IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


කජ්ජාට මාංචු දුන් PC රිමාන්ඩ්

(චන්ද්‍රසේන ගමගේ සහ ගයාන් සුරියආරච්චි)

දරු දෙදෙනාද සමඟ යතුරු පැදියෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළ ‘කජ්ජා’ මියගොස් වැටී සිටි ස්ථානයේ තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක ඔහුට දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයා මාර්තු 05 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් නවෝද්‍යා හැන්නදිගේ මහත්මිය අද (21) නියෝග කළාය.

වෙඩි තබා ඝාතනය කළ අනුර විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නමැත්තාගේ මෘතදේහය ආසන්නයේ වැටී තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී එම පොලිස් ‘මාංචු’ කුට්ටම් ඔහුට ලබාදී ඇත්තේ සැකකරු බව හෙළි වී ඇතැයි කියමින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.

සිද්ධියට අදාළව සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වශයෙන් කටයුතු කළ වීරකැටිය කැප්පිටියාවේ පදිංචි ඉපිටගම ලියනගේ ජනක ප්‍රසාද් නමැත්තෙකි.

‘කජ්ජා’ නමැත්තාගේ මෘතදේහය ආසන්නයේ පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙකක් වැටී තිබීම සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිද්ධියට සැකකරුගේ ඇති සම්බන්ධතාවය හෙළි වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව කියමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

අනුර විදානගමගේ හෙවත් ‘කජ්ජා’ ඔහුගේ 06 හැවරිදි විදානගමගේ පමති අහස්යා මාදෙව්නි නමැති දියණිය සහ 09 හැවිරිදි  විදානගමගේ උදේස් මාදෙව් නමැති පුත්‍රයා සමඟ ගමන් කරමින් සිටියදී පසුගිය 18 වැනිදා රාත්‍රී 10.15 පමණ මිද්දෙනිය ගල්පොත්තයාය කඩේවත්ත මංසන්ධියේදි නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ‘කජ්ජා’ සහ දියණිය එම ස්ථානයේදීම මිය ගිය බවත් ුකරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුත්‍රයා ඊට පසු දින මියගොස් ඇති බවත් අධිකරණයට දැනුම් දුන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ‘කජ්ජා’ නමැත්තා මියගොස් වැටී සිටි ස්ථානයේ පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙකක් වැටී තිබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙනන් කළ විමර්ශන වලදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ‘කජ්ජා’ නමැත්තා සමඟ මිතුරු කමක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වු බවත් එම මිතුරුකම හේතූවෙන් සැකකාර කොස්තාපල්වරයා ‘කජ්ජා’ නමැත්තාට මෙම පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක දී ඇති බව අනාවරණය වු බවත් කී නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉල්ලීම පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ල යළි කැඳවන ලබන 05 වැනිදා විමර්ශන වල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියම කළාය.

ත්‍රිපුද්ගල ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් කරන විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.



අදහස් (2)

කජ්ජාට මාංචු දුන් PC රිමාන්ඩ්

sarath Saturday, 22 February 2025 01:56 AM

කජ්ජා එක්කත් පොලිසිය සෙට්වෙලා ඉඳලා... ගනේමුල්ල සංජීව මරපු එකටත් එක කොනක පොලීසිය, පාතාලය සහ පොලීසිය යනු ගහට පොත්ත මෙනි, කජ්ජාගේ ගම කිට්ටුව තිබෙන අපේ ගමේ පොලිසියේ හිටපු ලොකු මහත්මයාගේ නිල නිවාසේ මත්පැන් සාද දැම්මේ අබ සුජියා නමැති පාතාලා නායකයා... රාත්‍රියට ඔහු සිහි නැතිවෙනක්ම් බිල වැටිලා ඉන්නකොට කැබ් එකේ දමාගෙන නිල නිවාසෙට ගෙනත් ඇදේ නිදිකරලා යන්නේ ගේට්ටු අතුල නමැති සුජියගේ ගෝලයෙක්, අපේ ගමේ සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුතෙන් ඇතුළු වුණු ක්‍රිකට් තරුවක්, දන්නා කෙනෙක් පුළුවන්නම් කමෙන්ට් කරන්න. අපේ ගම කුමක්ද කියලා...?

:       0       6

fairoos Saturday, 22 February 2025 11:04 AM

පොලිසියේ පීසීලා සහ හමුදාවෙන් පැනපු අය තමයි, මේ ඔක්කොම පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 137 0

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 155 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 68 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 234 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 320 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1865 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 640 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 324 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site