IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


“ඖෂධ රාජ්‍ය ඇමතිගෙන් පැහැදිළි කිරීමක් ඕනෑ’’

(යොහාන් භාසුර)

ඖෂධ මිලදීගැනීමට මිල කේවල් කිරීම සහ හදිසි මිලදීගැනීම් සඳහා වන තීරණ ඖෂධ නිතීගත සංස්ථාව සහ ඖෂධ සැපයීම් අංශය හරහා සිදුවන බැවින් පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි කියන ඖෂධ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණවලට ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම බලපාන්නේ කෙසේදැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා රටට පැහැදිළි කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදමා ඇත්තේ පසුගිය රජයේ ඖෂධ හොරකම් කළ කණ්ඩායම් බව පෙන්වා දෙමින් උපායශීලී ලෙස ගැටලුව වෙනතකට යොමු කිරීමේ උත්සහයක් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්වේදී කළ කථාවෙන් පෙණෙන බවත් ප්‍රධාන කරුණු දෙකක් සැලකීමේදී අමාත්‍යවරයාගේ හේතු දැක්වීම පදනම් විරහිත යැයි පෙනී යන බවත් රවී කුමුදේශ් මහතා කියයි.

ඖෂධ නියාමන අධිකාරිය ENMRA  පද්ධතිය හරහා කටයුතු නිල වශයෙන් 2020 ජූලි මාසයේ සිට කටයුතු ආරම්භ කළ ද එම මාස හයක කාලයක් සදහා එම පද්ධතියට සමාන්තරව සාමාන්‍ය ක්‍රමයද භාවිතා කිරීමෙන් පසුගිය රජය සමයේ ඖෂධ අක්‍රමිකතා සහ ෑභඵඍ් දත්ත අතර සෘජු සම්බන්ධතාවක් නොමැති යැයි පෙණන බවත් පසුගිය රජය සමයේ සිදුවූවායැයි කියන පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ මිලදීගැනීමේදී සහ හදිසි මිලදී ගැනීමේ වංචා වසා ගැනීම සදහා මෙම දත්ත මැකීම සිදුකළේ යැයි පවසන්නේ කුමන පදනමකින් ද යැයි රවී කුමුදේශ් මහතා ප්‍රශ්න කරයි.

මෙම ගැටලුව විසදාගන්නා තෙක් හෝ ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය ඇමතිවරයාගේ පාලනයෙන් ඉවත් කර කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (2)

“ඖෂධ රාජ්‍ය ඇමතිගෙන් පැහැදිළි කිරීමක් ඕනෑ’’

Upul aravinda Wednesday, 22 September 2021 05:36 PM

මේ මහත්වරු කිව්වට ඔක්කොම හොරු.. කෙහෙල්කන වැට පැනලෝ...!!

:       0       1

චන්දන Wednesday, 22 September 2021 07:01 PM

මෙන්න තවත් අරාජික හඬක් !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 375 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 490 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 344 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 484 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 463 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 347 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1687 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site