IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෝටි 10 ගෙවන්න ටින් හොලවන්නද?

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල  ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න  පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි  මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවති ශිෂත්ව ප්‍රධානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස  සහභාගී වෙමින් පැවසීය

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය .

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළොත් එයට ජනාධිපතිවරයා ද වගකිව යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ලියා  තිබෙනවා. පොලිස්පති , ආරක්ෂක ලේකම් පත් කරන්නේ ජනාධිපති වරයා නිසා ඒ වගකීම ඒ අයගෙන් ඉෂ්ට නොවුන එයට  මමත්  වගකිවයුත්තෙක් කියා පාස්කු ප්‍රහාරයේ  වින්දිතයින්ට   කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ සඳහන් වන වනවා.

මෙතන මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් සිටිනව. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇති මගේ කතාවෙ දි පසුගිය නඩු තීන්දුව සම්බන්ධව මොනවද කියන්නේ කියල. මම ඒ ගැනත් මෙතනදි වචනයක් කියනව. නැත්නම් ඒ අය මාව මෙතනින් යන්ඩ හදද්දි වටකරගන්නවා ඇති.

මම මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් සහ පුරවැසියෙක් විදිහට මම නීතියට අධිකරණයට ගරු කරන කෙනෙක්. අධිකරණ තීන්දුවට මම හිස නමනව. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ.

ඕන කෙනෙක් දන්නව පාස්කු සිද්ධිය සිදුවන අවස්ථාවේ මම හිටියේ පිටරට. මම ලංකාවට පැමිණි දවසේ සිට පාර්ලිමේන්තුවේ සහ විවිධ ස්ථානවල දී ජනාධිපති කාලයෙත් ඊට පසුවත් මම අනන්තවත් කියා සිටිය ඒ සිද්ධිය සම්බන්ධව ආරක්ෂක අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුනට ඒ කිසිදු නිලධාරියෙක් ඒ සම්බන්ධව මා දැනුවත් කර තිබුණේ නෑ කියල.

අගවිනිසුරු තුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් හත්දෙනා දුන්න නඩු තීන්දුවේ පිටු 85ක් ලියා තිබෙනව. මෙම පිටු 85  ඇතුලත තිබෙනව නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුනට හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිදු ආකාරයකින් දැනුවත් වෙලා නෑ කියල. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු ඔත්තු සේවා වලට , ආරක්ෂක අංශයට , පොලිසියේ ප්‍රධානියා ට , ආරක්ෂක ලේකම්ට ,කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට , පොලිසි වල ස්ථානාධිපතිවරුන් ට මේ සියලු දෙනා දැනුවත් වී තිබෙනව.නමුත් ඒ සම්බන්ධව මා දැනුවත් වී නොතිබුණු බව මේ පසුගිය වසර හතර පුරාවටම මම කියා තිබෙනව. උසාවියේ පිටු 85 ක නඩු තීන්දුවේ පැහැදිලිව තිබෙනව ජනාධිපතිවරයාට මේ පිළිබඳව තොරතුරු ලබාදී නොතිබුණු බව.

දැන් ඔබ සිතනවා ඇති මානව හිමිකම් කඩවීමක් සම්බන්ධව මට කොහොමද කෝටි දහයක් ගෙවන්න තීන්දු කළේ කියල.

කෝටි 10ක වන්දියක් ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ. මම ඒ සම්බන්ධව කරුණු කියන්නේ නෑ. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධව තීරණය කර තිබෙන්නේ අපි අපට හිතවත් අයගෙන් අප සල්ලි එකතු කරමු කියල. නමුත් මම එතැනදි ඇහුව කොළඹ කොටුවේ බෝගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද කියල. නමුත් මගේ හිතවත් මිත්‍රයින් රාශියක්  මට කියපු දේ තමා ඔබතුමාට කිසිදු ආදායම් මාර්ග නෑ ඒ නිසා ඔබතුමාගේ ආර්ථිකය කොහොමද කියා අප දන්නව කියල.

මගේ වත්කම් ප්‍රකාශනය මම සෑම වසරකම පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනව. බොහෝ ජනාධිපතිවරු ජනාධිපති වූ පසුව තමන්ගේ නිල කාලය තුළ වත්කම් ප්‍රකාශය ලබාදී නෑ. ඒ ඔවුන් ජනාධිපතිවරුන් නිසා. මම ජනාධිපති වෙලා සිටි වසර පහ තුළ දීත් මම සෑම වසරකම මගේ වත්කම් ප්‍රකාශය ලබා දී තිබෙනව. මගේ වත්කම් ප්‍රකාශනය ඕනෑම අයකුට බලන්න හැකියාව තිබෙනව.තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඕන කෙනෙක් මගේ වත්කම් ප්‍රකාශනය අරගෙන බලන්න.

ඒ නිසා මගේ මිත්‍රයින් තීරණය කර තිබෙන ආකාරයට මා බලාපොරොත්තු වන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහයෝගය ගන්න.

ඔබ දන්නවා අෂ්ඨ ලෝක ධර්මය." ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං "කියන ගාථාව ඔබ කවුරුත් දන්නවා ඒ නිසා ඕනෑම කෙනකුට රජෙක් වන්නට පුළුවන්. ඒ වගේම යාචකයෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට ලාභය අලාභය අයස යස ස ඒ වගේම නින්දාව ප්‍රසංසාව තමාගේ ජීවිත කාලය තුළ තමන්ට ලැබෙනව. ඒ අනුව අපත් මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙමින් අපේ රටේ දරුවන්ට යහපත් විනයගරුක සමාජයක් හදන්නට අපට කළ හැකි උපරිම සේවාව මා ඉෂ්ට කරන බව ප්‍රකාශ කරනව.



අදහස් (80)

කෝටි 10 ගෙවන්න ටින් හොලවන්නද?

pinsiri Sunday, 15 January 2023 04:57 PM

යටිමඩි ගහපු දේවල්, තෑගි බෝග වශයෙන් ලබාගත්ත දේවල්ආපහු දෙන්න කාලයක් උදාවී ඇත. හොරු පොලිස්කාරයෝ වෙලා පොලිස්කාරයෝ හොරු උනාම ඔහොම වෙනවා.

:       44       117

ajithSunday, 15 January 2023 08:08 PM

මෛත්‍රිපාල, චන්ද්‍රිකා ඇතුළු දේශපාලනයේ සිටි පළපුරුදු දේශපාලකයින්ගේ පෙරකළ වැරැදි පුරවැසියන් වන අප විසින් අමතක කර, පොදු සමාවක් දී නැවත ඔවුන්ව බලයට පත්කර රට දියුණු කිරීම හැර ශ්‍රී ලාංකිකයින්ට / තරුණයන්ට වෙනත් විකල්පයක් නැත...

:       167       4

කරුණාවතී Sunday, 15 January 2023 10:39 PM

අජිත් ඇත්තට ඔහේට පිස්සුද ? අලුත් පිරිසක් රටම ඉල්ලදී, රට නැතිකරපු අසමත් දේශපාලුවන්ට රට බාරදෙන්න. තව අවුරුදු 5කට දේශපාලන ජවනිකා බලන්න පාර්ලිමේන්තුවේ. ඔයාලවගේ මිනිස්සු නිසා තම මේ රට නැතිවුනේ. එක තේරුම් ගන්නවා

:       27       24

samanMonday, 16 January 2023 02:08 AM

ඒ කත් අපිද ගෙවන්න ඕන.

:       4       12

සංකාMonday, 16 January 2023 07:34 AM

මේ පට්ට හොරු සහ පට්ට හෙර ඇතුළු නාකි දේශපාලුවෝ සෙට් එකම රට නැතිබංග කරලා හොරා කාල අද ලංකාව ලෝකෙන්ම හිගාකන අති බංකොලොත් රටක් කලා. මේ නඩු තීන්දුවෙන් මෙය හොරාකාපු සල්ලි ඕනෑතරම් ඇති ගෙවලාදන්න. මේ ගොල්ලන්ට දෙන්න ඕන රජ කාලේ දඩුවම්. දැන් මේ රටේ ඉතුරු වෙලා තියෙන ඉතුරු ටිකත් ගෝඨා එලවල තරුණ උගත් බුද්දීමතුන්ට රට බාරගන තිබුණු මහගු අවස්ථාව නැවත පිනට පත්වුණු හොර නායකයෙක් ඇතුළු කල්ලියක් විනාස මුකයට ගෙනියනවා. අයියෝ අපේ රට කවද ගොඩ එයිද?

:       21       16

BamunuarachchiMonday, 16 January 2023 10:38 AM

ඔයාගේ ගොබ්බ දේශපාලන අදහස් මෙතනට දමන්න එපා.

:       9       31

pissuda Monday, 16 January 2023 12:22 PM

කරපු නස්පැත්තියට ජනාධිපති මන්දිරයක් තෑගි ලැබුනා මදිද.?

:       8       14

චමින්ද Monday, 16 January 2023 12:53 PM

ඇත්තටම බමුණු ආරච්චි කියලා කොටන්නෙ මහින්ද රාජපක්ෂ ද නැත්නම් ඒ පවපවුලේම කෙනෙක්ද නැත්නම් මයිත්‍රීපාල හෝ ඔහුගේ පවුලේම කෙනෙක්ද කියලා තෝරා ගන්න බැහැ

:       0       5

BamunuarachchiMonday, 16 January 2023 01:03 PM

මොකක්ද කරපු නස්පැත්තිය?

:       3       0

Lal Sunday, 15 January 2023 04:58 PM

Arrest this guy

:       46       104

saliya Sunday, 15 January 2023 05:09 PM

එහෙනම්, මහ උළුගෙදර තමයි.. කූඩුවේ කම්බි කූරු ගැන ගැන​...

:       45       127

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 15 January 2023 05:09 PM

ඒ කාලයේ බොහොම ලොකුවට බලතල භුක්ති විඳිමින් සිටිය බව දැන් දැන් අමතකයි... වගේ පේන්නේ... රටේ අගමැතිවරයා ඒ කියන්නේ තමන්ට ඉහළම පුටුවට එන්න උදව් කළ කෙනාව හෝ ආරක්ෂක මණ්ඩලය වෙත කැඳෙව්වේ නැහැ. පාස්කු බෝම්බ සිද්ධියට එවකට හිටපු ජනපති හා ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන වගකියන්නේ නැතිව පාරේ යන කෙනෙකු වගකියන්නද?

:       145       135

අමල් Sunday, 15 January 2023 05:11 PM

ඇයි, අර රෝයල් පාර්ක් නඩුවේ ජනාධිපති සමාව දීලා හම්බවුණු කෝටි 8යි, අනිත් ගාණ කෝටි 2යි... දුන්නම කෝටි 10 හරි. ඔය ආපහු පිටකොටුවේ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ලා ඉන්න ඕනේ නැහැ.

:       55       159

podi mole Sunday, 15 January 2023 06:48 PM

අපිට ආරංචි විදිහට නම් රෝයල් පාර්ක් බිස්නස් එකෙන් ඕක ගෙවලා... අතට තවත් ඉතුරුයි.

:       40       101

යෝගා Sunday, 15 January 2023 05:28 PM

මෙයාගේ ධූර කාලයේ අති විශාල වත්කම් ප්‍රමානයක් තමුන්ගේ දරුවන්ට හොයලා දීල තියෙනවා. නීත්‍යානුකූලව නම් වෙන්න බෑ. ඒවායින් ගෙවන්න. ඒ ගෙවලත් මදි. අවුරුදු දහයක් වත් සිරගත කල යුතුයි.

:       35       98

C.K.Lankaputhra Sunday, 15 January 2023 05:32 PM

බයිලා රාජ පුලතිසිපුර සිරා අයියා. අයියො සාමි නී එනක වේනා.

:       46       74

දාස Sunday, 15 January 2023 05:34 PM

ඔබ මේ කියන දෙය තව මොහොතකින් වෙනස් කරන මිනිහෙක් , අපි එය දැක්ක අත් වින්ද ඔබ ජනාදිපති කාලෙ. මම ජනාදිපති වරනය පැරදුනොත් රාජපක්ෂල මාව අඩි 6 පොලොව යටට දානව කිව්ව මිනාහ, තමුන් ජනාදිපති වුනාම , මහින්ද නීති විරෝධි ලෙස අගමැති කලා. ඔබ ඒ වගේ පහත් වැඩකල මිනිහෙක් , කට ඇරියොත් ඔබ කියන්නෙ බොරු. පාස්කු ප්‍රහාරයවෙන්න කලින් සිංගප්පුරුවට පැන්න . සිද්දිය වෙලා දින දෙකකට පස්සෙ ලංකාවට ආවෙ , ඇවිල්ල ටොං පචයක් කෙලිය ප්ලෙන් තිබුනෙ නෑ එන්න කියල. ෆොන්සෙක මහත්තය පෙන්නුව plane දෙකක් තිබුන කියල. ඒ බොරුව අතේ පත්තු වුනා. තමුන්ට මේ රටේ කවුරුත් අනුකම්පා කරන්නෙ නෑ මේ කල අපරාදය සම්බන්දව. ඔබට බලය තිබුන මේ රට නව මාවතකට ගෙනියන්න. නමුත් කලේ පොලොව යට තමුන් දානව කිව්ව මිනිහ එක්ක ඩීල් දාපු එක, දැන් බබා වෙන්න හදනව.තමුන්ට තව නඩු වැටෙයි මොකද තමුන් මේ අපරාදයට වක්‍රව වගකියන්න ඔනේ.

:       27       124

Prabha Sunday, 15 January 2023 05:50 PM

තමන්ගේ හදවත දන්නව ඇති කරපු පවේ බරපතලකම. විඳවපන් ජීවිතේ අන්තිම තත්පරය වෙනකල්.

:       36       102

කාංචනා Monday, 16 January 2023 04:35 AM

බුදු දහම අදහන අපිට බුදුහාමුදුරුවෝ මුලින්ම කියලා දුන්නෙ කෙළෙහිගුණ සැලකීමේ වටිනාකම තමයි ඒ අනුව යමින් සෑම කෙනෙකුම මෙන් තම තමන්ගෙ දුකක් කරදරයක් ඇතිවූ අවස්ථාවලදී බෝධි පූජාව කරනවා. ඒත් මොහුට කෙළෙහිගුණ කියන්නෙ මොකක්ද කියලා වත් තේරුම් ගැනීමට හැකියාව නොතිබුනාද නැත්නම් රාජපක්ෂෂලාට බියෙන් නොකලාද තමන්ට බලයට එන්න සම්පූර්ණයෙන්ම උදව්වක් කල රනිල්ට අගමැති ලෙසට ආරක්ෂක මණ්ඩලයට එන්න දුන්නෙ නැහැ නැත්නම් එජාපය විනාශ කිරීමට කලාද දන්නෙත් නැහැ මොහු කියන ලෙසට ඔහුම පත්කල නිළධාරින් රාජකාරි පැහැර හැරියා කිව්වට ජනාධිපති ලෙසට ප්‍රහාරය නොදැන සිටියා කීම කෙසේ පිළිගන්නද ඕකට තමයි කියන්නෙ කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා.

:       28       107

Hafeel Sunday, 15 January 2023 05:52 PM

මෙයා කියන පරිදි එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී සහ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානීන් දෙදනාම මෙයාව දැනුවත් කලේ නැත් නම්, ඔවුන් දෙදනාව දුරයෙන් ඉවත් නොකර, ඇයි හිටපු පොලීස්පති පූජිත්ව සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි දෙදනාම පමණයි දුරයෙන් ඉවත් කලේ? හරි නම් රාජ්‍ය සහ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානීන් ඔවුන් දෙදනාමත් ඉවත් කලයුතු නේද? මෙතන පැහිදිලි නේද මෙයා නොදැනුවත් ඉන්න බැහැ කියල. අනික ඔයා කරපු පව් කාර වැඩේට, ඔයා පිටකොටුවේ බෝගහ ළඟ ටින් හොල්ල හොල්ලා හිටියට, ඔයාට කොව්රුත් සතයක්වත් දෙන්න නැහැ.

:       49       87

Sethuhami Sunday, 15 January 2023 06:18 PM

ගිහිල්ලා බෝ ගහ ලඟ අමුඩයක් ගහගෙන හිටපන්.

:       43       92

නිහාල් Sunday, 15 January 2023 06:20 PM

ටින් හරි බැරල් හරි හොලවලා තමන් කරපු වරදට සාධාරණයක් කරනවා.

:       46       78

චන්දිම Sunday, 15 January 2023 06:23 PM

අරෙහේ අර අහිංසක මිනිස්සු නිකම් නිරපරාදේ මැරිලා ගියා තුවාල වුණා... අනාථ වුණා. මේ වගකිවයුතු කට්ටිය අරයා මෙයාට මෙයා අරයට ආදී වශයෙන් බෝලේ පාස්කරකර නිකම් සෙල්ලමක් කරකර හිටියා. ඒ අහිංසකයින්ට වන්දියක් ගෙවන්නවත් ඔය කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ. හිතන්න ඇති නිකම්ම මිනිස්සුන්ට අමතක වෙලා යාවි කියලා. ඒ මදිවාට මීට පහළ උසාවිවල තිබූ නඩුවලදී එකඑක තාක්ෂණික දෝෂවලින් රිංගලා නිදොස් කොට නිදහසුත් වුණා. මගේ හිතේ ඔබතුමාට මේ තීන්දුවෙන් උසාවියේ වරදකරුවකු වි දඩ නියම වූ නිසා ජනපති විශ්‍රාම වැටුප සහ හිටපු ජනපති වරප්‍රසාද සියල්ලත් අහෝසි වෙනවා. දැන්වත් අර කලින් සිංහනාදයක් කරලා කියලා තිබුණු විදියට මේකට ගෑවිච්චි අනිත් කට්ටියගේ නමුත් හෙළිකරන්න. මුළුරටම බලන් ඉන්නවා.

:       45       106

ranjith Sunday, 15 January 2023 06:25 PM

සාධාරණ අධිකරණ තීන්දුවට අභියෝග කරන්න එපා. මොහුගේ වත්කම් අත්පත් කරගෙන අහිංසක වින්දියන්ට වන්දි ගෙවන්න. ලැජ්ජාවක් නැතුව කියවාරු ගහන හැටි.

:       37       93

Nalin Monday, 16 January 2023 07:30 PM

මහරගම ඇල්හේන පාරේ ගේ තාප්පෙට ගිය වියදමනේ. දුවගෙන් ඉල්ලා ගන්න... නැත්නම් රාජපක්ෂලා දෙන්න ඕනෑ..

:       0       18

ආර්.එම්.එල්.රත්නායක. Sunday, 15 January 2023 06:26 PM

දුවටයි, පුතාටයි ආදායම් ඇති. රක්ෂාවක්වත් නැතිව පොළොන්නරුවේ ලොකු හෝටල් හදලා තියෙනවා.

:       37       94

ranjit Sunday, 15 January 2023 06:28 PM

ලංකාවේ තුන්වෙනි ධනවතා කියලා ඇමෙරිකාවේ ෆොර්බ්ස් සමාගමේ සමීක්ෂණයකින් සොයාගත්තා කියන්නේ පට්ටපල් මුසාවාදයක්නේ...

:       39       91

podi mole Sunday, 15 January 2023 06:49 PM

දඩමුදල ගෙවිය නොහැකි නම් සිරදඬුවම් විඳිය යුතුය.

:       44       91

සඳුන් Sunday, 15 January 2023 06:50 PM

කෝටි දහය ගැන විතරයි.. මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ගියේ. මෙතුමාට ඉදිරිපත් කළ චෝදනා පත්‍රයටත් හොඳ ප්‍රචාරයක් දුන්නොත් හොඳයි. දැන් මෙයා හදන්නෙ පොඩි හිඟන පාට් එකක් දාලා අනුකම්පාව අරගෙන දේශපාලන ගේම් එකේ ස්ථාවර වෙන්න.

:       54       83

lakvidu Sunday, 15 January 2023 06:50 PM

ඩඩ්ලි මල්ලිගේ පොකට් මනිවලින් ගෙවන්නකෝ...!

:       37       81

reks Sunday, 15 January 2023 06:51 PM

ඩඩ්ලි මල්ලිගේ දවසක ලාබේ...!

:       36       74

Ruhunu Sunday, 15 January 2023 06:53 PM

දැන්නම් 10ට නින්ද යන්නේ නැතිව ඇති නේද?

:       31       67

Rodney MSunday, 15 January 2023 11:37 PM

අර රෝයල් පාර්ක් නඩුවේ ජනාධිපති සමාව දීලා හම්බවුණු කෝටි 8යි, ඇස්බස්ටස් තහනම ඉවත් කරන්නත් ගානක් ගත්ත කියල ආරන්චිය​. අතට තවත් ඉතුරුයි

:       0       29

මැක්ස් Sunday, 15 January 2023 07:17 PM

රටේ වර්තමාන අභාග්‍යසම්පන්න තත්ත්වයට මූලික වශයෙන් වගකිව යුත්තා, ආප්ප කා පැන්න ඔබතුමා. රටේ පැවැති සංවර්ධන දිසානතිය කණපිට හරවා භාණ්ඩාගාරය හිස් කිරීමටත් මුල් වූයේ ඔබතුමා. පෝට් සිටිය වසර කීපයක් නැවතීම නිසා ඊට වන්දි ද ගෙවා නැවත එය ඇරඹීම වුවද ඔබගේ පාලන කාලය මොනතරම් මුග්ධද යනවග කියාපානවා. බ්‍රිතාන්‍ය මහා රැජින මේස් ගලවා අතදීම සහ රනිල් වික්‍රමසිංහ මහතාට "හැමදාමත් සර් කියන්න" ඉඩ දෙන්න වැනි තුට්ටු දෙකේ කතා කියමින් රටේ නායකත්වය දෙකේ කොලේට දැම්මා... ජෙප්පන් හා එක් වෙමින් සාම්පූර් බලාගාරයට අකුල් හෙලා විදුලි අර්බුදයට මග පෑදුවා. මේ සියල්ල ගැන රටේ ජනතාව දන්නවා. එම නිසා පිටකොටුවේ බෝ ගහ ළඟ කැට හොල්ලමින් යාචක වෙස් ගත්තට ඔබතුමාට රැවටෙන ජනතාවක් මේ රටේ නැහැ...

:       37       72

BamunuarachchiMonday, 16 January 2023 11:09 AM

මෙතැනට දේශපාලනයක් අදාළ නැත. ලෙඩ ඇන්දේ සිටිය ක්‍රිස්තියානි කාරය ප්‍රහාරය සිදුවෙන දිනය, වෙලාව ස්ථානය තම දේශපාලක පුතාට දන්වලා කිව්වා පල්ලි යන්නෙපා කියලා. ඒ දේශපාලකයත් පළල නොගිහින් බෝම්බ පුපුරයිද කියලා බලා සිටියා මිස පල්ලියට කිව්වේ නැත. ලෙඩ ඇන්දේ සිටිය ක්‍රිස්තියානි කාරය ප්‍රහාරය සිදුවෙන දිනය, වෙලාව ස්ථානය දන්නවානම්, මෙවා සිතෙන්නේ මට විතරද ?

:       73       34

Bamunuarachchi Wednesday, 18 January 2023 09:53 PM

කාදිනල් නොදන්නවාද කියලා හිතෙන්නේ මට විතරද?

:       0       1

Rohana Sunday, 15 January 2023 07:30 PM

රුපියල් කෝටි 10 ක් දෙන්න නෑ කියන්නේ බොරුවට. ඒ කාලේ හම්බ කරපුවා හොඳටම ඇති මේ මුදල ගෙවන්න...

:       39       85

Lalith M Sunday, 15 January 2023 08:30 PM

අපි දන්නා විදියට ලංකාවේ මුල් බිලියනපතියන් දහදෙනා අතර පසුගිය ජනාධිපතිවරු දෙදෙනාම ඉන්නවා. සල්ලි හොයන්න ඇත්තේ බිස්නස් කරලා වෙන්න ඇතිනේ. සාධාරණ ලෙස ඉපැයූ දේ...

:       50       84

BamunuarachchiMonday, 16 January 2023 11:00 AM

හලෝ ගොන් කතා කියන්න එපා . අදාල ප්‍රස්තුතයට කතා කරනවා. එයා බුක්ති විඳින්නේ ජනාධිපති කෙනෙක් හැටියට ලැබෙන වරප්‍රසාද? අනිකුත් ජනාධිපතිලත් ඒ වරප්ප්‍රසාද භුක්ති විඳිනවා.

:       87       34

නිහාල් Monday, 16 January 2023 12:46 PM

ජනාධිපති වරප්‍රසාද හම්බවෙනවද මුල් බිලියනපතියන් වෙන තරමට. ඕක තමයි කියන්නේ නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්න හොඳ නැත්තේ. කිසි තේරුමක් නැති අයත් අදහස් දක්වනවා.

:       22       69

BamunuarachchiMonday, 16 January 2023 01:05 PM

ප්‍රහාරය කරපු අය සහ ප්‍රහාරය ලබපු අය අතර දැන් තිබෙන සමගිය දුටුවාම මේ බෞද්ධයින් මානකරගෙන කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵල හැටියට පෙනෙන්නේ නැද්ද?

:       52       0

Deepal Nirosh Sunday, 15 January 2023 08:46 PM

ලැජ්ජා නැතිකම තමුන්ට ජනාධිපතිකමටත් වඩා ලොකු බව අපි දන්නවා. ඒත් පොඩ්ඩක් හරි ලැජ්ජාවක් තියනවා නම් දැන්වත් තමුන් රටේ මහජන මුදලින් භුක්ති විඳින සියළු වරප්‍රසාද තනතුරු අතහැරලා ගමට යන්න...

:       51       90

podi mole Sunday, 15 January 2023 09:04 PM

හොලවන්නේ මොකක්ද කියලා මම කියලා නැහැ...!

:       0       1

Podda Sunday, 15 January 2023 09:48 PM

ගරු අධිකරණයට ජාතියේ ප්‍රණාමය.

:       0       3

Prase Sunday, 15 January 2023 10:40 PM

මා හිතන්නේ අධිකරණ තීරණය නිවැරදියි.

:       0       38

Kumara Sunday, 15 January 2023 11:35 PM

දුවයි පුතයි කෝටි පතියෝ වුනේ කොහොමද.?

:       0       44

beau Monday, 16 January 2023 12:29 AM

මුන් හැදෙන අය නෙවෙයි. මුළු සේසතම අයිති කරගන්න මේ අයට දඬුවම් කල යුතුය.

:       0       40

Ruchira Monday, 16 January 2023 12:52 AM

රෝයල් පාක් එකේ සල්ලියි, තව ඔහුට අවශ්‍ය වන්නේ මිලියන 100 ක් පමණි

:       0       14

දාස Monday, 16 January 2023 06:08 AM

මෙවැනි බොරු කියන වටිනා කමක් නැති පුස් චරිත දරුවන් සම්බන්ද කටුයුතු වලට ගාවගන්න එක පාපයක්. මේ චරිත වලින් දරුවකුට ගත හැකි ආදර්ශය කුමක්ද?

:       0       29

එමි එමි Monday, 16 January 2023 06:12 AM

සුරංගනා කතා කියනව සිරසේන උන්නැහැ ගෙවන්න සල්ලි නැහැ කියනව ඇයි හොරකම කරපුව නැද්ද මුන් රටට කරපු දෙයක් නැහැ හොරකම් කරපු සල්ලි වලින් ගෙවන්න සිරිසේන දිඨිට දමිමි වෙිදය පලදෙනව කියන්නෙ ඔිකට තමයි ජනතාට සාප කරනව එවිව තමයි ඔය පලදෙන්නෙ හරිම සතුටුයි ගෙවන්න සිරිසේන.

:       0       43

Asela Monday, 16 January 2023 06:27 AM

ඒ කෙසේ වෙතත් තවමත් මහ මොළකරු නිදැල්ලේ සැරිසරනවා.

:       4       5

අනුර Monday, 16 January 2023 07:30 AM

මෙතුමාගේ කතාවේ කියලා තියෙනවා ඔහු නිර්දෝෂි බව. ඒ වගේම කෝටි 10 ගෙවන්ඩ තරම් ආර්ථිකයක් නොමැති බව. ඔහුගේ මිතුරන් ඉදිරිපත් වෙලා තියෙනවලු ඒව ගෙවන්න. එහෙම ගෙව්වොත් කරුණාකර ඒ මිතුරන් ගේ නම් ගම් පලකරන්න ඔවුන්ට එවැනි ගෙවීම් කරන්න පුළුවන්දැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගබලා ගතයුතුය. එහෙම නොකරන්නේ නම් මට හිතෙන්නේ මිතුරන්ගේ නාමයෙන් ඔහු රැස්කළ ධනය ම තමයි වියදම් කරන්නේ

:       0       42

මේඝ නෙරංජන් විමුක්ති අනුරංග Monday, 16 January 2023 07:45 AM

කියන්න දෙයක් නෑ

:       2       9

වගවීම Monday, 16 January 2023 07:49 AM

සල්ලි එකතු කරලා ගෙවලා දේශපාලනය කිරීම මුලු මහත් ජනතාවගේම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්

:       0       33

Kumara Monday, 16 January 2023 07:55 AM

වටේ ඉන්න හොරු සෙට් එක ගෙවලා දායි.

:       13       42

jayasekara Monday, 16 January 2023 09:00 AM

ටින් බැරිනම් පඩික්කමක් හරි හොලවලා සල්ලි හොයාගන්න.

:       1       46

Rupasingha Monday, 16 January 2023 09:29 AM

මේ පුද්ගලයා බොරු කියන්නේ අනුන් මෝඩයෝ කියලා හිතාගෙන

:       3       49

wedage Monday, 16 January 2023 09:59 AM

මුකුත් නැහැ හිරේ දමනවා අවුරුදු දෙකක් විතර කරපු නොසන්ඩාල වැඩේට,

:       6       45

Bamunuarachchi Monday, 16 January 2023 10:34 AM

තීන්දුව ගැන අපේ පුද්ගලික අදහස් ඇතත් ඒවා පක්ෂ කිරීමට බැරිය. මෙතැනට දේශපාලනයක් අදාළ නැත.

:       58       18

tikiribuwaa Monday, 16 January 2023 10:56 AM

ඉන්දියාවෙන් ගෙන්නපු ලනු ටිකත් නිකන් දිරාපත් වෙනවා මේ වෙලාවේ.

:       10       21

ලමය Monday, 16 January 2023 10:57 AM

බොරු කියන්නෙ කට දැනෙන්නෙ නැති විදියට. පත්වෙලා මාස ගානින් උජාරුවට කිව්ව පැරදුන ජනාධිපතිට මැද මුලනට යන්නත් හෙලිකොප්ටර් දුන්නෙ මම කියල, ඉට පස්සෙ ටික කලකින් රනිල්ට චෝදනා කෙරුව මහින්දට මැදමුලනට යන්න හෙ කොප්ටර් දුන්න කියල.

:       10       60

Samantha. Monday, 16 January 2023 11:02 AM

පරම්පරාව ගොඩදැම්මේ කොහොමද.? නූගත් දරුවෝ කොහොමද අද වීදුරු ගෙවල් වල ඉන්නේ. කුඹුරු කොටලා දාඩිය මහන්සියෙන් සල්ලි හම්බ කලේ නැහැ.

:       5       50

Senarath Monday, 16 January 2023 11:11 AM

මෙයා හොරකම් කලේ නැහැ කිව්වොත් ඒක ලෝක පුදුමයක්.

:       5       37

Bamunuarachchi Monday, 16 January 2023 11:13 AM

දේශපාලනය බල්ලට දාන්නෙමි. මම ඔබ පක්ෂයේ කෙනෙක් නොවෙමි. එහෙත් ඔබට සිදුවූ අසාදාරන ගැන කනගාටුවෙමි.

:       49       26

Asanga Monday, 16 January 2023 11:57 AM

රජකම් කලත් කළකම් පලදෙනවිට ඔහොම තමයි කාටත්.

:       0       14

podiaarachchi Monday, 16 January 2023 12:10 PM

බමුණු කියන්නේ හාල්පාරුවෙක් කියලා අපි ඔක්කොම දන්නවා.

:       1       49

BamunuarachchiMonday, 16 January 2023 12:59 PM

හරියට හරි... ආගම ජාතිය රට පාවා නොදෙන ඇත්ත කතාකරන හම්බයින්ට දෙමළුන්ට කත් නොඅදින සිංහල ජාතිවාදීන්... මට ඔබ ආගම ජාතිය රට පාවා දෙන ඇත්ත කතා නොකරන හම්බයින්ට දෙමළුන්ට කත් අදින්නෙකි.

:       38       1

podiekaa Monday, 16 January 2023 12:17 PM

ග්‍රාම සේවක එයාගේ ටින් එකට ගහමින් සින්දු කියනකොට, බමුණට පුළුවන්නේ ඒකට නටන්න.

:       2       42

Senarath Monday, 16 January 2023 12:42 PM

තමුන්ට බැරි වැඩ කරන්න යන්න එපා කියන්නේ ඕක තමා.

:       2       35

Rata Perata Monday, 16 January 2023 12:44 PM

මේක කෙනෙක් ජනපති කරන්න කරපු පහත් වැඩක් බව නොදන්නා කෙනෙක් නැහැ,

:       7       32

janahitha Monday, 16 January 2023 01:35 PM

අරයා එල්ලුම් ගහෙන් නිදහස් කරන්න කෝටි 800ක් දීලා තිබුණු 100 ගෙවලා තමයි ඕක එජාපයේ සහ පොහොට්ටුවේ මහ මොලකරුවන් මෙම තොරතුරු වසන් කරපු බව...

:       1       35

wimal Monday, 16 January 2023 02:24 PM

හොල්ලන්න දෙයක් නැහැ. දැන් හෙල්ලිලා, ගැලවිලා බිමට වැටිලා ඇත්තේ... මදැයි කොරපු හරිය... දැන් ලොකු දෝණිට ආයෙත් කොළපතක් ලියන්න අප්පොච්චාට වෙච්චි දේ ගැන...

:       1       26

podi mole Monday, 16 January 2023 04:16 PM

ටින් හොලවපු තාත්තා කියලද?

:       1       19

Sam Monday, 16 January 2023 04:21 PM

මෙයා හිතන් ඉන්නේ ජනාධිපති වෙලා ඒකට දන්නා දේ කරලා අවම හරි කියලා, මෙයා දන්නේ නැහැ වගකීම සහ ගිණුම් කටයුතු ගැන. මේ වගේ අයට, ඡන්ද දෙන මී ගවයන්ට හොඳ වැඩියි..

:       1       7

ඉවන් Monday, 16 January 2023 05:15 PM

ලක්ෂ 62 ක් විසින් මෙයාව ජනපති කරලා හොඳට ගිය රටක් පහළට ඇද දැම්මා. බඩ ගැන හිතලා මෙයාට ඡන්දය දුන් කතෝලික මිනිස්සුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන්නා. කතෝලික මුස්ලිම් සහ දෙමළ මිනිස්සු ඉන්න ආසන වලින් තමයි... මෙයා දිනුවේ. ඒ කරුමේ රට වෙනුවෙන් ඡන්දය දුන් ලක්ෂ 58ක් විඳවනවා...

:       0       6

reks Monday, 16 January 2023 06:28 PM

ටින් සිරා...!

:       0       5

Nimal Silva Tuesday, 17 January 2023 01:24 AM

අවිද්‍යාවේ නොසැලකිලිමත්කමේ නිර්වචනය මෙයයි. නොසැලකිලිමත්කම යනු අදාළ කරුණු පිළිබඳව දැනුවත්ව දැනුවත්ව සිටීමට අපොහොසත් වීම සහ එවැනි කරුණු සඳහා සාධාරණ අභ්‍යන්තර ප්‍රවේශයක් නොමැතිකම යන අර්ථයෙන් නොදැනුවත්කමයි. එය රටක ජනාධිපතිවරයකු වීමේ වගකීම කඩ කරයි. වන්දි ගෙවීමට නොහැකි වුවහොත් ඔහු සිර දඬුවම් විඳිය යුතුය.

:       0       3

Malika Tuesday, 17 January 2023 09:18 AM

ඇයි පුතා බැන්දේ ලංකාවේ කෝටිපතියෙක්ගේ දුවක්. ජනාදිපති වෙලා ඉන්න කාලේ ඒ අයට නොයෙක් අයථා ක්‍රම මගින් මුදල් උපයන්න පාර හදලා දුන්නා.

:       0       3

පරමාදර්ශී නායකයානෝ Tuesday, 17 January 2023 02:04 PM

පරමාදර්ශී නායක අපදානය ............ José Alberto Mujica Cordano ( ජෝසෙ ඇල් බර්ටො මුජිකා කොර්ඩනො) 2010 - 2015 කාලය තුළ ලතින් ඇමරිකානු උරැගුවෙි රාජ්‍යය යේ 40 වැනි ජනාධිපති ලෙස සේවය කළ මෙතුමා ගොවියෙකි. ඒ එවකට තිබූ හමුදා පාලනයෙන් පසු 2009 පැවති මැතිවරණයෙන් ත්‍රයි පාක්ෂික ප්‍රමුඛ සභාගයේ ජනපති ලෙස පත් විය. අවු. 60 වයස පාපැදිය, ජනපති කාල පරාසයේද අත්නොහැර පදවා ඇත. වැටුපින් 90% අහිංසක ගොවිජනතාවට සහ සුලු ව්‍යාපාරිකයනට ද ප්‍රදානය කර ඇත. නිල නිවසක් නොගෙන සිය බිරිදගේ ගොවිපල නිවහනේ වාසය කරමින් නිල රාජකාරී වල යෙද ී ඇත. වසර 14 ඒකාධිපති හමුදා වියරැව යටතේ සිර බත් මත යැපී ඇත. ලොව "නිහතමානීම" රාජ්‍යනායක ලෙස ප්‍රචලිතය. මෙතුමා Topmaros ගරිල්ලා හමුදා නායකයෙකි. 87 වියැති වුවද තවමත් ප්‍රභාෂ්වර මනසකින් සහ ආකර්ෂණීය රෑපකායකින් පිරිපුන් පරමාදර්ශී චරිතයකි. චිරංජයතු!!! ලෝපතල EL PEPE ( supreme life) වෘතාන්ත චිත්‍රපටය යූ ටියුබය හරහා ප්‍රචලිතය. .

:       0       0

podiekaa Wednesday, 18 January 2023 03:36 PM

පරණ සිංදුවක්.... මම ටින් එකට ගහනවා. මගේ ළඟ බමුණා නටනවා... මට මෙහෙම පේනවා... කෝටි 10ක් එනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1015 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1790 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 648 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1860 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 206 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1221 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site