IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි

(ටී.කේ.ජී.කපිල)

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම සමාගමේ හිමිකරු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියයි.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි  52 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර , ඔහු අද දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගේ පැමිණි ෙපිළිබඳ ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට පත් විය.

සැකකරු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ , මොහුගේ බිරිඳ , 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

"ජෙඩ්සීස් බිස්නස් ස්කූල්" නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500 කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහළ් නිවාස සංකීර්ණයක් ඉදි කර  , එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිළ දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03 ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වා ගෙන ගොස් ඇති බව අධිකරණ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (8)

කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි

Sampath Dinusha Friday, 08 November 2024 09:03 AM

අපේ හරක්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ... වැඩි තන්හාවට ගියාම ඔහොම තමයි...!

:       1       58

පැරකුම් Friday, 08 November 2024 01:58 PM

මෙවැනි පිරමීඩ ව්‍යාපාරිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස රජය කොතරම් අවවාද කලත් ඒවා නොසලකා හැර අධික තන්හාව නිසා මෙවැනි කපටින්ට හසුවන්නන්ටද දැඩි දඩුවම් දියයුතු නොවේද?

:       1       46

kamal Friday, 08 November 2024 02:44 PM

රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි නැහැ කියලා කිව්වට, මේ වගේ හොර පිරමීඩ ජාවාරම් වලට දෙන්න නම් සල්ලි තියෙනවා..

:       0       30

බද්රානි Friday, 08 November 2024 02:48 PM

මම නම් රජයට යෝජනා කරන්නේ, මේ සියලුම මුදල් රාජසන්තක කර මේ යුවල නිදහස් කොට, අර ආයෝජනය කළ සියලුම දෙනාටම නඩු පැවරිය යුතුයි.. නැතිනම් මේ මිනිස්සුන්ට මුදල් නැවත ලබා දෙන්න මහජනතාවගේ බදු මුදලින් රජය වියදම් කොට නඩු පවරා පරීක්ෂණ පැවැත්විය යුතු වෙනවා... ලංකාවේ මිනිස්සුන්ට පුදුම තණ්හාවක් තියෙන්නේ... ඒ නිසා මේ තන්හා කාරයින්ගෙන් තවත් රජයට දඩ අයකරගෙන, එය රාජ්‍ය ආදායමට එක්කර ගත යුතුයි. මේවැනි තන්හාකාරී ජනතාවක් නිර්මාණය කිරීම ගැන මේ රටේ සියලුම ආගමික පූජකයින් වගකිව යුතුයි. සියලුම ආගමික ආයතන මෝඩයින්ගෙන් මුදල් උපයා ගන්නා හොඳම ව්‍යාපාර බවට පත්වෙලා.

:       7       48

Always break down Friday, 08 November 2024 04:29 PM

ශුවර් එකටම මොවුන් පොහොට්ටු කාරයෝ විය යුතුයි. ජොනීගේ සරණම තමයි...

:       8       14

Rs Saturday, 09 November 2024 09:20 AM

අනිවාර්යයෙන් මෙම මුදල් රාජසන්තක කළ යුතුයි. එම මුදල් මහා භාණ්ඩාගාරයට. තණ්හාව නිසා මුදල් තැන්පත් කළ අයට පාඩුව විඳගන්න කියමු. මොවුන් රජයට කියලාද දන්නේ නෑ තැන්පත් කළේ..?.

:       2       10

KAMRUL ISLAM Saturday, 09 November 2024 12:22 PM

මේ දිනවල ප්‍රෝ කෙයාර් කියලා සෙට් එකක් ඔන්ලයින් ජොබ් දෙනවා කියලා සැරටම මේක කරනවා. කවුරුත් බලන් නෑ. දැනටම කෝටි ගාණක් හොයලා, වැඩේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ටීවී චැනල්වල ඉන්ටවීව් පවා දෙනවා. තනිකර ජනතාව නොමග යවනවා.

:       0       7

Jcabe Saturday, 09 November 2024 10:28 PM

දැනගෙන කරන්නෙ නෑ. හුඟක් අය. " Point Zone/ Banner cut" අයත් තවම නිදැල්ලේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 71 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 260 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 78 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 630 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 299 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1384 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site