IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


කාංචනමාලාගේ ‘‘පතිනියකවී‘‘ ලෝක සංගීත අවසන් තරඟයකට

(සමන්ත යම්පත්)

ශ්‍රී ලාංකේය ගායිකාවක හා රංගන ශිල්පිනියක වන වෛද්‍ය කාන්චනමාලා රණසිංහ ගායනා කළ ‘‘පතිනියක වී’’ ගීතය ‘‘ලෝක මහද්වීපික සංගීත සම්මාන – 2024’’ (World international Music Awards) උළෙලේ ආසියානු සම්භාව්‍ය අංශයෙන් අවසන් වටයට තෝරාගෙන තිබේ.

මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවැනි අවසන් වටයට ලාංකීය ගීතයක් තෝරාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. එහි ආසියානු සම්භාව්‍ය අංශයේ (Asia region Classical) ඉහළම තැන මෙයට හිමි වී තිබීම විශේෂත්වයකි. මෙහි ජයග්‍රාහකයන් අගෝස්තු 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ලෝක මහද්වීපික සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටය.

වෛද්‍ය කාංචනමාලා රණසිංහ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඇය එහි ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනියක ලෙස කටයුතු කරන්නීය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයේ රඟපෑ මාලිනී රණසිංහ හා ටෙරන්ස් රණසිංහ යුවළගේ දියණිය වන වෛද්‍ය කාංචනමාලාද ‘‘සිංහබාහු’’ නාට්‍යයේ පුෂ්පා දේවිය ලෙස රඟපෑම විශේෂත්වයක් විය. ඇය මේ වනවිට ගීත රඟපෑම විශේෂත්වයක් විය. ඇය මේ වනවිට ගීත රැසක් ගායනා කර අන්තර්ජාලයට එක්කර ඇති අතර, ‘සඳ පහන් රෑ’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක්ද 2023 වසරේදී මෙරටදී පැවැත්වූවාය.



අදහස් (8)

කාංචනමාලාගේ ‘‘පතිනියකවී‘‘ ලෝක සංගීත අවසන් තරඟයකට

Swene Haputhantirige Friday, 19 July 2024 05:39 AM

සුබ පැතුම්...! 

:       0       11

lGPJ Friday, 19 July 2024 07:12 AM

සුබ පැතුම්

:       0       9

Mangala Friday, 19 July 2024 08:19 AM

සුබ පැතුම් ඔබ තුමියට

:       0       8

ප්‍රසන්න Friday, 19 July 2024 08:50 AM

සුබපැතුම්, විශිශ්ටයි ලක් මෑනියන්ගේ දියනියක්

:       0       11

පිටිගල මිලානෝ Friday, 19 July 2024 09:27 AM

කෝ අපේ මාස්ටර්ලාට මෙච්චර දුර එන්න තවම බැරිවුණානේ... මම හිතන්නේ කුහකකම නිසා...

:       0       4

Lakshman kodituwakku Friday, 19 July 2024 03:39 PM

සුබපැතුම්...! 

:       0       6

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 06:19 AM

ඔබ හර්බර්ට් රංජිත් පීරිස්ගේ ටෙලි නාට්‍යක රඟපෑවාද

:       0       0

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 02:05 PM

සම්මාන ලැබිය යුත්තන්ට කිසි දිනෙක සම්මාන ලැබී නැත, "ඇසට නැතේ " ගීතය ගයන මාලිනී රණසිංහට ගායනය සඳහා සම්මානයක් නොලැබුණේ මන්ද? කොතරම් අකාරුණික, අසංවේදී, නූගත් ජාතියක්ද අපි?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 82 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 76 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 269 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 1026 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 196 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1865 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 798 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site