(කුෂාන් ජයවර්ධන)
කැකිරාව අධ්‍යාපන කලාපයට අයත්වන කැකිරාව තිබ්බටුවැව ප්‍රසිද්ධ ජාතික පාසලක කලක් තිස්සේ සූක්ෂම ලෙස ක්‍රියාත්මකව තිබූ ඩෙස් පුටු විකිණීමේ ජාවාරමක් අතටම හසු කර ගැනීඹට කැකිරාව තිබ්බටුවැව ප්‍රදේහවාසීහු සමත් වූහ.
මෙම සොරකම සදහා විද්‍යාලයේ මුරකරුවකු හා ගුරුවරයකු සම්බන්ධ වී ඇති බවට එම පිරිස හදුනා ගෙන තිබේ.
ප්‍රධාන විදුලි ලාම්පු ද නිවාගෙන විද්‍යාලය වෙත පැමිණ ඇති අබිලි යකඩ එක්රැස් කරන ආයතනයකට අයත් කුඩා ලොරි රථයක් යොදා ගෙන විද්‍යාලයේ තිබූ ඩෙස් පුටු තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් වන අවස්ථාවේ මඟ රැක සිටි පිරිස ලොරි රථය හා සැකකරුවන් අල්ලා ගෙන රාත්‍රි කාලයේදීම කැකිරාව පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු පවසන්නේ අදාළ ඩෙස් පුටු තොගය අලුත්වැඩියා කිරීම සදහා අබිලි යකඩ එක්රැස් කරන ස්ථානයට මෙලෙස රාත්‍රී කාලයේ රැගෙන යන බවයි.
විද්‍යාලයේ මුරකරුවකු හා එම පාසලේ ගුරුවරයකු ඊට සම්බන්ධව ඇති බවට එම අවස්ථාවේ සැකකරුවන් ප්‍රදේශීන් සමග ඇති වූ සංවාදයෙන් හෙළී වේ.
අදාළ ගුරුවරයාද එම ස්ථානයේ සිට ඇති අතර ප්‍රදේශවාසින් ලොරි රථය නවත්වාගැනීමත් සමග අදාළ ගුරුවරයා එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැකිරාවේ මැදි විදුහලක ඩෙස් පුටු ජාවාරමක්
Pure Samantha Thursday, 04 July 2024 10:08 AM
ප්‍රින්සිපල් බුදිද ?