IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියා මැතිසබෙන් රූකාන්ත පවුලට ගෞරව සම්මාන

(සමන්ත යහම්පත්)

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික  ප්‍රජාවට දැක් වූ  කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක  හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කරනු ලැබිණි.

මෙම කලාකරුවන් දෙදෙනා වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු අතර එම උත්සවයට ව්‍යාවස්ථාදායක සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායක ඉවාන් මුල්හොලන්ඩ් මන්ත්‍රිවරයාගේ සත්කාරකත්වය ලබා දී ඇත. එරට විපක්ෂ නායක ජෝන්  පෙසුටෝ හා රිචඩ් වෙල්ඩ් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.

එරට පාර්ලිමේන්තුවෙන් ලැබුණු ඉහළම ගෞවරය වන අතර මෙරට කලාකුරවකු එවැනි ගෞවරයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ මෙහිදී රූකාන්ත - චන්ද්‍රලේඛාගේ දියණියන් වන රයිනි ගුණතිලක හා වින්ඩි ගුණතිලකද ටද, බෑනනුවන් වන සංගීතවේදී සනුක වික්‍රමසිංහට ද විශේෂ සම්මාන පිරිනැමිණි.



අදහස් (37)

ඕස්ට්‍රේලියා මැතිසබෙන් රූකාන්ත පවුලට ගෞරව සම්මාන

janis Friday, 30 August 2024 01:24 PM

හරිම සතුටුයි. ඔබ රූකාන්ත සැමට ජයෙන් ජය ලැබේවා...!

:       7       196

සෙනෙවිරත්න Friday, 30 August 2024 01:40 PM

අපට සතුටුයි, ඡන්දේ අවසන්වන තෙක් එන්න හිතන්නවත් එපා...!

:       131       59

achini Friday, 30 August 2024 02:12 PM

සුබ පැතුම්...!

:       9       99

Deepani Kaluarachchi Friday, 30 August 2024 02:12 PM

සුබපැතුම් රූකාන්ත, චන්ද්‍රෙල්ඛා ඇතුළු පවුලේ සැමට... දෙවි පිහිටයි...

:       7       55

Gunendra Friday, 30 August 2024 02:19 PM

මේ පාර මේ දෙන්නා සජිත්ට වැඩ නේද?

:       95       24

kithsiri Friday, 30 August 2024 03:11 PM

රූකාන්තට, චන්ද්‍රලේකාට සහ පවුලේ සැමට සුභ පැතුම්

:       6       79

Ajith Matara Gamage Friday, 30 August 2024 03:54 PM

සුබ පැතුම්..!

:       6       50

sukitha Friday, 30 August 2024 03:58 PM

ඇති හැකි අය ඔවුනොවුන්ගේ පිටවල් කසා ගැනීමට තවත් වචනයකි සම්මාන. තවද එම සම්මාන වලට වටිනාකමක් ලැබෙන්නේ නැති බැරි උදවිය කුස පිරිමදිමින් ප්‍රේක්ෂකයින් බවට පත් වූ විටදීයි.

:       114       40

Priyantha Dissanayake Friday, 30 August 2024 04:15 PM

හරිම සතුටුයි. ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තබන්න දායක වූවාට. එවගේම රෑ - සඳ කලා ලොවේ පූජණීයයි. නමුත් අපේ රටේ තිබෙන බලලෝභී, කුහක, ඊර්ෂ්‍යාකාරි ගුණමකු ඉහළ පෙළේ වැජඹුණු දේශපාලඥයින්ගේ උදහසින් ශ්‍රී ලාංකිකයෙකුට ව්‍යවස්ථාවෙන් හිමිවුණු නිදහසක් වන තමන් කැමැති දේශපාලන පක්ෂයකට ඡන්දය දීම අනුග්‍රහ කිරීම කැමැති අපේක්ෂකයෙකු තෝරාපත් කරගැනීමට ඇති අයිතිය අහිමි කොට තලා පෙලා, කොණ්ඩ කපා, ගෙවල් ගිණිතබා භීතියටපත් කළා. අන්තිමේ රට හැරයන්න වුනා. ශ්‍රී ලංකා රජය කරන්න ඕනෑදෙයක් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව කළාට ඔවුන්ටත් ස්තූතියි.

:       13       72

Susa Friday, 30 August 2024 05:14 PM

මේක ගැන සතුටුයි. ඒ වගේම සුබ පැතුම්. හැබැයි මේ ඕස්ට්‍රේලියානු රජයේ සම්මානයක් නෙවෙයි, වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ (මෙල්බර්න්) සම්මානයක්. මොනවා වුනත් හොඳ දෙයක් කියලා හිතනවා.

:       42       30

janahithaSunday, 01 September 2024 09:02 AM

වික්ටෝරියා පාර්ලිමේන්තුව ප්‍රාන්ත රජයක් තිබෙන්නේ... මට හිතෙන්නේ එහෙමයි. ලංකාවේ පාර්ලිමේන්තුවත් එහෙ තිබෙනවා. එමනිසා තමයි අපේ විදේශ ලේකම් ඔහුගේ නීතිය එහෙ ක්‍රියාත්මක කර ප්‍රකාශයක් නිකුත් කළේ නඩුතීන්දුවකට එරෙහිව අපේ කෙනා පාසල් ගිහින් නැතිද කියා එම රටේ විදේශ ඇමැති අහලා තියෙනවා.

:       0       4

ManjulaFriday, 30 August 2024 05:47 PM

මෙල්බන් තියෙන්නේ කොහේද? ඔයා ඉන්නේ එහෙද දන්නැතී නිසා ඇහුවේ, දුකයිද?

:       38       9

SusaFriday, 30 August 2024 09:46 PM

මංජුලා ඉස්කෝලේ ගියාට භූගෝලය වගේ පාඩම් ඉගෙනගෙන නෑ නේද? නැත්නම් ලෝකයේ ප්‍රධාන රටක් වන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙක දැනගන්න ඕනෑනේ. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියා තමයි හැබැයි ලංකාවේ ඉස්කෝලේ ගිය කාලේ ඕවා ඉගෙන ගත්තේ...! ඇයි දුකද?

:       37       30

Shanthak Friday, 30 August 2024 08:13 PM

මේ ඕස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ සම්මානයක් නෙවෙයි කිව්වාම ඩිස්ලයික් දාලා තියෙන්නේ ඇයි? ඒක ඇත්තක්. වික්ටෝරියා කියන්නේ ප්‍රාන්තයක්. මෙල්බර්න් එහි අගනුවර. මේ පුවත ලියපු එක්කෙනාට වැරැදි තොරතුරු දීලා තියෙනවා. මේ ප්‍රාන්ත රජයෙන් කියන්නත් අමාරුයි. විපක්ෂ නායක මුල්වෙලා තියෙන්නේ. ප්‍රාන්තයේ රජයෙන් නම් එහි මහඇමැති ඉන්න ඕනෑ. අනික් එක තමයි ඕස්ට්‍රේලියා රජයේ විපක්ෂ නායකතුමා නෙවෙයි මේ. එතුමාගේ නම පීටර් ඩටන්. මේ තියෙන්නේ වෙන නමක්. සම්මානය අවතක්සේරු කරනවා නෙවෙයි නමුත් මේ ප්‍රවෘත්තියේ වැරැදි තොරතුරු තිබෙනවා. සමහර විට මේ මන්ත්‍රී සහ විපක්ෂ නායක ඉන්න දිහාවක ඉන්න ලාංකික ඡන්ද ගන්න කරපු දෙයක්ද දන්නේ නෑ. ඒවත් තියෙනවා මේ රටේත්. ඕස්ට්‍රේලියා රජයේ සම්මාන සාමාන්‍යයෙන් දෙන්නේ එහි නිදහස් දින සැමරුම සහ රජුගේ/ රැජිණගේ උපන් දින වෙනුවෙන්. මේ කාලයේ ඒවා නෑ...

:       62       44

janahithaSunday, 01 September 2024 09:04 AM

හත්වලාමේ ඔයත් මිද්දෙණියේද? ඔහේ ළඟදී ඕස්ට්‍රේලියාවේ ගියැයි අම්මපා...!

:       3       2

chandima Friday, 30 August 2024 06:08 PM

බැරිද එහෙවත් නතර වෙන්න...?

:       57       6

නිමල් Friday, 30 August 2024 06:12 PM

සුබපැතුම්...!

:       6       79

APS Friday, 30 August 2024 06:28 PM

මොකක්ද කරපු සේවය..? ඊයේ කොන්සර්ට් කරලා සල්ලි හම්බකරගත්තා... ලංකාවේ දුප්පත් ළමයින්ට පන්ති දාලා ඉගැන්නුවේ නම් නෑ.

:       67       30

Ruwan Friday, 30 August 2024 07:41 PM

ඕස්ට්‍රේලියාවේ කියලා වෙනසක් නෑ. මෙහෙ වගේම පිස්සන් එහෙ පාර්ලිමේන්තුවේත් ඉන්නවා. රූකාන්තගේ සංගීතය ප්‍රියයි. හැසිරීම සහ දේශපාලනය අප්‍රියයි...

:       65       27

Rukmal Guna Friday, 30 August 2024 09:10 PM

සුද්දෝ ඔවුන් වගේ ආගම අදහන, අය වගේ අන්දින, ඒ වගේ හිතන self-enslaved අයට හරි කැමැතියි. අපේ අමරදේවලා සුද්දන්ට පේන්න බෑ.

:       52       29

Gayan A Friday, 30 August 2024 09:16 PM

ඔවුන් හිතනවා ඇති මේ අයගේ කවුරුහරි කියලා. ඇමෙරිකාවේ කාලයක් හිටියානේ, එහෙට කල සේවයට වෙන්න ඇති. විහිළු.

:       49       13

Janaka Paranamama Friday, 30 August 2024 09:26 PM

මේ සම්මානවල ඇත්ත ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් ලියන්න...

:       37       19

Kumunana.Friday, 30 August 2024 09:52 PM

@janska. අර ඉහළින් shanthak කියලා තියන කමෙන්ට් එක බලන්න. සම්මානය ඇත්තටම දෙන්න ඇති... හැබැයි ඒක දුන්නේ කොහෙන්ද කියලා තියෙන කතා බොරු... කමෙන්ට් එකේ තියෙන්නේ ඇත්ත විස්තරයක්...!

:       0       9

chandimalanka Saturday, 31 August 2024 01:07 AM

ඔන්න දැන් නම් සුවිශේෂී දක්ෂතා ඇති කලාකරුවෙක් කියලා ලැයිස්තුවෙන් පිට ගිහින් පී ආර් හදාගන්න පුළුවන් වෙයි. කලින් වතාවේ වගේ දේශපාලන රැකවරණ අරවට, මේවට නොගිහින් හරියට වැඩේ දන්න කෙනෙක් අල්ලගන්න.

:       0       5

Don perea Saturday, 31 August 2024 01:41 AM

හැම දෙයකටම දේශපාලනය ගෙවා ගන්න ගොන් සෙට් එකක් කොහෙත් ඉන්නවා.

:       2       3

රාජ් Fernando Saturday, 31 August 2024 01:50 AM

අනේද කියන්නේ…? මෙතුමාගේ සේවය ලන්කාවේ ජනතාවට හරියට ලැබුණා... දේශපාලුවොත් එක්ක බයිලා නටලා… කීයක් හරි මිනිස්සුන්ගෙන් කඩා ගත්තා මිසක් බයිලා ගහලා ලාන්කික සන්ගීතයට මොකක්ද කළේ…?

:       2       9

Asitha Saturday, 31 August 2024 03:46 AM

නියමයි. රූකාන්ත ඇතුලු පවුලේ සැමට සුබ පැතුම්! ජෙප්පන්ට නම් ක‍ටු අනිනවා වගේ ඒකටත්. කමෙන්ට් වලින්ම ඉරිසියාව දෝර ගලායනවා. ඔවුන්ගේ ගංජා ගහන, නාන්නේ නැති, කොන්ඩේ හැඩපලු ගෙතිච්ච හො‍ටු ජෙප්පෙක් මොකක් හරි සමූපකාරෙකින්වත් සම්මානයක් ගත්තා නම් බලන්න තිබුණා කියන උදාන වාක්‍යටික...

:       15       5

KaruK Saturday, 31 August 2024 04:31 PM

අනේ අසිත මම ජෙප්පෙක් නෙවෙයි. පරණ අලි සහ අත පවුල්වලින් එන එකෙක්. කිසි ඉරිසියවක් නෑ... මොකද මම අවුරුදු 35ක් විතර ඉඳන් ඕස්ට්‍රේලියා සහ ලංකාවේ ද්විත්ව පුරවැසියෙක්. මෙහේ ඇති තරම් සල්ලි හොයලා ලංකාවට අත දිග හැර ඩොලර් එවනවා. නමුත් මේ වගේ පවුලටම සම්මාන දීපු බවක් ඕස්ට්‍රේලියාවේ වෙන කොහෙවත් දැක්කේ නෑ. මේ වික්ටෝරියා ප්‍රාන්තයේ විපක්ෂයේ දෙතුන් දෙනෙකු ගහපු ගේමක් වගේ පෙනෙන්නේ. අනික හිතන්නකෝ සනුක vindi රයිනි ඔක්කොම තාම කරපු විශාල සේවය ගැන. රයිනිත් බැඳලා හිටියානම් ඒ බෑණාත් සම්මානයක් ගනීවි. සම්මානයේ නමවත් කියන්න.

:       3       15

මහින්ද ගෝටාබ ගුණතිලක Saturday, 31 August 2024 05:54 AM

පිස්සු පීකුදු. මේවා ලංකාවේ ඉන්න හරක්ට හොඳයි. මෙහේ සුද්දෙකුට මෙයාගේ නම කිව්වොත් අහලා නෑ විතරක් නෙමෙයි. ලංකාවේ සංගීතයක් ගැනවත් අහලා නෑ. ගූගල් කරලා බලපන්කෝ, මෙහෙම සීන් එකක් එහේ පාර්ලිමන්ට් එකේ වෙලාද කියලා...

:       3       20

Priyankara S J Saturday, 31 August 2024 06:53 PM

අමුතු සීන් එකක් ඔස්ට්‍රේලියාවවත් දන්නේ නැතිව සමිමාන දීලා .....

:       1       7

R. Alex perera Sunday, 01 September 2024 09:32 AM

සුබපැතුම්...!

:       4       2

minoli Monday, 02 September 2024 11:58 AM

සුබ පැතුම්..... පවුලේ සියලුදෙනාටම දෙවි පිහිටයි....

:       2       1

bandula Thursday, 05 September 2024 03:24 PM

මෙල්බන් වල ලංකාවේ ලොකු ජනගහනයක් ඉන්නවා.සමහර අයගේ ජොබ් එක සල්ලි කාරයන්ගේ සල්ලි එකතු කරල හොඳම බිස්නස් කාරය වගේ සම්මාන හදල දෙනවා.ෆන් එකටත් කරනවා . කවුරුත් දන්නේ නැති දේසපාලකයන්ට මේවා පුදුමයි .ඒ අයත් ආසයි

:       1       5

Lucky. 7 Sunday, 08 September 2024 09:41 PM

වාව් , නියමයි.

:       0       3

Priyantha Dissanayake Monday, 09 September 2024 10:51 PM

ඇතැමෙකුගේ අදහස් දුටුවහම නැවත අදහසක් ලියන්න සිතුණා. අනේ මන්දා ඇයි මෙතරම් ගුණමකුවෙන්නේ. කලාකරුවන් කියන්නේ හරිම සුන්දර පිරිසක්... ඒ අතරේ ඇතැමෙකුට තිබෙනවා සුවිශේෂී හැකියාවන්. ඒවා බොහෝදුරට ඔවුන්ට ආවේණිකයි. ඔවුන්ගේ ඒ සුවිශේෂ හැකියාවන් යුගයක් තෘප්තිමත් කළා, සංසුන් කළා, පිනෙව්වා... රූකාන්ත කියන්නේත් එදා මෙදාතුරාවට ශ්‍රී ලාංකීය සංගීත අඹරේ පෑයූ සුවිෂේශ රන් තාරකාවක්. ඔහු යුගයක් නැලවූ, පිනවූ , මන්නානන්දයට පත්කළ සුවිශේෂී ගායකයෙක්, සුවිශේෂි සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ ඒ සුවිශේෂ සංගීත අධ්‍යක්ෂණ හැකියාව නිසාම ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අලුතෙන් ගායකයින් එකතු වූවා. නිශ්චිත ගායන හැකියාවන් නොතිබුවූවන් පවා සංගීත ක්ෂේත්‍රයට එකතු කරන්න ඔහුගේ දක්ෂභාවය බලපෑවා. ඔවුන්ට ඔහු දෙවියෙක්. නමුත් ඔහු ශ්‍රී ලාංකිකයෙක් ඔහුටත් කැමති දේශපාලන මතයක් දරන්න, තෝරාගන්න, බලයට ගේන්න ඒ වෙනුවෙන් සක්‍රීයව ක්‍රියා කරන්න පුර්ණ අයිතියක් තිබෙනවා.

:       3       2

සමන් Tuesday, 10 September 2024 02:22 PM

අපිත් ඉන්නේ එහෙ. අපි නම් කවදාවත් අහලා නැහැ මේ පවුල වික්ටෝරියා ශ්‍රී ලංකික ප්‍රජාවට කරපු අබමල් රේණුවක තරම සේවයක් මුදල් වලට සංගීත ප්‍රසංගවලට එනවා හැරෙන්නට. මේක මේ කවුරු හරි ප්‍රාන්ත රජයේ ඉන්න නිකම්ම නිකන් කවුරුත් ගණන් ගන්නෙවත් නැති මන්ත්‍රී වරයෙක් ව ගොනාට අන්දලා හරි පුද්ගලික හිතවත් කමකට කරපු දෙයක්. ප්‍රාන්ත රජයක නියෝජ්‍ය විපක්ෂ නායක කියන්නේ නිකම්ම නිකන් මන්ත්‍රී.

:       2       2

Priyantha Dissanayake Friday, 13 September 2024 07:19 PM

අපි ශ්‍රී ලාංකිකයින් ලෙස හිතන්න ඕනෑ මේ මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව. ඒ පිළිබඳව අභිමානයක් තියෙන්න ඕනෑ. එවිට අපේ දේ අගය අපට දැනෙන්න ගන්නවා. අපි බෞද්ධයින් ලෙස කෙනෙකු තුළ තිබෙන ගුණයක් දකින්න පුළුවන් නම්, අගය කරන්න පුළුවන් නම්, වර්ණනා කරන්න පුළුවන් නම් එය සුවිශේෂ ගුණයක් ඒ තුළ ඒ පුද්ගලයා තුළ කුසල් සිත්වැඩෙන්නේ. ඒ කථාකරණ වර්ණණා කරන ඔහුටම මෙලොවටත් පරලොවටත් ශාන්තියක් වෙනවා. ඒ වර්ණනාවට ලක්වෙන පුද්ගලයා තම ගුණ වඩාගන්නවා. දුර්ගුණයෙන් වැළකෙනවා. එය දකින බාහිර අයත් එවන් ගුණවඩා ගන්න වෙහෙසෙනවා. දුර්ගුණ වලින් ඈත්වෙනවා. මේ ක්‍රියාවලියට දායක වන්න පුළුවන් නම් ලෝකය හරි සුන්දරයි නේද? ඒ වෙනුවෙන් තම තමන්ම (මම ම) අධිෂ්ඨාන කරගන්න පුළුවන් නම්.. ලස්සන ලොවක් බිහි වේවි..!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය කැමීලියා නවකතාවට
2024 සැප්තැම්බර් මස 14 65 0

(ආරියරත්න රණබාහු) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක


නවසීලන්ත කණ්ඩායම දිවයිනට
2024 සැප්තැම්බර් මස 14 214 0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) - 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට්


‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 14 135 0

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාත


මුදල් හබයක් දුරදිග යයි:බසය වෙලට යයි
2024 සැප්තැම්බර් මස 14 751 0

කොළඹ - මහනුවර මාර්ගයේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට මගියක් පා පහරක් හේතුවෙන් බස්රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් ඇත.


ජනපති බැකප් යානය කාර්මික දෝෂයකින් කටියාව වෙලට ගොඩ බායි
2024 සැප්තැම්බර් මස 14 1966 5

ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එ


මාලිමාවට ’’චාන්ස් එකක්’’ දුන්නොත් ජනතාවගේ ’’චාන්ස් එක’’ නැති වෙනවා
2024 සැප්තැම්බර් මස 14 923 15

’’චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ’’චාන්ස් එක’’ ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 44 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2091 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 962 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site