(විනීතා එම් ගමගේ)
ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා තරුණ කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත් අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය කියයි.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇයට විඳින්නට සිදුවු ගැහැට පිළිබඳ සිදුකල පැමිණිල්ලකට අනුව, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුයේ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්රාමත් මධුෂිකා වාසල මහත්මියගෙන් අධිකරණ නියෝගයක් ලබාගැනිමෙන් පසුවය.
සැකකාර කාන්තාව හා තවත් පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර තරුණ රූමත් කාන්තාවන්ට රැකියා ලබා දෙන බව පවසා ඔවුන් ඕමානයට රැගෙන ගොස් එහිදී එරට සුල්තාන්වරුන්ට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කාර්යංශය කියයි.
මෙලෙස කාන්තාවන් රැගෙන ගොස් ගණිකා ජාවාරමට ලබා දීම බරපතල මිනිස් ජාවාරමක් වන අතර, එය විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ අංක 62/1 වගන්තියට අනුව වරදක් බව ද කාර්යංශය පෙන්වා දෙයි.
මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙ
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට තීරණය කිරීමට පදනම් වී ඇති විද්වත් කමිටුව වාර්තාව අනු
නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොල
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ඕමානයට කතුන් විකිණු කතට වැඩ වරදී