(අංජුල මහික වීරරත්න)
කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම් ඒ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපතිවරයා කීය.
රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමට එක්වෙමිනි.
ජාතික ආර්ථිකයට රසකැවිලි කර්මාන්තයෙන් ලබා දෙන දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයින් අට දෙනකු වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා අතින් ඇගයීම් සම්මාන පිරිනැමිණි.
මැලිබන් නිර්මාතෘ ඒ.ජී. හින්නි අප්පුහාමි, කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජේවර්ධන, Elephant House නිර්මාතෘ ආතර් වොන් පොස්නර්, මංචි නිර්මාතෘ මේනක වික්‍රමසිංහ, මෝතා නිර්මාතෘ ජූලියස් මෝතා, උස්වත්ත නිර්මාතෘ පී.ජේ.සී. පෙරේරා, ලකි ලෑන්ඩ් නිර්මාතෘ සිංහසාමි මුත්තයියා, චෙරිස් බිස්කට් නිර්මාතෘ විදානගේ ජෝන් අප්පුහාමි යන මහත්ම මහත්මින් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිණි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොකෝවා වවන්න රජයේ වතු බදු දෙයි
Bamunuarachchi Thursday, 25 January 2024 06:38 PM
සම්මාන ලැබිය යුත්තන්ට සම්මාන ලැබී තිබෙනවා සතුටුයි.