(ටී.කේ.ජී.කපිල )
රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති '' හරිත මාවත " ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(08) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙකි .
ඔහු සිය ගමන් මල්ලේ , පාද පිරිසිදු කිරීමට යොදා ගන්නා , බ්‍රස් 114 ක් තුළ , කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 759 ක් , සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණ තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම බොස්නියා ජාතිකයා සමග ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලවලට පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොකේන් සමඟ විදෙස් ජාතිකයා ගුවන් තොටේදී මාට්ටු
RS Wednesday, 08 January 2025 10:46 AM
හරිත මාවතේ එන්නේම හොරු, වංචාකරුවෝ, අපරාධකාරයෝ, කුඩුකාරයෝ විමසිල්ලෙන් සිටින්න
Don perea Wednesday, 08 January 2025 01:17 PM
මේ සෙට් එකට ගාණක් දුන්නානම් බේරෙන්න තිබුණා.