IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කකුලට වෙඩි තබා කොල්ලකරුවකු මෙල්ල කරයි

(සුමිත් ප්‍රේමතිලක)

කළුතර නගරයේ සතොස ගබඩාවෙන් මුදල් සොරකම් කිරීමට ගිය කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුට සැකකරු වීදුරු කටුවකින් කපා පැන යාමට උත්සහ කිරීමේදී පොලිසිය වෙඩි තබා සැකකරු අල්ලා ගත් බව පොලිසිය කියයි.

තුවාල ලැබූ කොල්ලකරු සහ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

කළුතර දකුණ පිහිටි සතොස සුපිරි වෙළෙඳ සැලෙන් මුදල් කොල්ල කෑමට සූදානම් වෙන බව පොලිස් ජංගම රථයට දැනුම් දී තිබේ.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් ක්ෂණිකව ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් අසල තිබූ වීදුරුවක් රැගෙන පොලිස් සැරයන්වරයාගේ දකුණු අතට පහර දී ඇති බවත් ආත්මාරක්ෂාව සඳහා පොලිසිය එල්ල කළ  වෙඩි පහරින් සැකකරුගේ දකුණු කකුලට තුවාල සිදුව ඇති බවත් පොලිසිය කීය.

නාගොඩ , සෙන්ට්‍රල් හන්දිය මහ හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, පොලිස් සැරයන් අල්විස් (55284) දකුණු අතට සිදුවූ තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (1)

කකුලට වෙඩි තබා කොල්ලකරුවකු මෙල්ල කරයි

Bamunuarachchi Sunday, 01 August 2021 08:28 PM

තිබ්බේ පපුවට වැදුනේ කකුලට ද? කමක් නැහැ කොහේට හරි වදුනානේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 250 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 413 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1014 5

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1269 2

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 1524 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 25 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 430 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1346 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site