PM
අම්මගේ අප්පාගේ බුදලේ වගේ නොමිලයේ ඕනම තැනක ඉඩම් ලබා දෙන්න කලින් වරද කල වුන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දීල අගතියට පත් වුවන්ගේ විශ්වාසය දිනා ගැනිමයි කල යුත්තේ.
NisalaTuesday, 09 May 2023 05:34 PM
ඔබ නිවැරැදියි.
ඉන්දික Wednesday, 10 May 2023 06:51 AM
මේ කතාව සියයට සියයක් හරි පොහොට්ටුවෙක් කරපු අලුගුත්තේරු වැඩක් නිසා රජයේ ඉඩමක් නොමිලේ දීමට අමතරව පොලිස් මුරපොළක් හා එස්ටිඑෆ් ආරක්ෂාව දීමට තීරණය කර තියෙනවා ඉතින් එක කාළකණ්නියක් නිසා ජනතා මුදල් කොපමණ නාස්තියක් වෙනවාද වරද කරපු එකා නිදැල්ලේ සිටිද්දී ජනතාවට තමයි වන්දි ගෙවීමට වෙලා තියෙන්නෙ ඇත්තටම කරන්න ඕන ඔය සියලු වියදම් ඇමතියාගෙන් අයකර ගැනීමයි එහෙමත් අමාරුනම් උන්දැව පාර්ලිමේන්තුවට නිර්දේශ කල උන්දැට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න අකමැති පක්ෂ මහ ලේකම්ගෙන් හා පක්ෂයේ නායකකාරකාදීන්ගෙන් අය කරන්න ඕන ඒ සමගම විනයක් නැති අපේක්ෂකයින් ඉදිරිපත් කරන පක්ෂ ත්‍රස්ත සංවිධාන ලෙසට නම්කර තහනම් කරන්න ඕන එහෙම නොකලොත් නිදහස ලබා අවුරුදු 75 ගතවෙලාත් දියුණු කරන්න බැරිවූ ලංකාව නිදහසින් අවුරුදු 100 ක් පිරෙන දින වනවිටත් යන්තමින් වත් ගොඩගන්න නම් බැහැමයි
sunil Tuesday, 09 May 2023 03:40 PM
ඉතින් හොඳ සිහියෙන් ඉන්න ආයෝජකයෙක් මේ රටට එයිද?
Galkotuwe Gedara Suneth Hemantha Kumara Tuesday, 09 May 2023 04:09 PM
මේක විසඳුමක් නෙමෙයි. විසඳුම් සෙවිය යුත්තේ මෙවැනි දෙයක් නැවත නොවීමට පියවර ගැනීමටයි. මැරයෝ එන හැම තැනටම පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන් නම් අවුලක් නෑ..
lakitha Tuesday, 09 May 2023 04:59 PM
මමත් ගුටි කෑවා. මටත් ඉඩමක් ඕනෑ...
Jay Tuesday, 09 May 2023 05:18 PM
එතකොට මැර ඇමැතිට ගත්තු ඇක්ෂන් එක මොකක්ද?
Ratna Tuesday, 09 May 2023 07:02 PM
අම්මගේ අප්පාගේ බූදලේ වගේ නොමිලයේ ඉඩම් ලබා දෙන්න? මැරයින්ට ප්‍රසිද්ධියේ දඬුවම් දීලා අගතියට පත් වූවන්ගේ විශ්වාසය දිනාගැනිමයි කළ යුත්තේ...!
BamunuarachchiWednesday, 10 May 2023 03:04 PM
ඉඩම් ලබා දුන්නොත් මිනිසුන්ට රැකියා ලැබයි,රටට විදේශීය විනීමය ලැබෙයි, ආයෝජකයාත් ලාබයක් ලබා ගනීවි. නැතුව විදේශිකයෝ මෙහෙ ආයෝජනය කරන්නේ කසනවාට නොවෙයි. ඔහෙලා ව්ගේ මිනිස්සුනිසා 1989 කාලේ ආයෝජකයෝ අපිට් රැකියා දුන්න ව්‍යාපාර අකුලාගෙන බංගලිදේශයට ගියා. මෝඩය.
ravin Tuesday, 09 May 2023 07:23 PM
සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටින්න. සටනට එක්වෙන්න. මැර දේශපාලුවන් පැන්නීමට කාලයයි...
Dhananjaya Herath Tuesday, 09 May 2023 07:41 PM
ආයෝජකයා එක්ක සාකච්ඡා පවත්වන්න කලින්, ඔය මැර ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ ඉන්දික අනුරුද්ධ කියන කාලකන්නි මැර රාජ්‍ය ඇමතියාව අත්අඩංගුවට අරන් නිසි පරීක්ෂණයකින් අනතුරුව අදාල දඬුවම් දුන්නා නම් ඔය ආයෝජකයා කටානේම රැඳී ඉඳීවි. ඒ මගින් එම කම්හලේ රැකියා කරපු දුප්පත් මිනිස්සුන්ගේ රැකියා ටිකත් පරෙස්සම් වේවි...!
SL Tuesday, 09 May 2023 11:24 PM
SFT පොයින්ට් එක දාන්නේ ඔය දියවන්නටව බැහැල ඉන්න රාජ්‍ය ඇමතිගේ අම්මගේ බුදලෙන්ද නැතිනම් අපි මැරිලා මැරිලා හම්බ කරන එකට ගහන බදු මුදලෙන්ද ? ඉන්දි* අනුරු * ද කියන දියවන්නා අම්බාරුවාගෙන බදුවත් උඹල කපන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්රිලගේ බදු මුදල් ආපසු මහබැංකුව ගෙව්වා !! මේ වරද කරපු උන්ට සතියක් ඇතුලට දඬුවම් දුන්න නම් තමයි ත්‍රස්තවාදී පනත ගේන්න හදන රනිල් වැඩ කාරයෙක් කියන්න පුළුවන්. අපිට ඕනේ ඔතන වරද කරපු චණ්ඩින්ට නීතිය ක්‍රියාත්මක කරන්න, එතකොට ඉතිරි සියල්ල ප්‍රශනයක් නැතිව ඉබේ සිද්ධවෙයි. නැතිනම් පොරත් බලේ තියාගන්න ඕනෙම ස්ට්ටම්බි කමක් කරන oxford ගියපු බයියෙක් තමයි මේ වරද කරපු උන්ට සතියක් ඇතුලට දඬුවම් දුන්න නම් තමයි ත්‍රස්තවාදී පනත ගේන්න හදන රනිල් වැඩ කාරයෙක් කියන්න පුළුවන්. නැතිනම් පොරත් බලේ තියාගන්න ඕනෙම ස්ට්ටම්බි කමක් කරන oxford ගියපු බයියෙක් තමයි
ලුම්බිණි Wednesday, 10 May 2023 05:54 AM
මැර ප්‍රහාරයක් එල්ල කරපු එවුන්ට මොනම කරදරයක්වත් නැත්තේ මොකද?
Perera Wednesday, 10 May 2023 09:45 AM
ජනතා නියෝජිතයින්ගේ මැරකම් වලින් බේරෙන්න පුද්ගලික ව්‍යාපාරවලට පොලිස් හමුදා ආරක්ෂා යොදවන්න වෙලා ආණ්ඩුවටම