(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය නැවතත් වාන්දැමීම හේතුවෙන්, කුඹුරු අක්කර 50කට අධික ප්‍රමාණයක පවතින ගොයම් පැළ ජලයෙන් යටවී විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසති.
කච්චිමඩුව ජලාශයේ වාන් ජලය කිරල් ඔයට ගලායාම හේතුවෙන් එයද පිටාර ගැලීමට ලක්ව ඇතැයිද, මේ හේතුවෙන් දින 10ක් පමණ වන ලපටි ගොයම් පැළ කුණු වී මැරී යාමේ අවදානමට ලක්ව ඇතැයිද ඔවුහු කියාසිටිති.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජයන්ත රෝෂාන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“කොට්ටුකච්චිය වම් ඉවුරේ, නවදැල්ල කොටසේ අක්කර 50 ක් විතර දින 5කට වැඩියෙන් කච්චිමඩුව ජලාශයේ වාන් ජලයෙන් යට වෙලා. අපිට කලින් වගාකරන්න කියලා දැනුම්දීලා තිබෙන නිසා අපි වගා කළා. නමුත් මේ වන විට අපේ කුඹුරුවල ගොයම් පැළ කුණුවෙන්න අරගෙන. අක්කරයක් වගා කරන්න අපිට බිත්තර වී වලටත් එක්ක රුපියල් 40,000 කට වඩා වැඩියෙන් වැයවෙලා” යැයි කීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි කේ. පී. නිශාන්ත මහතා මෙසේ පැවසීය.
“මේ ජලය බැහැලා යන්න විදිහක් නැත්තේ ගල්කුලමේ ඉදල මුරියාකුලමට යන්න තිබෙන මාර්ගයේ බෝක්කු කිහිපයම සම්පූර්ණයෙන් වසා දමා තිබෙන නිසායි. මේනිසා ජලය බැසයන්න නිසි ක්‍රමයක් නැති වෙලා” යැයිද සඳහන් කළේය.
පුත්තලම ප්‍රාදේශීය ඉංජිනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“ ජලයෙන් පිරුණු කුඹුරු කොටසක් බලන්න මම ගියා. එහි ගැටලුවක් ඇති බව පෙනුනා. කිරල් ඔයේ ස්ථාන කිහිපයක් අවහිර කරලා. ජලය ගලායාම වළක්වා ඇතැයි කියන ස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා” යැයිද කීය.
කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප
ශ්රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කච්චිමඩුව ජලාශය වාන්දමයි