(යොහාන් භාසුර)
රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා අද (13) පැවසීය.
මෙම බහලුම් හතර සම්බන්ධයෙන් රේගුවට ඇතිවූ සැකය මත නවතාගෙන පරීක්ෂණ කළ බවත් පානදුර, වත්තල සහ කොළඹ 10 යන ප්‍රදේශවල ආයතන තුනක් ආනයනය කළ මෙම බහලුම් හතර එකම ආයතනයකට නිෂ්කාශනය සඳහා පවරා තිබීමෙන් එම සැකය වඩාත් වැඩි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම බහලුම් හතර රේගුව නොමග යවා විනිශ්කාශනය කරගත්තේ නම් රජයට රුපියල් කෝටි හයකට අධික තීරු බදු ආදායමක් අහිමිවීමට ඉඩ තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම නිමිඇඳුම් තොගය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බහලුම් දෙකක තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් උඳු කිලෝග්‍රෑම් 12,688 තොගයක්ද භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීබලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 15 ක නිමි ඇඳුම් රේගු භාරයට