IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කාංචනගේ අභියෝගය පාඨලී බාරගනී

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව සොයා බැලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යෝජනා  කරන  පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය බාර ගැනීමට තමා සූදානම් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (29)  පැවැසීය.

ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා පිහිටුවීමට යන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය බාර ගන්නැයි  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාඨලී චම්පික රණවක මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු එම තනතුර බාර ගැනීමට කැමැත්ත පළ කළේ ඒ අනුවය.

ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදන පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවීමට   විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට අද යෝජනාවක්  ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කළේය.

විපක්ෂය පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති තනතුරු  දිගින් දිගටම ඉල්ලමින් සිටින බැවින් තමා යෝජනා කළ කාරක සභාවේ සභාපතීත්වය ලබාගන්නැයි විපක්ෂයට  ආරාධනා කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව  බලශක්ති ක්ෂේත්‍රයේ  දැනුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැනි අයකු  එහි සභාපතීත්වය සඳහා පත්වන්නේ නම් වඩාත් සුදුසු බවද විජේසේකර මහතා පැවසීය.

කංචන විජේසේකර මහතා:

ගල් අඟුරු ඉන්ධන ආනයනය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා තොරතුරු ගණනාවක් හෙළි කරලා තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. එතුමට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්.

පාඨලී චම්පික රණවක මහතා:

රහස් පොලිසියට නොවෙයි. විගණකාධිපතිවරයාට බලතල දීලා පරීක්ෂණයක් කරන්න අවස්ථාව ලබා දෙන්න. අපි එතැනට තොරතුරු දෙන්න සූදානම්.

විජේසේකර මහතා:

රහස් පොලිස් පරීක්ෂණයට අමතරව මේ සම්බන්ධයෙන් වෝහාරික විගනණයකටත්  කටයුතු කරගෙන යනවා.ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබුණ.



අදහස් (8)

කාංචනගේ අභියෝගය පාඨලී බාරගනී

de silva Monday, 29 August 2022 03:30 PM

පක්ෂ, පාට කුමක් වුණත් මොහුට මෙම විෂයය ගැන දැනුමක් තියෙනවා. මොහුට මේක කරන්න පුළුවන්...

:       4       75

SUNIL MILANO Monday, 29 August 2022 03:59 PM

ඔව් ඔව් මෙයාට ගල්අඟුරු ගැන මාර දැනුමක් තියෙනවා. මේ පාරත් ඒ වගේම කරයිද දන්නේ නැහැ.

:       34       25

මහසෙන් Monday, 29 August 2022 03:59 PM

මෙම බලශක්ති අර්බුදය මෙන්ම නිලධාරී ත්‍රස්ත වාදයත්,දූෂණ සහ වංචාත් නතර කිරීමට අභියෝග කිරීම සහ ඒවා බාර ගැනීම ගැන වචන හරඹයට වඩා ඒ ගැන දැන්වත් ක්‍රියාත්මක වූවෝත්.නේ ද හොද ?

:       0       40

Kule Monday, 29 August 2022 04:06 PM

ඔන්න අවස්ථාව චම්පික මහත්තයෝ. 2005 ඉඳලම වංචා දූෂණ ඇදලා ගන්න.

:       4       54

Dharmatileke Monday, 29 August 2022 04:06 PM

මේ දෙන්නම තමන්ට හිමි කාර්යය හොඳින්ම කරනවා. මගේ සුබ පැතුම් දෙන්නටම.

:       4       61

PUROHITHA Tuesday, 30 August 2022 11:43 AM

ඔබතුමාගේ 57 වැනි (අගෝ 04) ජන්ම දිනයට සුභාශිංසන! දැන් සුසාන භූමියේ ගේට්ටුව අල්ලගෙන ඉන්නේ. තව පෝය කීයද? දැන් ඉතින් ඔටුනු සිහින පා වෙන්න ඇරලා අනේ! මේ මව්බිමට අනාගත දරුවන් වෙනුවෙන් නමක් පවතින්න වැඩක් කරන්න බැලුවොත් නේද හොඳ?

:       0       0

JAYATH Tuesday, 30 August 2022 11:43 AM

දැන් ඔන්න අර සුප්‍රකට මාෆියාව අද පටන් ගනීවි... චම්පිකව නැත්තටම නැතිකරලා දමන්න. එයාගේ පුද්ගලික ජීවිතේ මොනවා වුණත් මම හිතන්නේ මිනිහා ඔතන ඉන්න අනිත් කාලකන්නි හොරෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ.. අනික එතුමා සුදුසුකම්ලත් විදුලි ඉංජිනේරුවෙක්..

:       0       0

H.A.U.I. ආරියරත්න Tuesday, 30 August 2022 12:23 PM

මොවුන් ඔක්කොම ඉන්න කාලේ හොරා කාපු හොර ‌සෙට් එකේ අයමයි. අවසානයේ ජනතාවටම තමයි බර..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 573 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4007 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1540 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 634 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3783 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2820 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site